මුහුණුපොතේ
හා වෙනත් සමාජ ජාලවල වෙබ් පිටුවල ඇති යම් යම් දෑ පිලිබඳ ප්‍රේක්ෂක අදහස්
දක්වමින් කොමෙන්ටු පලකිරීම අදවන විට ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබේ.මීට
වසර එක්දහස් පන්සියයකට පමන පෙර සිට කොමෙන්ටු දැමීමේ කලාව ලංකාව තුල
ජනප්රියවී තිබුන බව කියුව හොත් ඔබ පුදුමයට පත්වනු ඇත.සීගිරි ලෝප්‍රකට
සීගිරි බිතුසිතුවම් වල වූ නාරි ලාලිත්‍ය අලලා කැටපත් පවුර මත සටහන්වූ
කුරුටු ගී මෙයට කදිම නිදසුනකි.වෙනත් කිසිදු ශිශ්ඨාචරයක්වත් නොවූ අයුරින්
ලාංකීය සාමාන්‍ය ජන ප්‍රජාව තුල තිබූ ඉහල සාක්ශරතාවය,කවීත්වය මෙන්ම
විනෝදකාමී හා නිදහස් ජීවන රටාව පිලිබඳව හෙලිකරන සුප්‍රකට සීගිරි කොමෙන්ටු
(කුරුටුගී) කිහිපයකි මේ..
1.
නිල් ක(ට්)රොළ් මලෙකැ ඇවුණු
වැට්කොළ් මල සෙයි
මහනෙල් වන හයි රන්වන හුන්
(රන්වන් යුවතිය හා සිටින මානෙල් පැහැ යුවතිය නිල් කටරොළු මලක් හා දැවටුණු වැටකොළු මලක් සේය.)
2. කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
ඒ බොන්ද මියුර් යහ බැසී
එක පල් දල වන් දිගැසී
මන ජල්වයි සිත් නොමුසී
(ඇගේ සිනහව කොමඩු ගෙඩියක ඇට පෙළක් වැනිය. ඇගේ බස එහි මද මෙන් මියුරුය. ඇගේ නෙත් කපා ගත් කොමඩු තීරුවක් වැනිය. ඇය සිත් දල්වයි)
3. සුනිල් බැම තනහස් මිහිතළ ඉඟත් පළමුව
කළවත් තොල් සැබැවින රැපැ සිරි ඔත්වනින් යොමුව
(නිල්වන් ඇහිබැම, හසුන්වන් පියයුරු, සිහින් ඉඟ, කොරල් පැහැ තොල්.. මේ හැමකෙනෙකු ඉදිරියේ සිරිකත පහන් වූ බවක් උසුලයි)
කැටපත් පවුරට ලියා ඇති කවි වලින් හඳුනාගෙන ඇති පරිදි ස්ත්රින් සත්දෙනෙකු කවි ලියා ඇත. ඔවුන් නම් වශයෙන් ගත් කල පහත පරිදි වේ.
දේවා හෙවත් මහමත අඹු - 152 කවිය
දයාල් බතී - 122 කවිය
නාල් - 543 කවිය
සෙත් බතී - 400 කවිය
ණිදලු මිහිදී අඹු - 41 කවිය
සෙවි කලී - 247 කවිය
සෙලු අඹු - 681 කවිය
අතීත ලංකාවේ ස්ත්‍රිය උගත් හා නිදහස් භූමිකාවක් රඟදැක්වූ බවට ළඳුන් විසින්ම ලියූ මේ ගී කදිම සාක්ශියකි..
මහමත් අම්බු දෙවාමි,
මන මෙසි නැගි බෙයන්ද්හි ලොරැසි යොවනක් මැයි,
අති මුතු වැල ගත බැලුමැ සෙපත අපහය ගත.
මුව ඇස් ඇති සීගිරි රූමතියන් මා තුල කෝපය ඇතිකරවයි.
මුතු වැලක් අතින් ගත් ඈ ඒතරම් රූමත්ය,
ඇය අප හා රූපයට තරඟ වැදී ඇත.
(152 කවිය - දේවා හෙවත් මහමත අඹු )
මහනෙලබර වරල ගෙල හුණු පිහිරල රසන්,
ඇදිනි තමා මෙබැලුම වෙනක වී අප නුයුනග තා.
මහනෙල් මලින් ගැවසුන ඔබේ වරලස ද
ඔබේ ඇස්කොන් බැල්මද අප හා තරඟ කරයි..
(41 කවිය - ණිදලු මිහිදඹු)
අඬහැරය - 2013/01/30
අපගේ Facebook පිටුව සමග එකතු වන්න - https://www.facebook.com/adaharaya.lk
No comments:
Post a Comment