අනගාරික
ධර්මපාල, බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර, එෆ්. ආර්. සේනානායක, ඩී. බී
ජයතිලක, පියදාස සිරිසේන වැනි සමකාලීන ජාතික වීරවරයන් සමග නිදහස් සටනට
පුරෝගාමීව ක්‍රියා කළ ආතර් වී දියෙස් මහතා අමද්‍යප සටනේ පුරෝගාමී
නායකයෙකි.එතුමා බුදු සමයට පුනර්ජීවය දුන්, හෙළ බස, හෙළ සිරිතට පණ දුන්, අප
රට පරගැති බවෙන් නිදහස් කරගැනීමට ක්‍රියා කළ අසාහය නායකයෙකි.
එතුමා ආනන්ද, නාලන්ද,විශාකා, ධර්මරාජ, මහින්ද, ශ්‍රී සුමංගල, ධර්මාශෝක, අනුලා වැනි විද්‍යාල ආරම්භ කොට සිංහල බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට තම ධනයත් ශ්‍රමයත් වැය කළේය. බෞද්ධ අධ්‍යාපනය පිළිබද ඉතිහාසය තුල තනි පුද්ගලයෙකු කළ විශාලතම පරිත්‍යාගය ලෙස සඳහන් වන කොළඹ වජිර පාරේ විශාකා විද්‍යාලය එතුමන්ගේ මග පෙන්වීම යටතේ එතුමන්ගේ මෑණියන් විසින් ස්වකීය තනි වියදමින් මිලදීගෙන ගොඩ නගන ලද්දකි.
එකල කොස් ඉබේ පැලවෙන ගසක් මිස වවන ගසක් ලෙස සංකල්පයක් නොවීය.සුද්දන්ගේ වතු වගා සංකල්පය යටතේ කොස් ගස් කපා දැමිණ. නැවතත් ලෝක යුද්දයක් ඇති වුවහොත් සිදුවිය හැකි අහේනිය දුටු එතුමා කොස් පමණක් නොව වෙනත් පළතුරුද, එළවලුද රට පුරා වගා කළේය. පාරවල් දෙපස කොස් වගා කළේය, මිනිසුන්ට තැපෑලෙන් කොස් ඇට පාර්සල් ලබා දීමට කටයුතු කළේය, ආනන්ද විද්‍යාලයේ සංවර්ධන අරමුදලට විකිණූ කොඩිය සමග පවා කොස් ඇටයක් ලබා දීමට කටයුතු කළේය.
කොස්ගම, කොස්ලන්ද, කොස්වත්ත, කොස්ගොඩ වැනි ගම්වල නැවතත් කොස් වගා කළේය."මුත්තෝ වැව්වෝ, අපි කපනවෝ" වැනි සිතට කාවදින පාඨ බැනර් වල ප්‍රදර්ශනය විය.කොස් ගස් කැපීම තහනම් කරවූයේය. එතුමා රට පුරාම මහා වගා සංග්‍රාමයක් දියත් කළේය.දෙවන ලෝක යුද්ධ සමයේ පිටරටින් හාල්, පිටි හා අනෙක් ආහාර ආනයනය ඇනහිටියේය, නමුත් දියෙස් මහතාට පින් සිදු වන්නට අපේ රටට උග්‍ර සාගතයක් වූයේ නම් නැත.
සිංහලයාට සිංහල ආහාරයක් වූ කොස් ඉතාමත් රසවත් ලෙස, කොස් ඇට, කොස් ගැට, බාගෙට පැහුණු කොස්, ඉදුණු කොස් ලෙසද ආහාරයට ගත හැකිය, කරුණු එසේ වුවද අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ රටේ ජනතාව පෝෂණය කළ කොස් ඇතැමුන්ට ගොඩේ කෑමක් ලෙස පෙනීම නම් කණගාටුවට කරුණකි.
අඬහැරය - 2013/02/11

No comments:
Post a Comment