අප
දේශීය සටන් කලාවේ ඉතිහාසය ලොව අන් කවර රටක සටන් ක්‍රමයකටත් වඩා දීර්ඝ
ඉතිහාසයකට හිමිකම් කියන බව අපට ආඩම්බරයෙන් පැවසිය හැක. අංගං නමින් හඳුන්වා
ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන්
අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන්
පරම්පරාවට ලබාදෙනු ලැබීය.1815දී උඩරට
ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට සිහලය අයත් වීමෙන් පසු අංගං ශිල්පයට උදා වූයේ අසුබ
කල දවසකි. ඉංග්‍රීසි පාලනය අංගං ශිල්පයට භාවිත කරන අවි ආයුධ සහ ශිල්පය
පුහුණු කරවීමද තහනම් කරන අතර එසේ කළහොත් මරණිය ද්ණ්ඩනය පමුණුවන නියෝගද
පනවනු ලැබීය. මේ මර්දනය හමුවේ අංගම් ශිල්පීන් රහසිගතවන අතර තමන් ශිල්පය
පුහුණු වූ අංගං මඩු ඉංග්‍රීසීන් ගිණිබත් කළ නිසා අතිශය රහසිගතව වන ගතව තම
පරම්පරාවට පමණක් ශිල්පය ලබා දීමට කටයුත කලහ . එකල ලක් දෙරණේ දීප්තිමත්ව
බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්ප්‍රදායේ අදටත්
තැන තැන ශේෂවූ නටබුන් දැකගත හැකිය. මෙහි දැක්වෙන්නේ බටහිරයන්ට එරෙහි
සටන්වලදී ප්‍රදර්ශනයවූ අංගම් කලාවේ වික්‍රමයන් ගැන ඉතිහාස පොතපත දැක්වූ
කරුනුය.
සිංහලයේ විශිෂ්ටතම රණ ශූරයන් හා ගැටුණු ලොව දරුණුතම වර්ගයේ ආක්‍රමණිකයින් එක් දහස් හය සියයක් එකම ස්ථානයකදී පරාජය කරමින් මුල්ලේරියා වෙල ලෙයින් නැහැවූ එය යුද යජග්‍රහණය "රාජවලියෙහි"ඉතා පැහැදිලිව පහත පරිදි දැක්වේ.
"වික‍්‍රමසිංහ මුදලින් - බිඳී ගිය සැටි රාජසිංහ රජු දැකලා වම - දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා - දොළහ හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන් ද ඇරලා රාජසිංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා කළ ප‍්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ. පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය. විජේසුන්දර බාගෙන් ඓරාවණයා කියන ඇතා පළිසකුත් දම්වැලකුත් ගතීය. රාජසිංහ රජු අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප‍්‍රතිකාලූන්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ප‍්‍රතාකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප‍්‍රතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප‍්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසියයක් ප‍්‍රතිකානුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුණාහ. "
මෙයට අමතරව පෝල් ඊ පීරිස් මහතා ලියූ පෘතුගීසි යුගය නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.
"කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප්‍රවීණ ඉලංගක්කරුවෝද ඉලංගං සටන් පුහුණු වූ පනික්කි සටන්කරුවෝද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වූහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප්‍රහායක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේස ගංගාවෙක් ගලා ගිය අතර දරුණු සංහාරයක් සිදු විය."
සීතාවක උරුමය - පිලිප් ගුණවර්ධන
"කඩුවෙල සංකපිට්ටි විහාර දේවාලයේහි අද දක්වා අවුරුදු පතා පවත්වනු ලබන හෙල පෙරහැර මංගල්‍යයේදී කපුරාලගේ වාහල නැටුම රාජසිංහයන්ගේ රණකෙලි සිහිපත් කිරීමට පවත්වනු ලබන්නකි. කඩුවෙල රක්ගහවත්ත හේවාගම ආදී තැන්වල බලකොටු ගොඩනගා සීතාවක සතුරු මාර්ග අවහිර කළහ. සතුරා එන මග දැනගැනීමට කඩුවෙල කොරතොට බැලුම්ගල මුදුනේ ආරක්ෂක බටයන් යෙදවීය."
පෘතුගීසි යුගය - පෝල් සීරිස්
"මේ අවස්ථාවේදී රාජසිංහ පෞද්ගලිකවම අණදීම භාරගත්තේ ය. ප්‍රවීණ ඉලංක්කරුවෝද ඉලංගම් සටන් පුහුණුවූ පනික්කි සටන් කරුවෝද ඇත් අස හමුදාවලින් ද අතුරුගිරිය කෝරලෙන් සහ කොරතොටින් පැමිණි ධීර වීර සෙබළුන් ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහරදීමට වූහ. රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයන් එල්ලකර අතර කොරතොට හා හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදුවිය."
සීතාවක පුර යුගය-
"පැරණි මායා රට අයත් වූ හේවාගම් කෝරලයේ ආරෝහ පරිනාහ දේහයෙන් හෙබි එඩිතර පුරුෂයන් බිහිවූ තෝතැන්නකි. රාජසිංහ වැනි ශේෂ්ඨ නාරවිරුවෙන් සමග එකතු වී පෘතුගීසීන් විනාශ කළ ජාතික සටනේ වීර සෙබළුන්ගෙන් පැවත එන්නන් හේවගම් කෝරලයේ පැතිරී සිටියහ. හේවා ඉන්න, හේවාගම, කඩුවෙල, ගිරා ඊඹුල, දැඩිගමුව, කොරතොට, රනාල, අතුරුගිරිය යන ගම්මේ වීරෝධාර ඉතිහාසය කැටිකොට දක්වයි. මේ හේවාගම් කෝරලයේ හැම බිම් අගලකම අධිරාජ්‍යවාදී සටනට උරදුන් ජනතාවගේ ස්වාධිපත්‍ය අගය කරමින් ජීවිතය පූජා කළ අප මුතුන් මිත්තන්ගේ ලෙයින් සම් ඇට කඩු කන් ද උඩරටින් දෝදාගෙන ආ සාරවත් පස්තලාවන් යට සැනසිල්ලේ නිදන්ගතව ඇත. එම ඇටකටු සාරවත් පස තවතවත් පෝෂණය කරනු ඇත. "
සිංහල ත්‍රාසජනක ක්‍රීඩා: දැරණියගල
"සිංහලයාගේ කඩු හරඹ අන්තිම වතාවට ප්‍රදර්ශනය කරනලද්දේ ඉන්ග්‍රීසින්ට රට අත්වීමෙන් අවුරුදු 5 කට පමණ පසු මහනුවර යුද්ධාංගන වලදීය . කඩුශිල්ප සූරයෙකු වසයෙන් සුපිරිසුදු බිහිරි ගති ඇති ගලගොඩ රටේ මහත්මයාට ද්වන්ද යුද්ධයකට එනලෙස ඉංගීසි කපිතාන් කෙනෙකු විසින් අභියෝගයක් කළ බව කියවේ . පාත හේවාහැටේ හේවාවිස්ස වෙලේදී දෙදෙනා හමුවිය. දියකච්චියක් ඇද කඩුව හා පළිහ ගෙන ගලගොඩ පොර පිටියට ආ අතර ඉංගීසි ජාතිකයා කලිසමක් හා කලිසමකින් සැරසී එහි ආවේය. සටන ඇරඹීමට පෙරාතුව කතිර සිටින සේ ඉරි දෙකක් ඇද ගලගොඩ ඉරිකැපෙන ස්ථානයේ සිට ගත හැකිනම් තමා සිටිතැනින් ඉවත්කරන්නැයි සිය පස මිතුරාට වහසිබස් කියමිනි.ඉංගීසි ජාතිකයාගේ කඩුව විදුලිකොටන්නාක් මෙන් ගලගොඩගේ කඩු තලයත් පලිසත් මත හෙලෙන්නට පටන්ගත් නමුත් ඔහු එතැනින් සොලවන්නට බැරිවිය. නමුත් තමාගේ වාරය පැමිණිවිට 'ඉංග්‍රීසි කරුව රැකවල් ගනුව' යැයි නැවතත් වහසි බැන පහර දෙන්නට පටන්ගත්තේ නොබෝ වේලාවකින් කෝප වූ ඉංග්‍රීසි සෙනෙවි අත ඉතිරීවූයේ තලය සුන් අසිපත් මිට පමනි ....."
අවසාන වශයෙන්, එකල ලංකාවේ පලමු යටත් විජිත ලේකම් වරයාවූ හියුක්ලෙග්හෝන් සිංහල සටන් ශූරයන් ගැන තම ලිපියක දැක්වූ සටහනක් ගෙනහැරපෑම වටී..
"ඔව්න් ඉක්මනින් වෙහෙසට පත් නොවන සුලු , කඩිසරවූත් ක්‍රියාශිලී වුත් පිරිසකි. ඒ බව ඕලන්දයින් තමන් මහත් අවාසි විදීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තකි . ඔවූහු එකිනෙකාගේ හිසට උඩින් පනිමින් මහත් ජවසම්පන්නව කරන ක්‍රියා නැරඹිමට පවා විශ්මය ජනකය .විශ්වාස දායක ලෙස දැනගන්නනට ලැබුණු පරිදි ඔවූහු රණබිමෙහිදී සෙබළුන් තුන්දෙනෙකුගේ හිස්වලටත් ඉහලින් පැන කලින් අදහස් කරගත් සතුරාගේ හිස එකවරම කපා තම සෙන්පතියා වෙත සැනෙන් රැගෙන එති...."
ඔබ එහෙවු ජාතියකින් ජන්මය ලද්දෙකි.

අඬහැරය - 2013/01/29
අපගේ Facebook පිටුව සමග එකතු වන්න - https://www.facebook.com/adaharaya.lk
No comments:
Post a Comment