ජයග්රහණය
නොව සහභාගිත්වය ක්රීඩාවේ උතුම්ම පරමාදර්ශය බව ලොවට පසක් කල දිගු දුර ධාවන
ශුරයෙකු වූ ආර් .ජේ .කේ .කරුණානන්ද පරාජය තුලින් ජයග්රහණයෙන් ලබන
කීර්තියට වඩා වැඩි කීර්තියක් අත්කර ගත් බව නොරහසකි.
ක්රීඩා ලෝලීන් රණතුංග කරුණානන්ද නමින් හැදින් වූ ඔහු එකල (1962) මීටර් 5000(පිරිමි) ජාතික ශුරයා ලෙස කිරුළු පැළදිය.
යුධ හමුදාවේ සේවය කල කරුණානන්ද එතෙක් ඉන්දීය ක්රීඩකයකු සතුව තිබු මීටර් 10 000(පිරිමි) ජාතික වාර්තාව ශ්රී ලාංකික ක්රීඩකයෙකුට සතු කර දෙමින් එහි නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය .ඔහු පරාජය තුලින් ලොව පුරා කිර්තිය ලද අතර 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 10 000(පිරිමි) ඉසව්වෙන් 29 වන ස්ථානය ලද්දේ වට තුනක් ක්රීඩාංගනයේ හුදෙකලාව දිව යමිනි .
ඔහු තරගය නිමා කරන විට ක්රීඩාංගනයේ ප්රේක්ෂක ජනතාව අසුන් වලින් නැගිට ඔහුට දැක්වූ ගෞරවය සහ ආචාරය ගැන ලංකාවේ පළමු ක්රීඩා ඇමති වී .පි .සුගතදාස මහතා ප්රකාශ කර සිටියේ ඩොලර් දහස් ගණනක් වැය කොටවත් ලබා දිය නොහැකි වූ ගෞරවයක් මේ පුංචි ක්රීඩකයා ශ්රී ලංකාවට ලබා දුන් බවයි
වසර 1968 දක්වා මීටර් 5000 සහ 10 000 යන ඉසව් දෙකෙන්ම දස්කම් දැක්වූ කරුණානන්ද 38 හැවිදිරි වියේදීම ක්රීඩාවෙන් පමණක් නොව දිවියෙන්ද සමුගත්තේය .ඒ 1974 වසරේ අම්පාරේදී හදිසි අනතුරකට ලක් වීම නිසයි .
(විජය පුවත්පතේ පල වූ ලිපියක් ඇසුරෙනි )
අඬහැරය - 2013/01/31
අපගේ Facebook පිටුව සමග එකතු වන්න - https://www.facebook.com/adaharaya.lk
No comments:
Post a Comment