මිලිඳු නාගසේන සදහම් සංවාද - 01
(සරල සිංහලෙන්)
බෙල්ලන්විල රාජමහා විහාරවාසී
ශාස්‌ත්‍රපති පූජ්‍ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි
මිලිඳු රජ - හිමියනි නාගසේනයන් වහන්ස, දේවදත්ත පැවිදි කරවූයේ කවුරුන් විසින්ද?
නාගසේන හිමි - මහරජතුමනි භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිමිබිල, දේවදත්ත යන ශාඛ්‍ය කුමාරවරු සය දෙනා සහ උපාලි කරණවෑමියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි කරවා වදාළ සේක.
මිලිඳු රජ - හිමියනි දෙව්දත් තෙරුන් සංඝභේදය සිදුකරන්නට යෙදුනා නේද?
නාගසේන හිමි - මහරජ දෙව්දත් තෙරුන්වහන්සේ සංඝභේදය සිදු කරන ලද්දේය. සංඝභේදය වනාහි මහරජතුමනි ගිහියන්ට කළ හැක්‌කක් නොවේ. එය කළ හැක්‌කේ සමානසංවාසික, එක් සීමාවක වූ ප්‍රකෘති සංඝයා අතරින් භික්‌ෂුවකට පමණි.

මිලිඳු රජ - හිමියනි සංඝභේදය කලාවූ පුද්ගලයා කෙබඳු කර්ම විපාකයන්ට
බඳුන්වේද? තවද හිමියනි දෙව්දත් තෙමේ පැවිදිව සංඝයා භේදකොට නිරයේ පැසෙන බව
බුදුරජාණන් වහන්සේ දත් සේක්‌ද?
නාගසේන හිමි - එසේය මහරජ දෙව්දත් තෙරුන් සංඝයා භේදකොට නිරයෙහි දුක් විඳින බවත් තථාගතයන් වහන්සේ දනිති.
මිලිඳු රජ - හිමියනි දේවදත්ත පැවිදිව සංඝයා භේදකොට නිරයෙහි පැසෙන බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක් නම්, උන්වහන්සේ සියලු සත්වගට මහාකාරුණික, අනුකම්පා සහගත, හිතෛෂී මෙන්ම සියලු සත්වයන්ගේ අයහපත දුරුකොට යහපත සළසන සේක යෑයි කියන කියමන සත්‍ය නොවෙයි. යම් හෙයකින් දෙව්දත් සංඝයා භේදකොට නිරයෙහි පැසෙන බව නොදැන ඔහු පැවිදි කර වූයේ නම් බුදුරජාණන් වහන්සේ සර්වඥ නොවෙති. මේ උභතෝකෝටික පැනය (තථාගතයන්වහන්සේ මහාකාරුණික නම් සර්වඥ නොවේ සර්වඥ නම් මහාකාරුණික නොවේ) නුඹ වහන්සේ විසින්ම විසඳා වදාළ මැනවි. එය අනාගතයේ නුඹ වහන්සේ තරම් බුද්ධියෙන් සමනොවූ භික්‌ෂූන්ටද ප්‍රයෝජනවත් වනු ඇත.
නාගසේන හිමි - රජතුමනි භාග්‍යවතුන්වහන්සේ සර්වඥය, මහාකාරුණිකය, උන්වහන්සේ සර්වඥතා ඥානයෙන් දෙවදත්තයන්ගේ ගතිය බැලීමේදී අපරාපරිය කර්ම රැස්‌කර අනේක කල්ප කෝටි සිය දහස් ගණනාවක් නිරාදුක් විඳීමට යන බව දැක වදාළහ. පෙරත් කෙළවරක් නොමැතිව කරන ලද කර්ම පැවිදිවීම නිසා කෙළවරක් වන බව දැක දෙව්දතුන් පැවිදි කර වදාළ සේක
මිලිඳු රජ - හිමියනි සත්ත්වයන්ට වදදී පසුව ඇඟ තෙල් ගාන්නා සේ, ප්‍රපාතයට හෙළා පසුව ගොඩ නගින්නට අතදෙන්නා සේ, මරාදමා පසුව ජීවිතය සොයන්නා සේ තථාගතයන්වහන්සේ පළමුව දුක් උපදවා පසුව සැප උපදවනා සේක.
නාගසේන හිමි - එය එසේමය මහරජ එය යම්සේ දෙමාපියන් දරුවන්ගේ යහපත පිණිස දරුවන් ට දඬුවම් කොට හෝ දරුවන්ගේ යහපත සලසන්නාසේ තථාගතයන් වහන්සේද සත්වයාගේ යහපත සලසති. දෙව්දත් පැවිදි කරවූයේ ගිහි දිවියේ සිටිමින් කරන බොහෝ පාප කර්ම නිසා අනේක කල්ප සිය දහස් ගණනක් විඳිය යුතු බලවත් දුක සැහැල්ලු කරනු පිණිසය. යම් සේ මහරජතුමනි රජය විසින් කෙනෙකුට දී තිබූ දඬුවමක් ධනය හා යසසින් යුත් රාජ හිතෛෂී ඔහුගේ ඥාති හෝ හිතවතෙකු විසින් සැහැල්ලු කරවන්නට සමත්වන්නේ යම්සේද, අතිදක්‌ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් කෙනෙකුගේ දරුණු ආබාධයක් බලවත් ඖෂධයකින් අඩු කරන්නේ යම්සේද, දේවදත්තයන් කරුණාවෙන් පැවිදිකරවා බොහෝ දුක් නැමැති රෝගය සද්ධර්ම ඖෂධයේ බලයෙන් අඩුකර වදාළහ. කෙසේද, මහරජ දෙව්දත් වින්ද යුතු මහත් දුක් අල්ප බවට පැමිණවීම නිසා තථාගතයන් වහන්සේ පවකට පැමිණියේ යෑයි සිතන්නේද?
මිලිඳු රජ - නැත හිමියනි දොවන කිරිබිඳක්‌වත් තරම් පවකට බුදුපියාණන්වහන්සේ පත්වූයේ නැත.
නාගසේන හිමි - මහරජතුමනි දෙව්දත් පැවිදි කරවූ කාරණය කුමක්‌දැයි මෙම උපමාවෙන් දැනගනු මැනවි. යම් රටක රාජපුරුෂයන් විසින් සොරෙකු අල්වාගෙන රජ ඉදිරියට පමුණුවා මොහු රජයට සතුරුකම් කළේයෑයි චෝදනා කරයි. රජු ඔහුට මරණීය දණ්‌ඩනය නියම කරයි. ඉක්‌බිති ඔහු නගරයෙන් පිටතට ගෙනගොස් හිස ගසා මරාදැමීමට කල් එළඹි අවස්‌ථාවේදී එක් රාජපාක්‌ෂික බලසම්පන්න රජුගෙන් වර ලැබූ මිනිසෙක් විත් සොරා කෙරෙහි කරුණාවෙන්, වධකයන් අමතා මොහුගේ ජීවිතය රැක්‌ක මැනව. අතක් පයක් කපා දණ්‌ඩනය කරන්න. මා එය රජුට සැලකරනෙමි යි කියා මරණ දඬුවම අත පය කැපීම දක්‌වා ලිහිල් කරවා ගනියි. කෙසේද මහරජ එකී මිනිසා එසේ කරවීමෙන් සොරාට අනර්ථයක් කළේ යෑයි සිතන්නේද?
මිලිඳු රජ - හිමියනි සොරාට ජීවිතය දුන් මිනිසාට ඔහුගේ අතපය සිඳවීම නිසා සුලු හෝ පවක් සිදු නොවෙයි. ඒ සොරා තමා කළ දෙයකම විපාක විඳියි.
නාගසේන හිමි - එපරිද්දෙන්ම මහරජතුමනි භාග්‍යවතුන්වහන්සේ කරුණාවෙන් දෙව්දතුන් පැවිදි කර වදාළේ මෙ සසුනෙහි පැවිදි වීමෙන් දුක් කෙළවර කරගන්නා බව දන්නා නිසාවෙනි. රජතුමනි දෙව්දත් තෙරුන් මරණාසන්න අවස්‌ථාවෙ
ඉමෙහි අට්‌ඨෙහි තමග්ගපුග්ගලං - දෙවාති දේවං නරදම්ම සාර
සමන්ත චක්‌ඛුං සතපුඤ්ඤලක්‌ඛණං - පාණෙහි බුද්ධං සරණං උපෙමි
යනාදී වශයෙන් බුදුන් සරණ ගියහ මේ කල්පය කොටස් සයකට බෙදා ඉන් පළමු කොටස ගෙවී ගිය කල්හි දෙව්දත් තෙරුන් සංඝ භේදය කළේය. දෙව්දත් නිරයෙහි දුක් විඳිය යුත්තේ ඉතිරි කොටස් පහ පමණි. අනතුරුව නිරයෙන් මිදී සට්‌ඨස්‌සර නමින් පසේ බුදුබව ලබයි. කෙසේද? මහරජ තථාගතයන් වහන්සේ දෙව්දතුන්ට කළ උපකාරය නොවටිනේද?
මිළිදු රජු - හිමියනි, නාගසේනයන් වහන්ස තථාතගයන් වහන්සේ දෙව්දත් තෙරුන්ට පසේබුදු වන්නට උපකාරී වූයේ සියලුදේ දුන්නා හා සමානවය. තවත් නොකෙරුණු දෙයක් නැත. හිමියනි.
නාගසේන හිමි - කෙසේද? මහරජ දෙව්දත් තෙරුන් සංඝභේදය කොට නිරයෙහි දුක් විදීම හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේට මදක් හෝ පව් ඇත්තේද?
මිළිඳු රජු - නැත හිමියනි දෙව්දත් තෙරුන් තමාම කළ කර්මයෙන් නිරයෙහි දුක් විඳියි. භාග්‍යවතුන් වහන්සේට මදකුත් පවක් නැත.
නාගසේන හිමි - මහරජතුමනි බුදුන්වහන්සේ දෙව්දත් පැවිදි කරවූයේ මේ හේතුව නිසාවෙනි. තවත් කාරණයක් ඇත රජතුමනි, යම්කිසි දක්‌ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් රෝගියෙකුගේ, වාපිත් ආදියෙන් හෝ විසම පැවැත්තම නිසා හටගත් සැරව පිරීගිය දුගඳ හමන කකියන කුණුමස් ඇති වණයක් දැක, එය බෙහෙතින් සෝදා කුණුමස් කපා දමා පිරිසිදු කොට බෙහෙත් ගල්වා පහසුවක් ඇති කරයි. කිමෙක්‌ද මහරජ මේ ප්‍රතිකාරයේදී ඔහුට ඇතිවන වේදනාව නිසා වෛද්‍යවරයාට පව් සිදුවේද?
මිළිඳු රජු - හිමියනි වෛද්‍යවරයා එය කරනුයේ රෝගියා කෙරෙහි හිතසුව පිණිසමය එයින් ඔහුට අවැඩක් හෝ පවක් සිදුනොවෙයි.
නාගසේන හිමි - මහ රජතුමනි බුදුන්වහන්සේ දෙව්දත් තෙරුන් කරුණාවෙන් පැවිදි කරවූයේ මේ හේතුව නිසාවෙනි. තව කරුණක් ඇත මහරජතුමනි යම්කිසි විමසිලිමත් නොවූ කෙනෙකුන් මහ මග යද්දී මාර්ගයෙහි වූ කටුවක් ඇණීමෙන් වේදනාවට පත්වෙයි. එමග යන වෙනත් මගියෙක් මේ දැක වෙනත් කටුවක ආධාරයෙන් වේදනාවෙන් ලේ ගලද්දීම ඒ කටුව ඉවත් කරයි. කෙසේද මහරජතුමනි ඔහු එසේ කළේ කටුව ඇණුනු මගියාගේ කෙරෙහි අහිතකින්ද?
මිළිඳු රජු - නැත ස්වාමීනි ඒ මගියාගේ යහපත වෙනුවෙන් ඔහු ඒ කටුව ඉවත් කළේය. එසේ නොවන්නට ඒ මගියා මරණය හෝ ඒ සමාන වෙනත් දුකකට පත්වන්නට තිබුණි. හිමියනි.
නාගසේන හිමි - ඉදින් මහරජතුමනි තථාගතයන් වහන්සේ දේවදත්ත කරුණාවෙන් පැවිදි කර වදාළේද එබන්දක් නිසාවෙනි. එසේ නොකරන්නට ඔහු තවත් කල්ප සිය දහස් ගණනක් භවයන්හි නිරයේ දුක්‌විඳියි.
මිළිඳු රජු - ස්‌වාමීනි නාගසේනයන් වහන්ස බුදුපියාණන් වහන්සේ යටිගං බලා යන දේවදත්ත උඩුගං බලා යෑවූ සේක. නොමග ගිය දේවදත්ත සුමගට ගත්සේක. ප්‍රපාතයට ඇදවැටුණු දේවදත්තට පිහිටවූ සේක ස්‌වාමීනි උපමාකථාවෙන් දුන් මේ විසඳුම ඔබවහන්සේ හැර වෙනත් අයෙකුට දැක්‌වීම අපහසුයෑයි මිලිඳු රජතෙමේ නාගසේන රහතන්වහන්සේ පැසසීය
කතා විදසුන
- දෙව්දත් පැවිදිවීම නිසා මතු වින්ඳ යුතු වූ බොහෝ අපාදුක් අවම විය.
- සංඝභේද ආනන්තරිය පාපකර්මය ගිහියන්ට කළ නොහැකිය.
- දෙව්දත් තෙරුන් වහන්සේ මතු සට්‌ඨස්‌සර නමින් පසේබුදු බවට පත්වේ.
- කොතරම් පවු කළද සදාකල් නිරයේ නොසිට කවදා හෝ දුකින් එතෙරවිය හැකිය.
- චේතනාව අනුව ක්‍රියාවක හොඳ නරක බව තීරණය කළ හැකිය.
උපුටා ගැනීම - බුදුමග (2013/07/22)
දිවයින පුවත්පත

No comments:
Post a Comment