සියළු ආගම්වලට සමානව සැළකීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට මෑතක
දී අගමැතිතුමා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් දැඩිව විවේචනය කරන ලදී. උන්වහන්සේගේ විවේචනය
විවේචන කිරීමට දැන් සමහරු පෙළැඹී ඇත. ඔවුන් පවසන්නේ හෙළ උරුමය ආගම් භේදයක්
අවුස්සා නැති ප්‍රශ්නයක් ඇති කිරීමට වෙර දරණා බවයි. දිගු කාලීන
යුද්ධයකින් බැට කා සාමයේ සුව විඳින ජාතියකට ගැටුම් තිත්ත වී ඇති බව
සැබෑවකි. නමුත් ගැටුම් ඇති කිරීමට වෙර දරන්නේ හෙළ උරුමයවත් ආගමික
නායකයින්වත් නොවේ. අගමැතිතුමන්ය.
ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ජාත්‍යන්තර ප්‍රමිතින්ගෙන් සාධාරණීකරණය වුණු
කරුණක් අගමැතිතුමන් අභියෝගයට ලක්කර ඇත. කිසිම සුළු ආගමික කණ්ඩායමක් බුදු
සසුනට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කරන මෙන් එතුමන්ගෙන් ඉල්ලූ බවට
වාර්තා වී නැත. එබැවින් දුර දිග නොබලා සිතට නැගෙන සිතුවිලි වදන් බවට
පෙරැලීමෙන් ආගමික ගැටුමක් නිර්මාණය කර ඇත්තේ අගමැතිතුමන්ය. එතුමන්ගේ එම
ප්‍රකාශය වැරදි වන්නේ ඇයිදැයි අපි දැන් විමසමු.


.jpg)










