කටේ කිරි සුවද යන්නට පවා බැරි වුනා
යුදට උපන් කුමාරයයි නමක් ඇති වුනා
මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුනා
පෘතුගීසි ආධිපත්යෙන් රට දැය මුදා ගැනීම සදහා ස්වදේශිකයන් ගෙන ගිය අරගලයේදී මායාදුන්නේ රජු කල කාර්ය භාරය සුළු පටු එකක් නොවිය .කෝට්ටේ පෘතුගීසි පාලන බල ප්‍රදේශයට ආසන්නම සිංහල රාජ්‍යයක් වූ සීතාවක රාජ්‍යයේ පාලකයා වෙමින් ප්‍රබල පෘතුගීසි අධිරාජ්‍යට අභියෝග කල මායාදුන්නේ රජුට දේශප්‍රේමී සිංහලයන්ගේ සහයෝගයද නිරතුරුවම ලැබිණි .පෘතුගීසි ආක්‍රමණිකයා පලවා හරින්නට මායාදුන්නේ රජු ගත් උත්සාහයට මෙරට සංඝ පිතෘ වහන්සේලාගේද නොමද සහය ලැබිණි .
එවකට සිංහල බෞද්ධයන් විසින් අසමාන භක්තියකින් මහා රහතන් වහන්සේ නමක් ලෙසට සලකන ලද "බුද්ධ වංස " නම් මහා තෙරනු නමක් මෙරට සංඝ පිතෘ වහන්සේලා ඒක රාශි කොට රට දැය සමය බුදු දහම මුහුණ පා ඇති බේද ජනක තත්වයන් පැහැදිලි කරමින් කල දේශනාවන්ගෙන් බොහෝ භික්ෂුන් වහන්සේලා රට සුරැකීමට දිවි හිමියෙන් පොරොන්දු වූ බව ඉතිහාසය කියයි .
එම ප්‍රබෝධය මතින් කෝට්ටේ රාජ්‍යයට ඇතුළු වූ භික්ෂුන් වහන්සේලා එහි සිටි සිංහලයන්ට උද්ගත වී ඇති තත්වය අවබෝධ කර දීම හේතුකොටගෙන 1557 ජුනි මාසයේ දී පෘතුගීසින්ට එරෙහිව දරුණු කැරැල්ලක් ඇති විය .එහෙත් තම හමුදා ශක්තිය යොදා ගනිමින් කැරැල්ල මැඩ පැවැත්වූ පෘතුගීසින් එයට පලි ගැනීමක් ලෙස භික්ෂුන් වහන්සේලා 30 නමක් ඝාතනය කළහ .කෙසේ වුවද බුද්ධ වංස හිමියන් විසින් සිය දේශන මගින් සිංහලයා තුල දේශානුරාගී හැගීම් ඇති කිරීම හේතුවෙන් දිවි පුදා හෝ මවුබිම රකින්නට කැපවූ සිංහල දේශප්‍රේමින් පිරිසක් බිහිකරන්නට මායාදුන්නේ රජුට අවස්ථාව ලැබුණි .
බුද්ධ වංස හිමියන් විසින් සීතාවක රාජධානියේ ඇති කළ දේශානුරාගී හැගීම හේතුකොටගෙන උද්ගතවිය හැකි තත්වය පිලිබදව කෝට්ටේ රාජ්‍ය තුල නොයෙක් ආකාරයේ සාකච්ඡ පැවැත්විණි .
මෙම නැගී සිටීම අනාගත ව්‍යසනයක පෙර නිමිත්තක් බව අවබෝධ කර ගත් පෘතුගීසීහු කෝට්ටේ ආරක්ෂාව තර කර සීතාවක රාජධානිය ආක්‍රමණය සදහා කටයුතු සම්පාදනය කරන්නට විය .
එහෙත් පෘතුගීසීන්ගේ අභිප්‍රාය වටහා ගත් මායාදුන්නේ රජු සිය පුත් ටිකිරි බණ්ඩාර හා පනාපිටිය මුදලි ඇතුළු සිංහල හෙවපන්නයන් රැගෙන ගොස් කෝට්ටේ නගරය තුන් පැත්තකින් වටලනු ලැබිය .
කෝට්ටේ ධර්මපාල ප්‍රමුඛ පෘතුගීසි පාලකයන්ට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරමින් පෘතුගීසීන්ගේ බලය කෝට්ටේ රාජ්‍ය තුලට සිමා කරමින් මායාදුන්නේ රජු පෘතුගීසීන්ගේ යැපීම් මාර්ග අවහිර කල සටන හේතුවෙන් ඔවුනට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන්නට සිදු විය .එකල කෝට්ටේ රාජ්‍ය තුල දැඩි අහාර හිගයක් පැවති බවද පැවසේ .
සිංහල සේනාංකවල ප්‍රහාර හමුවේ අන්ත අසරණ තත්වයට පත්ව සිටි පෘතුගීසි හමුදා පරාජය පෙනී පෙනී සිටියද අපොන්සු පෙරෙයිරා ද ලසරදා නම් පෘතුගීසි කපිතාන්වරයා යටතේ ගොවෙන් ලැබුණු යුධ ආධාර හේතුවෙන් සීතාවක හමුදා කඩුවෙල තෙක් පසු බස්සවන්නට සමත් විය .
මෙම සටනේදී පනාපිටිය මුදලි මරු මුවට පත් වීම සිංහල සේනාංකවල පසුබැස්මට මුලික හේතුව වුවාට සැක නැත .මායාදුන්නේ හා ටිකිරි කුමරුගේ මෙම පසු බැස්ම තාවකාලික එකක් විය හැකි බව වටහාගත් ධර්මපාල රජු සිය වාසස්ථානය කෝට්ටේ සිට කැලණිය වෙත ගෙන ගියේය .1557 සිට 1562 දක්වා සීතාවක සහ කෝට්ටේ අතර මෙලෙස සටන් කිහිපයක් පැවතියද පෘතුගීසින් හා සිංහල රණකාමීන් අතර බිහිසුණුම සටන සිදු වුයේ මුල්ලේරියාවේදීය. 1562 වර්ෂයේ එක්තරා දිනක පෘතුගීසින් හා සටන් පිණිස ටිකිරි කුමරු හා වික්‍රමසිංහ මුදලි සමග ගමන් ගත් සිංහල සේනාංක සිය ප්‍රථම යුධ කදවුර ඉදිකළේ මුල්ලේරියා වේය.
මායාදුන්නේ රජුගේ අභිප්‍රාය වුයේ කොලබ සහ කෝට්ටේ එක වර වැටලිමය .සීතාවක බල සේනාවන්ගේ සම්ප්‍රාප්තිය සැල වූ පෘතුගීසින් හා ධර්මපාල රජු සිය බල ඇණි වහ වහා සීතාවක සේනාංක වලට මුහුණ දීම සදහා පෙරමගට එවිය .
මුල්ලේරියාවේ කදවුරු බැද සිටි සීතාවක හේවා පන්නයන් හා පෘතුගීසින් අතර ප්‍රථම ගැටුම සිදුවුයේ මුල්ලේරියා වෙල අසලදීය .මුල්ලේරියා වෙලේදී කාලතුවක්කු රැගත් එක්දහස් හය සියයක බලගතු පෘතුගීසි සේනාංකයක් හා ගැටෙනට ටිකිරි කුමරු ප්‍රමුඛ සීතාවක රණ ශුරයන්ට සිදු විය .මෙලෙස දින කීපයක් තිස්සේ ඇවිලී ගිය යුධ ගැටුම් වලින් දෙපාර්ශවයටම බරපතල හානි සිදු වෙමින් පැවතිණි .මුල්ලේරියාවේ ගැටුම්කාරී තත්වය උග්‍ර අතට හැරෙමින් තිබියදී සීතාවක පෙදෙසට නන් දෙසින් එක් රැස් වූ රණකාමී සිංහල යෞවනයන් රණබිම කරා යන්නට මායාදුන්නේ රජුගෙන් අණ ලැබෙන තුරු බලා සිටියේය .සීතාවක රාජ්‍යට අයත් අංගම්මඩු ,ඉලන්ගම්මඩු වලින් මෙම යෞවනයන්ට විවිධ යුධ ශිල්ප පුහුණු කෙරිණි .
මායාදුන්නේ රජු විසින් මුල්ලේරියා වෙලේ කදවුරු බැද සිටි ටිකිරි කුමරු වෙත නව සේනාංකයක් යවන ලද්දේ මෙම රණකාමී යෞවනයන් ද යොදා ගනිමිනි .සිතාවකින් ලැබුණු නව සිංහල සේනාංකයේ සම්ප්‍රාප්තියත් සමග මුල්ලේරියා වෙලේ පෘතුගීසින් හා සටන පැය 16 එක දිගට පවත්වාගෙන යමින් පෘතුගීසි බල ඇණිය සමුල ඝාතනය කරන්නට ටිකිරි කුමරුට හැකියාව ලැබිණි .හතර අතින් පෘතුගීසි හේවා පන්නයන් වැටලු සීතාවක හමුදා මුල්ලේරියා වෙල පෘතුගීසි ලෙයින් රත් පැහැ ගැන්වූ බව සිංහල සටන් ඉතිහාසය කියයි .එදා මුළු ලොවම තම අණසකට නතුකරගන්නට ක්‍රියාකරමින් සිටි පෘතුගීසින් ප්‍රථම වතාවට දකුණු ආසියාවේදී ප්‍රබල ප්‍රහාරයකට ලක්වන්නට සිදු වුයේ නැත්නම් සමුල ඝාතනයකට ගොදුරුවන්නට සිදු වුයේ මේ පුංචි දිවයිනේ දී වීම විශේෂත්වයකි .මුල්ලේරියා සටන වැදගත් වන්නේද එම හේතුව නිසාවෙනි .
එවකට යුධ ශක්තිය අතින් ලෝකයේ ප්‍රධානතම බලවේගය බවට පත්ව සිටි පෘතුගීසින්ට සිය පරාජය වසාගන්නට කලේ මෙවන් ප්‍රකාශයකි "අප පරාජය වුයේ මහා ඇලෙක්සැන්ඩර් ,ඇනිබාල් හෝ ජුලියස් සීසර් වැනි රණ ශුරයෙකුටයි නොඑසේනම් ඊටත් වඩා බලගතු පුද්ගලයෙකුටයි "
අපගේ Facebook පිටුව සමග එකතු වන්න - https://www.facebook.com/adaharaya.lk
යුදට උපන් කුමාරයයි නමක් ඇති වුනා
මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුනා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුනා
පුජනිය
මවුබිමේ නිදහස වෙනුවෙන් සිංහල අසිපත් ලෙල දෙමින් තිබිණ .දේශානුරාගයෙන්
ජාතිකාභිමානයෙන් ඔද වැඩුණු සිංහල හදවත් එක හඩින් සපථ කර සිටියේ ලෙයින් පුදා
හෝ මවුබිම රකින්නෙමු යන්නය .
නිදහසේ කාහල නදින් සීතාවක රාජධානිය උත්සවයක සිරි ගත්තේය .
කඩු , තෝමර , වේලායුධ, පාරා වළලු ආදියෙන් සන්නද්ධව සිටි භට කණ්ඩායම් සටන් පෙරමුණට යාමට අණ ලැබෙන තුරු සීරුවෙන් සිටියේය .
ඒ 1562 වර්ෂයයි .......................
ධර්මපාල රජු හෙවත් දොන් ජුවන් පෙරිය බණ්ඩාර ගේ රාජ්‍ය පාලන සමය ( 1551 - 1597 ) සිංහලයාට කිසිම අයුරකින් හිතකර එකක් නොවිය .පෘතුගීසින් අත නැටවෙන රූකඩයක් බවට පත්ව සිටි ධර්මපාල කුමරු රාජ්‍යත්වයට පත්වීම පෘතුගීසි අභිප්ප්‍රායයන් මස්තකප්‍රාප්ත කරන්නක් වුවද සිංහලයාගේ නිදහස් අරගලයට එය හිතකර තත්වයක් ගෙන නොදුන්නේය .

අඬහැරය - 2013/01/30

No comments:
Post a Comment