Blogger Widgets

Saturday, November 30, 2013

පුතේ! ඔයා කොරෙක් නොවෙයි මට තාත්තෙක්

ඇට බි‍ඳෙන රෝගයෙන් පීඩා විඳිමින් මව රැක ගන්නා පුතෙක්

මේ කතාව සුරංගනා කතාවක් නම් නොවේ. අනන්ත දුක් කන්දරාවක් විඳිමින් තම දරු දෙදෙනාගේ අවසන් සුසුම් පොදත් රැක ගැනීම සඳහා වෙහෙසෙන මවකගේත්, තම මවගේ හා වැඩිමල් සොයුරියගේත් ජීවිත රැක ගැනීමට තම හැකියාවෙන් මුදල් උපයන පූර්ණ ආබාධිත තරුණයකුගේත් කතාවකි.

මව - එම්. ඒ. අයිරාංගනී

වයස - අවුරුදු හැටපහයි.

මුලින්ම අපි ඒ අයිරාංගනී අම්මාගේ කතාවට සවන් දී බලමු.
මගේ ගම කොටුවැල්ල. මම විවාහ වුණේ අවුරුදු එකොළහේදී. දෙමවුපිය කැමැත්තෙන් හොඳට මඟුල් කාලා තමයි මම බැන්දේ.

මම බැන්දේ මගේ අවැස්ස මස්සිනාව. කසාද බැඳලා ටික කාලෙකින් මට දරුවෝ ලැබුණා. දරුවෝ ලැබිලා ටික කාලෙකට පස්සේ තමයි ලෙඩ වෙන්න ගත්තේ. ඒ වෙන කොට දරුවන්ගෙ තාත්තා වැඩ කළේ උසාවියේ. රෝහල්වලට ගෙනිහිල්ලා දරුවන්ව පෙන්නුවා. දවසක් දොස්තර මහත්තයා අපේ මහත්තයට විතරක් ඇතුළට කතා කරලා කිව්වා මේ දරුවන්ට තියෙන ලෙඩේ හොඳ කරන්න බැහැ කියලා. ඊට පස්සේ ඉඳන් මහත්තයගෙ හිත නරක් වෙලා ඔළුව හොඳ නැතිව ගියා. මං දරුවොත් එක්ක ඉස්පිරිතාලවල හිටියා. දැන් මහත්තයා මැරිලා අවුරුදු දාහතක් වෙනවා. මට ඔක්කෝම දරුවෝ එකොළහක් ලැබුණා. එයින් පස් දෙනෙක්ම අවුරුදු දහඅට, පහළොව, දාසය, දාහතර වයසෙදි මැරුණා. 

Friday, October 11, 2013

ඇත් සවිය පරදන අතහැරීමේ අවිය

[මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!]

Sunday, September 29, 2013

සෝම හිමියන් වර්තමාන භික්ෂු පරපුරට ආදර්ශයක්

මහරගම සිරි වජිරඥාන ධර්මායතනවාසී
දියතලාවේ පියදස්සි හිමි

ප්‍රකට ධර්ම දේශක දියතලාවේ පියදස්සි හිමියන් සමඟ කරන ලද සාකච්ඡාවකි මේ

අති පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි
* වර්තමාන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘ ගංගොඩවිල සෝම හිමියන් අපවත් වෙලා අදට වසර අටක් ගතවෙනව. ඇත්තටම උන්වහන්සේගේ ජාතික හා ශාසනික මෙහෙය ගැන සිහිකළොත් ඔබවහන්සේට කිව හැක්කේ කුමක්ද?

සෝම හාමුදුරුවෝ කියන්නේ මහා ආලෝකයක් පතුරපු තරුවක්. උන්වහන්සේ පැවිදි උනේ අවුරුදු 25 දී. අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියනුත් අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියනුත් යටතේ පැවිදි බිමට පත්වූ ශ්‍රේෂ්ඨ යතිවරයෙක්.

උන්වහන්සේ පැවිදිවුනේ මහරගම ධර්මායතනයේදී. පැවිදි ආකල්ප අනුවම භික්ෂු ජීවිතය ගත කළ අයෙක් හැටියට සෝම හිමියන් හඳුන්වන්න පුළුවන්. බෝලවත්ත ආරණ්‍ය සේනාසනයෙන් ත්‍රිපිටක අධ්‍යාපනය ලැබුවේ. මාතලේ චේතියගිරි ආරණ්‍ය සේනාසනයෙත් මහඔය ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකත් වැඩසිටියා. 

ධර්මායතනයේ භික්ෂුන් එක්වෙලා ත්‍රිපිටක සූත්‍ර සාකච්ඡාවක් කළා. එහිදී සෝම හාමුදුරුවෝ කිව්වා මම බුද්ධගයාවේ කාලයක් භාවනා කළා. ඒ කාලයේ දී තමයි මට දහම වැටහෙන්න පටන්ගත්තේ කියලා. බුද්ධ ස්තූප පොත ලියන්න බුදු හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් ලැබුණා කිව්වා.

භික්ෂුවගේ ජීවිතයට භාවනාව අත්‍යවශ්‍යයයි. ඒක සෝම හිමියන් ප්‍රගුණ කළා. අල්පේච්ඡතාවය තිබුණා. මහඔය ආරණ්‍ය සේනාසනයේ වැඩවසන කාලයේ දී උන්වහන්සේ ළඟ තිබුණේ තුන් සිවුරයි. පාත්‍රයයි විතරයි.

Wednesday, August 7, 2013

කොළඹ මහත්තුරු නොදකින වයඹ මාරක ලෙඩේ

රජරට විශාලා මහනුවරක්‌ බවට පත් කරමින් දොරින් දොර මළ බෙර වැයෙද්දී බහුජාතික සමාගම් බූවල්ලොත් උන්ට උඩගෙඩි දෙන නිලධාරියොත් උන්ගේ මුදල් බුදින අනෙක්‌ එවුනුත් සාද සැණකෙළිවල සතුටු වූහ. කලකට පෙර විශ්විද්‍යාල ක්‍ෂෙත්‍රයේම ජාතිමාමක විද්වතුන් පිරිසක්‌ රජරටට අත් වූ මේ ආසනික්‌ ව්‍යසනය ගැන රටට හඬ නගා කීහ. එවේලේත් කෘෂි ත්‍රස්‌තයන්ගෙන් යෑපෙන තවත් පිරිසක්‌ අවලාද නැගූහ.

කෙසේ හෝ එලෙස ගංවතුරක්‌ සේ පැතිර ගිය වකුගඩු ලෙඩේ දැන් වයඹටත් පැමිණ තිබේ. කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ට මේ රට ගිලගන්නට ඉඩ හැර කෘෂි බලධාරිහුද නැලවෙති. ඒ අස්‌සේ වකුගඩු මාරයා නැගී සිටියි. ඩෙංගු ගැනත් වකුගඩු රෝගීන් ගැනත් මොනතරම් තොරතුරු එළිදරව් කළද ආණ්‌ඩුවේ බීරි අලින්ට නොඇසෙයි. එහෙත් අපි මේ කතාවත් රටට කියන්නෙමු.

මේ මොහොතේ වයඹ ඡන්ද සැණකෙළියට හායි ගගා සුදානම් වෙයි. එහෙත් වයඹ ජනතාව මුහුණ දී සිටින මේ විපත ගැන ඒ මහත්වරු කී දෙනෙක්‌ දනිත්ද?

වසර විසිපහකට පෙර දැයට අහිමි වූ ජාතික වස්‌තුව "රාජා"

දියත පතල මහනුවර ඇසළ පෙරහැරෙහි මුඛ්‍යතම අංගය දළදා පෙරහැරයි. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාල පෙරහැර සමග පෙරහැර පහකින් සමන්විත ඇසළ පෙරහැරෙහි සුවිශේෂී උත්තරීතර අංගය වන්නේ සධාතුක කරඬුව වැඩම කරවන හස්‌ති රාජයා ය. දළදා පෙරහැරේ ගමන් කරන සෙසු හස්‌තීන් අතර එම හස්‌ති රාජයා සැබැවින්ම අති විශිෂ්ට වාසනාවන්ත, පුණ්‍යවන්ත හස්‌තියකු වන්නේ ය. මෑත පෙරහැර ඉතිහාසය තුළ අඩ සිය වසරකට ආසන්න කාලයක්‌ සධාතුක කරඬුව වැඩම කරමින් උදාර මෙහෙවරක යෙදෙමින් සදානුස්‌මරණීය සිහිවටනයක්‌ තැබු කීර්තිමත් හස්‌තිරාජයා වූයේ ශ්‍රී දළදා මාලිගයෙහි රාජා හස්‌තියාය. කාලයාගේ ඇවෑමෙන් වයෝවෘද්ධ භාවය නිසාම බෙලහීන තත්ත්වයට පත්වූ රාජා හස්‌තියා අභාවයට පත්ව 2013 ජුලි මස 16 වන දිනට පුරා වසර විසිපහක්‌ සම්පූර්ණ විණි.

බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ ප්‍රථම ලෝකාදර්ශය කෘතගුණ දැක්‌වීමයි. පරමෝදාර ඒ ඉගැන්වීම අනුව යෙමින් "රාජා" ඇත් රජුන් පිළිබඳව සමරු සටහනක්‌ තැබීම කාලෝචිත යෑයි හැඟේ.

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ එරාවුර් හි පදිංචි වෘත්තියෙන් අලි අල්ලන්නකු වූ එම්. උමේරු ලෙබ්බේ නමැත්තා තම කාණ්‌ඩය සඳහා වන වැදුණු 1925 වර්ෂයේ එක්‌තරා දිනෙක මන්නාරම් ප්‍රදේශයේ ඝන කැලෑවෙන් අලි පැටවකු අල්ලා ගනු ලැබිණි. මෙම අලි පැටවාත්, මඩකලපු ප්‍රදේශයෙන් අල්ලා ගනු ලැබූ අලි පැටවකුත් උමේරු ලෙබ්බේ රු. 3300.00 ක මුදලකට මහනුවර ප්‍රදේශයේ යටිනුවර, ගිරාගම මාම්පිටිය වලව්වේ පුංචි බණ්‌ඩාර හෙවත් ටිකිරි බණ්‌ඩාර මාම්පිටිය දිසාවට විකුණනු ලැබීය. 1925. 12. 11 වැනි දින 1318 අංක දරණ අවසර පත්‍රය ප්‍රදේශයේ දිසාපතිතුමාගෙන් ලබාගත් මාම්පිටිය දිසාවේ ඇත් පැටවුන් දෙදෙනා මහනුවරට රැගෙන ආවේය. ඉක්‌බිති යටිනුවර, ගිරාගම වලව්වේ ඇත්ගාලේ මෙම ඇත් පැටවුන් දෙදෙනා ජීවත් වූහ. එක්‌ ඇත් පැටවෙක්‌ 'රාජා' නමින් ද අනෙක්‌ ඇත් පැටවා 'දත් පූට්‌ටුවා' නමින් ද හඳුන්වනු ලැබූ අතර 'දත් පූට්‌ටුවා' පසු කාලයේ 'කන්දා' නමින් ද හඳුන්වන ලදී. 'රාජා' සහ 'කන්දා' මාම්පිටිය දිසාවේගේ සුරතලුන් ලෙස කල් ගෙවන්නට වූහ.

Sunday, August 4, 2013

දේවදත්ත පැවිදි කරවූයේ ඇයි?

මිලිඳු නාගසේන සදහම් සංවාද - 01
(සරල සිංහලෙන්)

බෙල්ලන්විල රාජමහා විහාරවාසී
ශාස්‌ත්‍රපති පූජ්‍ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි

මිලිඳු රජ - හිමියනි නාගසේනයන් වහන්ස, දේවදත්ත පැවිදි කරවූයේ කවුරුන් විසින්ද?

නාගසේන හිමි - මහරජතුමනි භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිමිබිල, දේවදත්ත යන ශාඛ්‍ය කුමාරවරු සය දෙනා සහ උපාලි කරණවෑමියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි කරවා වදාළ සේක.

මිලිඳු රජ - හිමියනි දෙව්දත් තෙරුන් සංඝභේදය සිදුකරන්නට යෙදුනා නේද?

නාගසේන හිමි - මහරජ දෙව්දත් තෙරුන්වහන්සේ සංඝභේදය සිදු කරන ලද්දේය. සංඝභේදය වනාහි මහරජතුමනි ගිහියන්ට කළ හැක්‌කක්‌ නොවේ. එය කළ හැක්‌කේ සමානසංවාසික, එක්‌ සීමාවක වූ ප්‍රකෘති සංඝයා අතරින් භික්‌ෂුවකට පමණි.

Saturday, July 27, 2013

8 වන වරටත් පවත් වන අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

සෝමවතී රජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය
ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  විශ්‍රාමික කථිකාචාර්ය හා
වැඩබැලූ අංශාධිපති
පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි
 
සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස පවත්වනු ලබන, ශ්‍රී දකුණු දළදා පෙරහර 8 වන වරටත් මෙම ඇසළ පුරපසළොස්වක් පොහෝ දින රාත්‍රි 8.00 ට පමණ පැවැත්වේ.

ක්‍රි.පූර්ව දෙවන සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත් පාත්‍රධාතුන් වහන්සේත්, දේවාභරණත් සමඟ සොලීන් 12000 ක් ද මහා විජයග්‍රහණයකින් ලබාගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණ සෝමවතී චෛත්‍යරාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට ‘යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය’ යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ ‘ගාමිණී අභය යුදජි රජ අඩියගම මණි අගිය විහරට දිනි’ (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත ලිපියෙහි රජතුමාට ‘ගාමිණි අභය යුදජි’ (යුද්ධ ජයග්‍රාහක ගාමිණි අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇළක් සාදවා එම ඇළෙන් වැඩ කරන කුඹුරු සියල්ලම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.

සිංහල රාජධානිය කඩාවැටුණු බලවේගය

ඉතිහාසයෙන් ඉගෙනගත යුතු පාඩම් අදටත් වලංගුය. මීට වසර 194 කට පෙර බ්‍රිතාන්‍යයන් සමග අත්සන් කළ උඩරට ගිවිසුම නිසා වසර 2500 කට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පැවත ආ රාජ්‍යයක කඩාවැටීමත් නිදහස අහිමිවීමත් සිදුවිය. මෙම ලිපිය 1815 මාර්තු 15 දින සිදුවු එම ඓතිහාසික ඛේදවාචකයට වසර 194 ක් පිරීම නිමිත්තෙන් එම අවධියේ මේ රටේ දේශපාලන පසුබිමේ ක්‍රියාකාරී වු විදේශ බලවේගය පිළිබඳ සමකාලීන මුලාශ්‍ර ඇසුරින් ලියන ලද සටහනකි.

1815 මාර්තු 15 දින උඩරට ගිවිසුමට අත්සන් කිරීමට මාසයකුත් දින දෙකකට පෙර, එනම් 1815 පෙබරවාරි 17 දින උඩරට රාජධානිය පාලනය කරමින් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍යයන් අත සිරකරුවකු බවට පත්වී හමාරය. මේ සිද්ධිය එවක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වු රොබටි බ්‍රවුන්රිග්ට ආරංචි වු පසු ඒ පිළිබඳ ඔහු ප්‍රීතිය පළ කළ අවස්ථාවේ වාර්තාගත සටහන් කිහිපයක් මතු දැක්වේ. "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්නා ලදී" යන පණිවුඩය කන වැටෙන විටම, ආහාර ගනිමින් සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා තම කෑම පිඟාන තල්ලුකර දමා නැගී සිට දෙනතින් කඳුලු වගුරුවමින් එහි සිටි සියලු දෙනාටම අතට අත දෙමින් මෙසේ කීවේය. "යුරෝපීය තුන් වර්ගයක් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොටත් සාර්ථක කරගත නොහැකි වු කාර්යයක් අද අප විසින් සාර්ථකව ඉටුකර ගන්නා ලදී. ඊට ආධාර කළ ඔබ සැම දෙනාටම මගේ අවංක ස්තුතිය පුද කරමි. ආණ්ඩුකාරවරයා මේ වැගිර වු කඳුළු අවුරුදු දෙදහස් පනස් අටක් මුළුල්ලේ පැවත ආ සිංහල ජාතියේ නිදහස නැතිවීම ගැන හෝ රජු අසුවීම ගැන හෝ කනගාටුවෙන් හෙළු කඳුළු නොවේ. ඒ වනාහි බ්‍රිතාන්‍ය ජාතියට ලංකාව යටත්කර ගැනීමේ වරප්‍රසාද හිමිකර දීම ගැන දෙවියන්ට ස්තුති කරන කඳුළුය.



Friday, July 26, 2013

ඔබ කිනම් වර්ගයේ මනුෂ්‍යයෙක්‌ද?

මුලු ලෝකයේම සිටින සියලුම මනුෂ්‍යයන් පෙරදිග හා බටහිර යන ගෝලීය ලක්‌ෂණ අනුවත් ශ්‍රී ලාංකික, ඉන්දීය, බ්‍රිතාන්‍ය, ඇමෙරිකා, අප්‍රිකා, අරාබි යනාදී ඒ ඒ රටවාසීන් වශයෙනුත් රටවල් අභ්‍යන්තරයේ වෙසෙන මනුෂ්‍යයන්, ජාති, ආගම්, කුල, ගෝත්‍ර අනුවත් සිය ගණනින් ප්‍රභේදවලට වර්ගීකරණය වී ඇතත් මේ සියලුම දෙනාට පොදුවූ ගති ගුණ හා සිතුම් පැතුම් ඇත.

ජාති, කුල, ගෝත්‍ර අනුව මිනිසා උසස්‌ හා පහත් ලෙස වර්ගීකරණය කිරීමට සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ නොයෙක්‌ අවස්‌ථාවලදී දේශනාකොට ඇත. උපතින් යමෙකු බ්‍රාහ්මණ යකු හෝ වසලයකු නොවන බවත් ක්‍රියාවන්ට අනුව ඔහුගේ උසස්‌කම හෝ පහත්කම ඇතිවන බව විස්‌තරාත්මකව දේශනාකොට ඇති සූත්‍රයකි වසල සූත්‍රය.

පෙළ දහමට අනුව මනුස්‌ස උස්‌සන්නතා මනුස්‌සා යනුවෙන් උසස්‌ තත්ත්වයන්ට පත් කළ හැකි මනසක්‌ ඇති සත්වයා මනුෂ්‍යයා වන බවත් මිනිසුන් අතර පවතින මානසික ගති නිමිති අනුව සංසාර ප්‍රවාහයට අසුව සිටීම හෝ ඉන් නිදහස්‌ වී විමුක්‌ති සුවයට පත්වන බැව් ඉගැන්වේ.

කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන ත්‍රෙලෝකයන් තුළ වෙසෙන සත්ත්වයන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා වන ත්‍රෙලෝකානාථ වූ බුද්ධත්වයට පත්වනුයේද උසස්‌ම තත්ත්වයට පිරිසිදු කළාවූද දියුණු කළාවූද මිනිස්‌ සිතක්‌මය. එසේම අවීචි ආදී මහා නරකයන්ට පතිත වන්නේද අතිශය කිලිටිකර ගත් අපිරිසිදු සිත් ඇත්තෝමය.

මිනිසුන් තුළින් විද්‍යමාන වන ගති ලක්‌ෂණ අනුව බුදුරජාණන් වහන්සේ මුලු මානව සංහතියම වර්ගීකරණය කර ඇති අතර මෙම බෙදීම විශ්ව ගුණෝපේත සර්වකාලීන ලක්‌ෂණ අනුව කර ඇතිනිසා එය සෑම රටකම, සෑම ජාතියකම, සෑම ආගමකටම පොදු පංච ගති ලක්‌ෂණ වේ.

Monday, July 22, 2013

මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් හා ත්‍රස්තවාදීන්

මේ මිහිතලය තුළ ත්‍රස්තවාදීන් කියා කට්ටියක් දකින්න නැහැ. ඔවුන් ත්‍රස්තවාදී කටයුතු කළ මිනිස්සු. ඒ නිසා ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්න බැහැ. එය ඔවුන්ගේ අංගයක් පමණයි. මේ විදිහට මිනිසෙකුගේ කිසියම් දුර්වලකමක් මුල්කොට, ඔවුන් ත්‍රස්තවාදීන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, සොරුන් කියා කණ්ඩායම්වලට වෙන්කර දැක්වීම සුදුසු නැහැ.

හිරගෙදර මා පුද්ගලයන් මිස මිනීමරුවන් දකින්නේ නැහැ ඒත් මා හිරගෙදරකට ගියාම මගේ උපක්‍රමය වන්නේ, මම ඔවුන් පුද්ගලයන් මිස අපරාධකරුවන් විදිහට නොදැකීමයි. මා කවදාවත් පුද්ගලයකු දිහා “මේ මිනීමරුවා” කියන සිතින් බලන්නේ නැහැ. 

ඔහු මට තවත් පුද්ගලයෙකු පමණයි. මිනීමැරුමක් කළ පුද්ගලයෙක් පමණයි. ඒ විදිහට කළාම ඔබ පුළුල් චිත්‍රය දකින්න පුළුවන්. එවිට මා ඉදිරියේ සිටින පුද්ගලයාට මට ගෞරව කරන්න පුළුවන් වෙනවා. අනික් පුද්ගලයන් ඔවුන්ට බයෙන් සිටියත්, මට ඔවුන් දිහා ගෞරවයෙන් බලන්න පුළුවන්.

ඕස්ට්‍රේලියාවේ කැනිංවේල්හි දරුණු සිරකරුවන් සිටින සිරගෙයකට මා ගිය වේලාවේ දරුණු සිරකරුවන්, සමලිංගික අපරාධකරුවන්ගෙන් ආරක්‍ෂාවීමට මට පෑනක් වැනි පුංචි මෙවලමක් දුන්නා. මා සිරගෙදර සැරිසරමින් සිටියදී එවැනි උපද්‍රවයක් මට සිදුවෙන්ට ගියොත් එම මෙවලමේ, බොත්තම් තදකරන ලෙසත්, එවිට අනතුරු හඟවන සංඥා ක්‍රියාකාරිවී, සිරගෙදර නිලධාරීන්ට මා බේරා ගැනීමට හැකි වන බවත් මට උපදෙස් දුන්නා. 

Friday, July 19, 2013

"මම මට වෙඩි තැබූ තලෙයිබානුවාටවත් වෛර කරන්නේ නෑ." -මලාලා යූසුෆසායි


[තලෙයිබාන්වරුන් විසින් හිසට වෙඩි තබා ඝාතනය කරන්නට තැත් කළ, පාකිස්ථානු පාසැල් දැරිය- මලාලා යූසුෆසායි, 2013 ජූලි මස 12 වන සිකුරාදා, සිය දහසය වැනි උපන් දිනය සමරනු වස්, විශේෂයෙන්ම කැඳවන ලද එක්සත් ජාතීන්ගේ රැස්වීමක් අමතා කළ කතාවේ සිංහල පරිවර්තනය.]

"අද, දිගු කලකට පසු නැවතත් මෙසේ කතා කරන්නට ලැබීම මා ලද ගෞරවයක්. ගෞරවාර්හ මිනිසුන් සමග මෙසේ සිටින්නට ලැබීම මගේ ජීවිතයේ ඉතාම වැදගත් මොහොතක්.

මගේ කතාව කොතැනකින් අරඹන්නටදැයි මා දන්නේ නෑ. මා කුමක් කියාවිදැයි මිනිසුන් හිතමින් ඉන්නවාද යන්නත් මා දන්නේ නෑ. නමුත්, සියල්ලටමත් වඩා, දෙවියන්ට ස්තූතිවන්නට අප සියල්ලෝම සමානයි. මගේ නව ජීවිතය වෙනුවෙනුත් මගේ ඉක්මන් සුවය වෙනුවෙනුත් යාඥා කළ හැමකෙනෙකුටම ස්තූතියි. මිනිසුන් මට මොනතරම් ආදරයක් දැක්වූවාද යන්න විශ්වාස කළ නොහැකි තරම්. ලෝකයේ සෑම තැනකින්ම මට සුව පැතුම් පත් සහ තිළිණ දහස් ගණනක් ලැබුණා. ඒ හැමදෙයකටම ස්තූතියි. දරු දැරියනි, ඔබටත් ස්තූතියි- ඔබේ අහිංසක වදන් මා දිරිමත් කළා. මගේ වැඩිහිටියනි, ඔබටත් ස්තූතියි- ඔබේ යැදුම් මා ශක්තිමත් කළා. මා සුවපත් කළ පාකිස්ථානයේ සහ එක්සත් රාජධානියේ රෝහල්වල මගේ හෙද සොයුරියන්ට, වෛද්‍යවරුන්ට සහ සියළු කාර්ය මණ්ඩලවලටත් ස්තූතියි.


Wednesday, July 17, 2013

මිනිසාගේ ආරම්භය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කරැණු

දීඝ නිකාය, අග්ගඤ්ඤ සූත්‍රය (කොටස් අඩු කොට සංශේප කර ඇත)

ලොව නැවත සකස් වීම

වාසිටිඨයෙනි, දිගු කලක් ගෙවීමෙන් කවදා හෝ මේ ලොව නැසෙන කාලයක් වෙයි. ලොව නැසෙන කල්හි සත්ත්වයෝ බෙහෙවින් ආභස්සර බ්‍රහ්ම ලොව උපදිති. ඔවුහු ප්‍රීතිය ආහාර කර ගනිමින් වාසය කරයි. තම ශරීර ආලෝකයෙන් තමාම බැබලෙයි. අහසේ යෙත් සුභස්ථායි වු ඔවුහු දිගුකලක් වෙසෙයි.

වාසිටිඨයෙනි, ඒ කාලයේ අදුර එකම අඳුරැ කඳකි. සඳ හිරැ නොපෙනේ. නැකත් තරැ රෑ දහවල් නොපෙනෙයි.දින සති මාස නොපෙනෙයි. සෘතු අවුරැදු නොපෙනෙයි ස්ත්‍රීන් පුරැෂයෝ නෙපෙනෙත්. සත්ත්වයින් "සත්තු" කියාම ව්‍යවහාර වෙත්. අනතුරැව වාසිටිඨයෙනි, දිගුකලකින් පසුව කිසියමි දිනක ජලය මත්තේ රස පොළව හට ගන්නා ලදි. යමිසේ උණු කල කිරි නිවෙන විට මත්තෙහි යොදය හට ගනිත්ද, එසේ එය පහල විය. එය පැහැපත්විය. සුවඳවත් විය. රසවත්විය. එය මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද, මනා ලෙස සැකසු වෙඩරැ යමිසේද, එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.

ඉක්බිති එක් කෑදර සතෙක් "පින්වත්නි මේ කිමක්දැයි කියා රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලන ඔහුට ආශ්වාදයක් ඇති විය. ඔහුට තෘශ්ණාවද ඇති විය.


Sunday, July 14, 2013

හසලක ගාමිණී

බොහෝවිට ශ්‍රි ලංකාවේ වීරවරයන් පිළිබදව කතාකිරීමේදී ඔවුන් ජීවත්ව සිට ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. නිදහස ලැබුවායින් පසු ශ්‍රී ලංකාවේ වීරවරයන් බිහිනොවූවාදැයි යමෙකුට සැකයක් පහලවූවා නම් එය පුදුමයක් නොවේ. මන්ද එයින් පසු බොහෝවිට කතාවන්නේ දේශපාලන වීරයන් ගැන මිස තම රුධිරය, දහඬිය හෝ කදුළු හෙළු හෝ තම ජීවිතය පුදකල වීරයන් පිළිබදව නොවේ. කෙසේවෙතත් හරයක් නොමැති දේශපාලන වීරයන් අතර සැබෑ වීරයන්ද වසර තිහක් පුරා පිළිලයක් මෙන් ලංකාවේ සෑම දෙනාටම පීඩාගෙනදුන් ‍බෙදුම්වාදී යුද්දය තුලින් බිහිනොවූවා නොවේ. මෙම කාලවකවානුවේ බිහිවූ බොහෝ වීරයන් නිහඬව තම ජීවය මව්බිම වෙනුවෙන් කැපකර සමුගනිද්දී ඒ අතරින් ලක්දිව පවතින තුරාවටම කථාබහ කරන ශ්‍රේෂ්ඨතම විරුවෙකු ලෙස නොවැරදීම සදහන් කල යුත්තේ හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න නම් විරුවා පිළිබදවයි.

ඒ 1991 ජූලි 13 වනදා ගෙවෙමින් 14 වනදාට පහන්වෙමින් තිබූ රාත්‍රියයි. රුදුරු දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන් ඒවනවිට අරඹා තිබූ දෙවන ඊලාම් යුද්දයේ තීරණාත්මක දිනයක් වූ එදින, 5000 ක් වූ ඔවුන්ගේ සටන්කාමීන් පිරිස වටකර සිටියේ ලංකාවේ ඉහලම පිහිටි වැදගත්ම මර්මස්ථානයක් වූ අලිමංකඩ කඳවුරයි. පටු බිම් තීරුවක පිහිටා ඇති අලිමංකඩ යනු යාපන අර්ධද්වීපයට ගොඩබිම් මාර්ගයෙන් A9 මාර්ගය ඔස්සේ පිවිසෙන පිවිසුම් දොරටුව ලෙසද සදහන් කලාට වරදක් නැහැ. මෙම කදවුරේ ඒවන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 600 ක පමණ පිරිසක් සිටි අතර ගාමිණි කුලරත්නද එහි සිටි සොල්දාදුවෙක්. ඔහු සිංහ රෙජිමෙන්තුවේ, 6 වන බලසේනාවේ ලාන්ස් කෝප්‍රල් වරයෙකු වූ අතර ඔහු ඇතුළු පිරිසට පැවරී තිබූ රාජකාරිය, මෙම කඳවුර අත්පත් කර ගැනීමට කම්පන තරංගයක් ආකාරයෙන් නොනවත්වා පහර දෙන ත්‍රස්ථවාදීන්ට, කඳවුර අත්පත් කර ගැනීමට නොදී රැක ගැනීමයි. මෙසේ අලිමංකඩ කඳවුර අත්පත් කරගැනීමට ත්‍රස්ථවාදීන් විසින් 1991 ජූලි මස 10 වැනිදා ආරම්භකරන ලද අලිමංකඩ සටන හමාර වූයේ 1991 අගෝස්තු 04 වන දාය. ඒ වකවානුවේදී ත‍්‍රස්තවාදින්ගෙන් වැඩිම ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වුයේ මෙම අලිමංකඩ සටනේදීය. මෙම සටනේදී හමුදාවේ දිවි පිදූ රණවිරුවන් අතර ඉහල පෙලේ නිලයන් දැරූ හමුදා නිළධාරින්ද වූහ.

Friday, July 12, 2013

ගැලීලියෝ කළේ කුමක්‌ ද?

කාළාම සූත්‍රයෙහි මුල් කොටසෙහි කියෑවෙන්නේ සියල්ල තනි ව ම කල්පනා කර පර්යේෂණ කර දැනගත යුතු බව නො වේ. එහෙත් මෙරට උගතුන් යෑයි කියන්නන් කාළාම සූත්‍රයට එවැනි අර්ථකථනයක්‌ දීමට තැත් කරන්නේ බටහිර විද්‍යාවෙහි ද එවැනි ආකල්පයක්‌ ඇතැයි විශ්වාස කරමිනි. එහෙත් එය එසේ නො වේ. බටහිර සෛද්ධාන්තික විද්‍යාඥයකු යෑයි කිව හැකි ලාංකිකයකු බොහෝ දෙනෙකු දන්නේ ගිරවුන් මෙන් විවෘත මනසකින් නිරීක්‍ෂණ කිරීමක්‌ ගැන කතා කිරීමටත්, එම`ගින් කල්පිතයක්‌ ඇති කිරීමත් නිගමනවලට එළඹීමත් වැනි සරල එහෙත් බටහිර විද්‍යාවේ කිසි දිනෙක සිදු නො වන ක්‍රියා ගැන නන් දෙඩවීමටත් ය.

බටහිර විද්‍යාවෙහි යම් අධ්‍යයනයක්‌ කෙරෙන්නේ ම කල්පිතයක්‌ මත පදනම් වී ය. අධ්‍යයනයක්‌ පටන් ගන්නා අයකුට සැම විට ම යම් මතයක්‌ ඇත. ගැලීලියෝ පීසා නුවර ඇල වෙන කුලුනේ පර්යේෂණය කළේ ම ස්‌කන්ධය කුමක්‌ වුවත් රික්‌තයක වස්‌තු එක ම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීමටත්, ඇරිස්‌ටෝටල්ගේ මතය, එනම් වඩා බර වස්‌තු ඉක්‌මනින් පොළොවට වැටෙන්නේ ය යන්න වැරැදි බව පෙන්වීමටත් ය. ගැලීලියෝ තම කල්පිතය නිවැරැදි බව පෙන්වීමට ලක ලැහැස්‌ති වී ඇල වෙන කුලුනට ගියේ ය. 

මාක්ස්වාදීන්, හේතුවාදීන් සහ සමාජවාදීන්

වර්තමාන සමාජයේ මාක්ස්වාදීන්, හේතුවාදීන් සහ සමාජවාදීන් බහුලය. විශේෂයෙන්ම මොවුන් තරුණ පරම්පරාව තුළ එමට දැක ගත හැකිය. ආගම අබිං සේ සලකන මොවුන් තරම් දන්නා පිරිසක් තවත් නැතැයි සිතා සිටිති. අරක්කු බෝතලය සාක්කුවේ ඔබා ගෙන සිගරට්ටුව කටේ ඔබා ගෙන කටින් සමාජවාදය දොඩවන්නන් ඕනෑ තරම් සිටි. මුහුණු පොතේද මෙවැනි කයිවාරු කාරයින් කොතෙකුත් ඇත. කරන්නට පුළුවන් දෙයක් නැත. නමුත් මුහුණු පොතේ පුරසාරම් දොඩවමින් සිටිති. විශ්ව විද්‍යාල තුලද මෙවැනි පිරිස් බිහිවී සිටීම සැබවින්ම කණගාටුවට කරුණකි. එනම් රටේ බුද්ධිමත් පරපුරෙන් බොහොමයක් මෙම කයිවාරු කාරයන්ට හසු වී ඇත. ඔවුනට ආගමක් නැත. ඔවුනට ජාතියක්ද නැත. නමුත් සෑම උපදින සත්වයෙකුටම වලංගු ලෙඩවීම, මහලු වීම, මරණය වැනි දැ ඔවුනටද වලංගුය. මාක්ස්වාදීන්, හේතුවාදීන් හෝ සමාජවාදීන් සුදු කොඩි පෙනෙන තුරු කයිවාරු ගසති. සුදු කොඩි පෙනෙන්නට ගත් විට මෙතෙක් අබිං වූ ආගම හදිසියේම මතක් වෙයි. ඉන්පසු පන්සල් සොයාගෙන යයි. බුදුමැදුරේ පෙරලි පෙරලි වදියි. හැම පෝයකටම සිල් ගනියි. එවිට ඔවුන්ට මාක්ස්වාදීන්, හේතුවාදීන් සහ සමාජවාදීන් යනු සිහිය විකල් වූ පිරිසක්ය.

අඬහැරය - 2013/06/28

බහුතර බෞද්ධයන්ගේ අවධානය පිණිසයි ........

වෙසක් සහ පොසොන් පෝය යනු බෞද්ධයන්ට ඉතා සුවිශේෂී වූ පොහෝ දෙකකි. නමුත් වර්තමානයේ මෙම පොහෝ දිනයන් දෙස විමසීමකින් බැලූ විට දක්නට ඇත්තේ සැබවින්ම කණගාටු තත්වයකි. බොහෝ දෙනා වෙසක් පොසොන් යන්නෙහි අරුතවත් නොදැන කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. අද වෙසක් පොසොන් යනු සැණකෙළි පවත්වන දින දෙකකි. කූට අන්දමින් මුදල් ගරන දිනයන් දෙකකි. වෙසක් පොසොන් දිනයන්හි අරුත වටහා ගෙන ප්‍රතිපත්ති පුජාවේ යෙදෙන්නේ ඉතාම සුළුතරයකි. බහුතරය පිස්සු නටති. 

මාධ්‍යවල වගකීම නිසි පරිදි ඉටු උනාද?

අප රටේ මාධ්‍යද ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. මීට කලකට පෙර ගුවන් විදුලියේ හා රුපවාහිනියේ විකාශය වූ වැඩසටහන් වල ගුණාත්මක බාවය අද වන විට පිරිහී ගොස් ඇත. කොටින්ම කියතොත් බලන්නට දෙයක් නැති තරම්ය. මුදලට වහ වැටී ඕනෑම කුණු ගොඩක් විකාශය කිරීමට තරම් වර්තමානයේ බොහෝ මාධ්‍ය පෙළබි සිටිති. බොහොමයක් වැඩසටහන් මිනිසුන්ගේ කාමාශාවන් අවුස්සන වැඩසටහන් වීමද මුළු මහත් සමාජයේම අභාග්‍යයකි. මීට කලකට ඉහත උදැසන විකාශය වුයේ දේශානුරාගී ගීතය. පාසල් යාමට සුදානම් වන දුවාදරුවන්ගේ කණ වැකුණේ තම මවු බිම පිළිබද හැගීමක් ඇති කරවන ගීතය. අද එම ගීත අසන්නට ලැබේද? ඒ වෙනුවට හිස් ගීත ගොන්නක් විකාශය වේ. අද දරුවන්ට තමන්ගේ රට පිලිබදව තමන්ගේ ජාතිය පිලිබදව හැඟීමක් නැත. එවන් පරපුරකින් මේ රටට ඇති සෙත කුමක්ද? මෙසේ ගිය හොත් අනාගතයේ මේ රටේ ඉතිහාසය ඔවුන් අතින් අතු ගෑවී යනු නොඅනුමානය. රටට ආදරය කරන දුවා දරුවන් පිරිසක් බිහි කිරීමට කයිවාරු ගසන සමහර දේශපාලකයින්ද මේ ගැන සිතා බැලිය යුතුය.

Wednesday, July 10, 2013

මරණයෙන් පසු සිදු වන්නේ කුමක් ද?

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි

විද්‍යාඥයකු හා ඇසූ පිරූ තැන් ඇති ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේ නමක වූ ‘සිනා සෙන සුදු හාමුදුරුවෝ’ හෙවත් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ මරණය, මරණයට ආසන්න ජීවිතය, මරණයෙන් ඔබ්බට ගිය ජීවිතය හෙවත් නැවත ඉපදීම පිළිබඳ විග්‍රහ කරන්නේ කෙසේ ද කියා බලමු. What Happens after Death මැයෙන් උන් වහන්සේ මේ දේශනය පැවැත්වූයේ 1991 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ය.

මා පසුගියදාක මෙල්බර්න්හි සිටියදී එහි පැමිණි කෙනෙක් “ඔබේ මරණයෙන් පසු ව ඔබට සිදු වන්නේ කුමක්ද?” යන මාතෘකාවෙන් දේශනයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. භාවනා කරන විට, විශේෂයෙන් ගැඹුරු භාවනාවන්හි නිතර වූ විට ඔබට ඔබේ මනස ක්‍රියා කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මනස, ශරීරයට ප්‍රතික්‍රියා දක්වමින් ක්‍රියා කරන්නේ කොහොමද? යන කාරණා පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා. අවුරුදු ගණනාවක් භාවනාවේ නිරත වූ කෙනෙකුට සිදු වන්නේ කුමක්ද? මනසේ ස්වභාවය කුමක්ද? ශරීරයේ ස්වභාවය කුමක්ද කියා අවබෝධයක් ලබාගන්නට පුළුවන් වෙනවා.

පසුගිය අවුරුදු කිහිපය තිස්සේම මම මෙවැනි අවබෝධයක් ලබාගැනීමට උදවු වන භාවනා ක්‍රම ඉගැන්වීමේ නිරතව සිටියා. ධ්‍යාන වැඩීමේදී නැත්නම් ඉතා ගැඹුරු භාවනාවන්හි නිරතව සිටින විට ඔබට ඔබේ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකි වෙනවා.

Sunday, July 7, 2013

මාලිගාවත්ත හෙල්ලූ 'මාමස්‌මි'

මාලිගාවත්ත කියූ පමණින් සිහියට නැගෙන්නේ පාතාල ලෝකයේ මහා සරුණු ගණයේ අපරාධකරුවන්ය. ඒ තරමටම මාලිගාවත්තත් පාතාල ලෝකයත් අතර ඇත්තේ දීර්ඝ කාලීන සම්බන්ධතාවකි.

කාලයෙන් කාලයට මාලිගාවත්ත සිය රාජධානිය කරගෙන කිරුළු පලන් රජවරු බොහෝය. එහෙත් ඔවුන්ගේ ආයු කාලය කෙටිය. ප්‍රතිවිරුද්ධ කල්ලියක්‌ අතින් හෝ ආරක්‌ෂක අංශ අතින් බොහෝ පාතාල ප්‍රබලයෝ ඝාතනයට ලක්‌වූහ.

කුලී මිනීමැරුම්වලින් මුදල් ඉපයීම, මහා පරිමාණ මත්කුඩු ජාවාරම, කප්පම් ලබා ගැනීම මේ පාතාල කෙරුමන්ගේ ප්‍රධාන පෙළේ ආදායම් මාර්ගයන්ය. ඒ හරහා ඔවුන් ඉපැයූ ධනස්‌කන්ධය අතිවිශාලය.

මාලිගාවත්ත මුස්‌ලිම් පාතාලය බිහිවූයේ ඉමිටියාස්‌ සහ කුඩු නූර්ගේ නායකත්වයෙන්ය. එහෙත් වැඩි කාලයක්‌ ඔවුන්ට රජකම් කිරීමට ඉඩ ලැබුණේ නැත. ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායම් අතින් මේ පාතාල නරුමයෝ අවසන් ගමන් ගියහ.

නූර්ලාගෙන් ආරම්භ වූ මාලිගාවත්ත මුස්‌ලිම් පාතාලය අයුබ් ඛාන්, ඉන්විකාබ්, රිල්වාන්, අම්බට්‌ටා ෆසාල්, ලී මෝල වත්තේ රිස්‌වාන්, මල්බාර් මිල්වාන්, බයියා, නවුෂාඩ්, වංජල් අක්‍රම්, ඩොන්, පිරාස්‌, පප්පා, ආනමාලු ඉමිටියාස්‌, දිගා ෆයිසර්, රාජාබ්දීන්, එලී, ඩජීර්, ටෝජි, ෆාජි, අච්චා වැනි පාතාල නරුමයන්ගෙන් පෝෂණය වූහ. එහෙත් මේ පාතාල නරුමයන්ගෙන් වැඩි දෙනකු අද ජීවතුන් අතර නැත. ඒ පාතාල අපරාධකරුවන්ට පොදුවූ ධර්මතාවකි.

Saturday, June 29, 2013

පුංචි මිනිසුන්ගේ විදුලි බිල අඩකින් අඩුකරන උපකරණයක්‌ තැණු අපේ කාලයේ ඉංජිනේරුවා

මහා ආශ්වාදයකින් හිත් පිරී ගොස්‌ තිබුණේය. ජීවත්වන බවත් අමතක කරවන ලද මිනිසුන් සහිත වටපිටාවක මෙවැනි පිරී ගිය මොහොතක්‌ හමුවන්නේ විරලවය. ඒ විරල චමත්කාරය සිත් පුරා විඳිමින් උන්නෙමු.

අප බොහෝ දෙනකුට බලාපොරොත්තු සමග උපදින සුවපත් හැඟීම් මතකයට නගාගත නොහැකි තරමටම අමතකය. එපමණටම ආගන්තුකය. එහෙත් අමතකව ගිය මියුරු හැඟීම් පණ ගසා මතුවන විට ජීවත් වන බව දැනෙන්නේය. එවන් මොහොතක අපට අප යළිත් ජීවත් වන බව දැනෙන්නේය. ගතවෙමින් තිබුණේ එවන් මියුරු මොහොතකි.

මා අභියස ඉන්නේ ලෝකය දිනාගෙන එල්ලක්‌කල වලලියෑද්ද ගමට අරගෙන ආ ආදරණීය තරුණයාය. මේ රට තමා වෙනුවෙන් දැරූ පිරිවැයට ණය ගෙවීමට ලෝකයේ මහා ආශ්චර්යයන් ඉවත දමා ගමට පැමිණි කළගුණ දත් ගෞරවනීය මනුෂ්‍යයාය. ලෝක සම්භාවනාවට ලක්‌ වූ මේ තරුණ ඉංජිනේරුවා එල්ලක්‌කල ගමට පැමිණ සිටින්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්‌සුන් වෙනුවෙන් තමන් කළ නිර්මාණයක්‌ ද රැගෙනය. ඒකක 150 දක්‌වා විදුලි පරිභෝජනයක යෙදෙන සියයට අනූවකට ආසන්න මේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිසුන්ගේ විදුලි බිල සියයට තිහේ සිට පනහ දක්‌වා අඩු කරගත හැකි නිමැවුමක්‌ රැගෙනය. එම නිර්මාණයට විවිධ වෙළඳ සමාගම් කාරයින් විසින් දැවැන්ත ලංසු ඉදිරිපත් කරද්දී ඉන් උපදවා ගත හැකි මහා ලාභය ගැන නොතකා දුප්පත් මිනිසෙකුට දැරිය හැකි මිලකට මෙම නිමැවුම සමාජගත කරන ආකාරය ගැන සැලසුමක්‌ රැගෙනය. ඔහු කමල් එදිරිසිංහය.

Tuesday, June 25, 2013

අපූරු ගණිත පාඩමක්!

වෛද්‍ය ලලිත් විජේසිංහ
සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි
මහරෝහල - මහනුවර

ගණිත පාඩමෙන්, දැනුමෙන් මිදී නිවනට ළං වන යෝජනාවකි.

පූජ්‍ය කටුගස්තොට සනාථවිහාරී ස්වාමීන් වහන්සේ වරෙක පැනයක් ඉදිරිපත් කළහ. ඒ, විවිධ රැකියාවල නියුතු වැඩිහිටියන් පිරිසක් හා පාසල් සිසුන් කිහිප දෙනකු සමඟ අප පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවල ඉගැනුම ලබමින් සිටි සිසුන් කිහිප දෙනකු ද සහභාගි වූ, මහනුවර, බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයෙහි පැවැති සාකච්ඡාවකදී ය.

“අට දෙකට බෙදූ විට පිළිතුර කුමක් ද?” යනු එම පැනය යි.

එය ඉතා සරල, පහසු පැනයක් වූ බැවින් සහ එයට නිශ්චිත පිළිතුර අප සැම දැන සිටි හෙයින් එසැණින් එකිනෙකා විසින් පිළිතුරු ලබා දෙන ලදි.

විශ්වවිද්‍යාල සිසුන් සියලු දෙනාගේ සහ පාසල් සිසුන් බහුතරයකගේ පිළිතුර ‘4’ විය. පාසල් සිසුවකුගේ පිළිතුර වූයේ 0 හෝ 4 බව යි. එක් වැඩිහිටි අයෙක් පිළිතුර 4, 0 හෝ 2 විය හැකි බව කී ය.

Sunday, June 23, 2013

මොළය සහ මනස එකක්‌ ද? බුදුදහමට අනුව විග්‍රහයක්‌..

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්

මොළය සහ මනස දෙකක්‌ නොව එකක්‌ ලෙස දැක්‌වීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කාලෝ ෆොන්සේකා මහතා 'ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස නැතහොත් බුද්ධිමය ආශ්චර්ය වනුයේ සත්‍ය ලෙසම අපේ ඉස්‌කබල තුළ තිබෙන දුහුවිල්ලෙන් (පදාර්ථයෙන්) සැදී මිනිස්‌ මොළයයි' යනුවෙන් සඳහන් කරයි. මෙහි දුහුවිල්ලෙන් සැදුණා යෑයි සඳහන් කිරීම දෙවියන් වහන්සේ දුහුවිල්ලෙන් මිනිසා මැව්වාය යන කියමන හා සමාන වෙයි. ඒ අනුව අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ මැවීමද ඔවුහු පිළිගනිති. තවදුරටත් කරුණු දක්‌වන කාලෝ ෆොන්සේකා 'බටහිර විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන හිපොක්‍රටීස්‌ විසින් අවුරුදු 2500 කට පෙර පැවැසුවේ මිනිස්‌ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම මිනිස්‌ මොළය පිළිබඳ හැදෑරිය යුතු බවයි.' මෙහිදී හිපොක්‍රොටිස්‌ පවසන්නේ මනස හා මොළය එකක්‌ ලෙස නොවේ. මොළය පිළිබඳ හැදැරීමෙන් මනස හෝ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නොහැකි බව ඔහු නොදැන සිටියා වන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාවේ පියා මොළය හා මනස එකක්‌ ලෙස පිළිගෙන නැති බව උධෘතයෙන් පැහැදිලි වෙයි.

මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ සෘද්ධියෙන් ද? ගොඩබිම් මාර්ගයෙන් ද?

රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය, රාජකීය පණ්‌ඩිත, දර්ශනපති
බළපිටියේ සිරිසීවලී හිමි

මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ අවන්ති රට වේදිස නගරයේ සිටය. උඡ්ජයිනියට නැගෙනහිරින් පිහිටා තිබූ වේදිස නගරය වර්තමානයෙහි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රෙසෙන් දිස්‌ත්‍රික්‌කයේ බිල්සා නගරය (බේස්‌ නගර්) ලෙස හඳුනාගෙන තිබේ. බෙත්වා හා බේස්‌ යන ගංගා දෙක එක්‌වන ස්‌ථානයේ පිහිටි මෙම භූමිය අද හින්දූන්ගේ පුණ්‍ය තීර්ථයකි. එහෙයින් ලක්‌දිව බුද්ධාගමෙහි මාතෘ භූමිය අවන්තියේ වේදිස නුවර යෑයි කිවහොත් එහි කිසිදු වරදක්‌ නො මැත.

පාටලීපුත්‍ර නගරයෙන් පිටත් වූ මිහිඳු මාහිමියන් හය මසක්‌ තිස්‌සේ දක්‍ෂිණගිරියෙහි සැරිසරමින් ඥතීන්ට අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කළ බව සඳහන් වේ. එතනින් වේදිස නුරවට වැඩමවා මව්තුමියට දහම් දෙසා ඇය සෝවාන් ඵලයෙහි පිහිටුවනු ලැබූ බවත්, වේදිසගිරි විහාරයෙහි මාසයක පමණ කාලයක්‌ වැඩසිටි බවත් සඳහන් ය. උන්වහන්සේ ලක්‌දිවට වැඩම කළේ අශෝක රජුගේ රාජ්‍ය වර්ෂයෙන් 18 වැන්නෙහිය යෑයි බොහෝ වංසකථාවල සඳහන් වෙතත්, බෝධිවංශයෙහි දැක්‌වෙන්නේ අභිෂේකයෙන් හත් මසකින් එය සිදු වූ බවයි. මෙම ගමන බු. ව. 236 වැන්නෙහි එනම් ලක්‌දිව තිස්‌ස රජු අභිෂේකය ලබා තුන් මසකට පසු සිදුවූ බව දීපවංසයෙහි සඳහන් ය. ලක්‌දිව රජ කළ මුටසිව රජු මහලු බැවින් තිස්‌සයන් රජ වන තුරු මෙසේ හත් මසක්‌ කල්යල් බලා ඇති බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

Friday, June 21, 2013

මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි අවලෝකනය

මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි හෙවත් රටම හඳුනන මඩිහේ නායක හාමුදුරුවන් වහන්සේගේ 100 වැනි ජන්ම දිනය වර්ෂ 2013 ජුනි මස 21 දාට සැපිරෙයි. උන්වහන්සේ මාතර මඩිහේ ගමෙහි පස්‌ දෙනෙකුගෙන් යුතු ගරු කටයුතු පවුලේ බාලයා ලෙස ටෙනිසන් විල්මට්‌ පූජිත ගුණවර්ධන නමින් වර්ෂ 1913 ජුනි 21 දා උපත ලැබීය. පසුව ධර්මයට නැඹුරු වූ මේ දරුවා වර්ෂ 1926 ජුනි 24 දා පැවිද්ද ලබා ගත්තේය. ඒ මඩිහේ ප්‍රඤ්ඤාසීහ ලෙස කඹුරුගමුවේ දේවගිරි විහාරයේදීය. 

උන්වහන්සේගේ ගුරු නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ පසුව කොළඹ වජිරාරාමයේ පැළෑනේ වජිරඥාණ නායක හිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසනා යටතේ අධ්‍යාපනයද භික්‍ෂු විනයට අනුව දිවිපුහුණුවද ලැබුහ. දේශීය මෙන්ම විදේශීය ධර්මදූත මෙහෙවර ද කළහ. පැළෑනේ නායක හිමියන් 1955 සැප්තැම්බර් 21 දා අපවත් වූ අතර ඒ හිමියන් ඇවෑමෙන් ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ නායක පදවියට පත්වූයේ එවකට හතළිස්‌ දෙහැවිරිදි වූ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ය. එය ඒ හිමියන්ගේ අතිමහත් ශාසනික සේවයට පිටුවහලක්‌ විය. 1956 දී ඇති වූ බෞද්ධ ප්‍රබෝධය සමඟ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ මූලිකත්වයෙන් විසිරී තිබූ අමරපුර නිකායන් එක්‌සේසත් කර අමරපුර මහාසංඝ සභාව පිහිටුවනු ලැබූ අතර 1985 දී සමස්‌ත අමරපුර මහා සංඝ සභාවේ සියලු නිකායන්ගේ මහානායක ධුරයට ද පත් වූහ. උන්වහන්සේ අපවත් වන තෙක්‌ම ඒ ධුරය බබළවමින් එහි වැඩ සිටියහ.

Thursday, June 20, 2013

කර්ම විපාක පලදෙන හැටි

දිට්ඨධම්ම වේදනීය, උප්පජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසිකම්ම යැයි විපාක දීමේ කාල වශයෙන් කර්මය සිව් වැදෑරුම්ය. කර්මයක් සිදුකිරීමේ දී චිත්තවීථියක් පහළ වේ.

එසේ පහළ වන චිත්තවීථියෙහි ඇතිවන සිත් පෙළ භවංග, භවංග චලන, භවංගුපච්ඡේද හා ඊළඟට පංචද්වාරික චිත්ත වීථින්හි දී පංචද්වාරාවජ්ජන, චක්ඛුවිඤ්ඤාණ, සොත, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණ යන සිතක් ද, මනෝද්වාරික චිත්තවිථීන්හි දී මනෝද්වාරාවජ්ජන යන සිත ද පහළ ව ඒ ඒ අරමුණු අනුව චක්ඛු විඤ්ඤාණ සිත් පහළව සම්පටිඡන්න සන්තීරණාදී වොත්තපණ යැයි සිත් පහළ ව මීළඟට ජවන නාමයෙන් සිත් හතක් වේගයෙන් පිළිවෙළට ඉපිද ඊළඟට එම ගත් අරමුණෙහි ම එල්බ තදාලම්බණ ඉපිද නිරුද්ධ වේ.

මෙහි ජවන සිත් හැර අනෙකුත් සිත් විපාක හා ක්‍රියා බවට පත් වේ. ජවනයන් පමණක් කර්ම බවට පත් වේ. එසේ වන්නේ ලෝභාදිය හෝ ශ්‍රද්ධාදි සිතිවිල්ලක් ජවන වශයෙන් උපදින බැවිනි.

Tuesday, June 18, 2013

පොම්පෙයි නෂ්ටාවශේෂ ළඟ ඔබේ කඳුළ ද තබන්න

එක්දහස් නවසිය හැට ගණන්වල හොලිවුඩ් චිත්‍රපට සමාගමක් විසින් නිෂ්පාදනය කළ “The last days of pompai” නම් චිත්‍රපටය ඔබට නරඹන්නට ලැබුණා නම්...

එඩ්වඩ් මුල්වර් ලීටන් නම් ලේඛකයා, ඉතාලියේ නාපෝලි ප්‍රාන්තයේ පිහිටි පොම්පේයි නගරයේ සිදුවුණ අති දැවැන්ත ඛේදවාචකය මුල් කරගෙන ලියූ නවකතාව ඔබට කියවන්නට ලැබුණා නම්...

නොඑසේම, ඒ නවකතාව ආශ්‍රයෙන් 1970 දී අධ්‍යාපන ඇමැතිවරයෙක්ව සිටි අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසින් සිංහලට පරිවර්තනය කළ “දේවශාපය” නම් කෘතිය ඔබට කියවන්නට ලැබුණා නම්...

ඉතාලියේ පොම්පේයි නගරයේ සිදුවූ මෙම මහා විපත පිළිබඳ ඔබ අදටත් කඳුළු සලනු ඇත.

අර්ථයක් නැති ජීවිත පිළිබඳ අප කම්පාවට පත් වෙද්දී, ජීවිතයේ අවසාන අර්ථය මේ යැයි ලොවට පෙන්වා දුන් ඒ මහා ඛේදවාචකයේ ඉතිරිව තිබෙන නටබුන් ඉතාලියේ සංචාරයකට යන ඔබට අදත් දැකගත හැකිවනු ඇත.

පොම්පේයි නගරය පුරාම ඇත්තේ මේ විපතේදී විසූවියස් කන්දේ ලාවාවලින් මියැදුණු මිනිසුන්ගේ ශෝකාලාපයයි. ඔවුන්ගේ නිහඬ කඳුළයි.

Sunday, June 16, 2013

‘‘ලෝකයා දන්නෙ නැතිවට මම මේ වෙනකොට විශේෂිත පුද්ගලයෙක්”

‘‘ලෝකයා දන්නෙ නැතිවට මම මේ වෙනකොට විශේෂිත පුද්ගලයෙක්”
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් පිළිබඳ තොරතු බිඳක් ...

(බොහෝ පිනැතියන්ගේ හිත සුව පිනිස 2012 අගෝස්තු මස 26 ලංකාදීප පුවත් පතින් උපුටා ගන්නා ලදී.)

පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග‍්‍රන්ථ, අභිධර්ම ග‍්‍රන්ථ, භාවනා ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි. ඒ ධර්මධරත්වය හා විනයධරත්වය මගින් උන්වහන්සේ අපේක්ෂිත අරමුණක් උදෙසා ගමන් කළ බවටද සාක්ෂි සාධක තිබේ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් කෙරේ දැක්වූයේ අපමණ ගෞරව භක්තියකි.


"රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප‍්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත‍්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත් කරගත් බව රේරුකානේ නායක හාමුදුරුවන්ගේ මහ සඟ චරිතය පිළිබඳ සොයා බලන කළ හොඳින්ම පෙනේ.


ලිංගිකත්වය පිළිබඳ ව බුදුසමයෙන්...

පශ්චාත්නූතනවාදය සහ බුදුසමය ලිංගිකත්වය පිළිබඳ ව දරන මත සැසඳීමකි මේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පූජ්‍ය
රළුවේ පද්මසිරි හිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය

සමාජයක සදාචාරය, ඇගැයුම් බොහෝ විට නිර්මාණය වන්නේත් සමාජය තුළ සුරක්ෂිත ආකාරයකින් ක්‍රියාත්මක වන්නේත් ඒවා ක්‍රියාත්මක වන සමාජ - සංස්කෘතික පදනමේ ඇති නව ප්‍රවණතා සමඟ පරිවර්තනවලට, වෙනස්කම්වලට ලක් වෙමිනි. එසේ වෙනස් නොවනසුලු, විශ්වීය අගයකින් යුත් සදාචාරාත්මක ඇගැයුම් පද්ධතියක් සකස් කිරීම කළ යුතු වන්නේ නම් එසේ කළ හැකි වන්නේ පළමු ව එවැනි ආචාරධර්මවල පදනම නිවැරැදි ව සකස් කිරීමෙන් බව බෞද්ධ විද්වතුන්ගේ අදහස යි. ලිංගික සම්බන්ධතා අහම්බයක් හෝ සමාජයක අනවශ්‍ය දෙයක් බව බුදුසමය නොපිළිගනී.

දෙවියන් පිනවීමට ලිංගික කාර්යයේ නිරත විය යුතු බවටත් ආත්මීය තෘප්තිය එමගින් ලබාගත හොත් පාපයට (Sin) හිමිකරුවකු බවට පත් වන බවටත් ඇති මධ්‍යතන යුරෝකිතු අදහස සමඟ බුදුසමයේ සබඳතාවක් නැත. ලිංගිකත්වයේ සීමා, නිර්ණායක හා පැනවීම් ඒ ඒ කාල-අවකාශ සීමා තුළ වෙනස් වේ නම් එය සමාජයීය පරිහානියක් ලෙසින් ම හඳුනාගත යුතු නැත. බුදුසමය එවැනි නව ප්‍රවණතා එකහෙළා ප්‍රතික්‍ෂේප නොකරන බව ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් විෂයයෙහි අවධානය යොමු කිරීමෙන් වටහාගත හැකි ය. එහෙත් මිනිසුන් ‘ශිෂ්ට’ (Civilzed) ‘සංස්කෘතික’ (Culturized) වීමත් සමඟ ලජ්ජාව හා භය සමාජයීය සාරධර්ම බවට පත් වෙයි. එවිට ලිංගික කාර්යය එයට සම්බන්ධ වන පුද්ගලයන් පමණක් දත යුතු යැ යි සමාජය උපකල්පනය කරයි. අප පෙර සඳහන් කළ අග්ගඤ්ඤ සූත්‍රයේදී ලිංගික චර්යාව ‘අසද්ධම්ම’ හෙවත් ‘ධර්මය නොවන’ ලෙස දක්වන්නේ එතෙක් පැවති සම්මතය තුළ එම ක්‍රියාවට හිමි වූ තැන පැහැදිලි කිරීමට යි.

Saturday, June 15, 2013

විශිෂ්ට ශ්‍රී ලාංකික පුත්‍රයකු වූ ආචාර්ය රේ. විජයවර්ධන

විද්‍යාජෝති ආචාර්ය රේවත විජයවර්ධනයන් පිළිබඳව නොදන්නා ශ්‍රී ලාංකිකයන් බොහොමයකි. ඊට හේතුව ඔහු පෞද්ගලික ප්‍රසිද්ධිය පිළිබඳව උනන්දු නොවූ බැවිනි.එහෙත් දියුණුව ප්‍රාර්ථනා කරන අයට ඔහු පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වන්නේය. වඩාත් වැදගත් වනුයේ ඔහුගේ දැනුම සහ විද්‍යාවට සිදු කරන ලද මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ “රේ” නමිනි. ආචාර්ය රේ. ගේ පියා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ වැඩිමහල් සොහොයුරු වෛද්‍ය ඩී. විජයවර්ධන මහතායි. ආචාර්ය රේ. ගේ අධ්‍යාපනය සහ රැකියාවට මුල් පසුබිම සලසනු ලැබූයේ පියා විසිනි. මව ඉංගිරිසි ජාතික කාන්තාවකි.

ඇය ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ආචාර්ය රේ. ගේ විනය හා කාර්යක්ෂම බවට මවගේ බලපෑම බෙහෙවින්ම විය. ඇය එවකට බෝපිටිය සහ ගිරිඋල්ල අතර, අසුපිටින් ගමන් ගනිමින් ගම්වාසීන්ට නොමිලයේ ප්‍රතිකාර කළාය.

ආචාර්ය රේ. විජයවර්ධන, වරෙක මොරටුව සරසවියේ කුලපතිවරයා වූ අතර තේ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ද විය. පොල් පර්යේෂණ ආයතනයේ වසර 50ට වඩා පර්යේෂණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ ඔහු සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ජාතික විද්‍යා සභාව, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඔහුගේ සේවය ලැබූ ආයතන කිහිපයකි.

1915 සිංහල - මුස්ලිම් කෝලාහලය පිළිබද දුර්මත සහ සත්‍ය

1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක්‌ එවක නොවූ බවට එය ප්‍රබල සාක්‍ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක්‌ ගතවූ තැන 1915 දී සුළු ජන කණ්‌ඩායමක්‌ විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග කරමින් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් ප්‍රකෝපයට පත්වූ සිංහලයන් විසින්ද එම සුළු ජන වර්ගයට පෙරළා පහර දෙනු ලැබිණ.

ඉංග්‍රීසි යටත් විජිත ආණ්‌ඩුව විසින් යුද්ධ නීතිය පනවනු ලැබ ස්‌ත්‍රීන් දෙදෙනකු ඇතුළු 66 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන්ද, සිවිල් සහ හමුදා අධිකරණ මගින් 5193 දෙනකු වැරැදිකරුවන් ලෙස දඬුවම්වලට යටත් කිරීමෙන්ද, තවත් අතිවිශාල පිරිසක්‌ නඩු නොපවරා අත්අඩංගුවේ රඳවා ගැනීමෙන්ද මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබා ගැනීමෙන් හා යාන වාහන සහ ගවාදී සතුන් බලහත්කාරයෙන් පවරා ගැනීමෙන්ද සිංහලයන්ට මහත් ව්‍යසනයක්‌ ගෙන දීමට මුල්වූ එම වාර්ගික ගැටුම පිළිබඳ සත්‍ය ඉතිහාසය මේ වන විට කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව මෙකල පළවන ඇතැම් ලිපි ලේඛන වලින් පෙනෙන්නට තිබේ.

Friday, June 14, 2013

බ්‍රයිඩේ මර්ෆිගේ අන්තරාභව තොරතුරු අග්ගඤ්ඤ, තිරෝකුඩ්ඨ සූත්‍රවල ඇතැම් කරුණුවලට සමානයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
හිටපු කථිකාචාර්ය
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

බ්‍රයිඩේ මර්ෆි හෙළිකරන සියලු දේ අපට එකහෙළා පිළිගත නොහැකි වුව ද ඇතැම් කරුණු තිරෝකුඩ්ඨ, අග්ගඤ්ඤ ආදි බෞද්ධ සූත්‍රයන්ගෙන් හෙළි කරන ඇතැම් කරුණු සමඟ සමානත්වයක් දක්වන බව පැහැදිලි වෙයි

බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභවය පර්යේෂණ වාර්තාවෙහි ඇතුළත් මරණින් මතු ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් අපි පසුගිය සාකච්ඡාවේ දී අනාවරණය කළෙමු. 

එහි එන බොහෝ කරුණු තිරෝකුඩ්ඪ සූත්‍රයේ සඳහන් මරණින් මතු පැවැත්ම පිළිබඳ කරුණු සමඟ බොහෝ සෙයින් සමානත්වයක් දක්වයි.එහි එන තවත් සමානත්ව කරුණු කිහිපයක් පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරමු.

ප්‍රශ්නය – ඒ ලෝකේ ගඳ දැනීම ස්පර්ශය දැනීම ශබ්ද ඇසීම රූප ඇසීම ආදිය තියෙනව ද? ඒ ලෝකේ මේ ඉන්ද්‍රිය සියල්ල ම තියෙනවා ද? ඒ ඇස්ට්‍රල් ලෝකයේ වස්තු ස්පර්ශ කරන්න පුළුවන්ද?

පිළිතුර – බෑ

ප්‍රශ්නය – ගඳ සුවඳ දැනෙනවාද?

පිළිතුර – නෑ. නමුත් පේනවා.

ප්‍රශ්නය - ස්පර්ශ කරන්න පුළුවන්ද?

පිළිතුර – ඇහෙනවා

ප්‍රශ්නය – ඔබ කිව්ව ඒ ඇස්ට්‍රල් ලෝකයේ හැමවිටම කිසියම් ආලෝකයක් ඇති බව. ඒ වගේම බ්‍රියන්ට දිවා රාත්‍රි තිබුණ බව දැනගන්නට පුළුවන් වුණා කියලත් කිව්ව එහෙම ද? (බ්‍රියන් යනු බ්‍රයිඩේ මර්ෆිගේ ස්වාමියාය. ඇය මිය යෑමෙන් පසු ඔහු කළ කී දේ ගැන බොහෝ කාලයක් අවධානයෙන් සිට ඇත.)

බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභව තොරතුරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
හිටපු කථිකාචාර්ය,
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

ප්‍රශ්නය- බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභව තොරතුරු ථෙරවාදී අදහස් සමඟ ගැළපේද?

‘බ්‍රයිඩේ මර්ෆිගේ’ ස්වයං කථිත අන්තරාභවය පර්යේෂණ වාර්තාවකි. මෙම පර්යේෂණය සිදුකරනු ලැබුවේ ඇමරිකන් ජාතික මෝරි බෙර්න්ස්ටයින් නම් සුප්‍රකට පර්යේෂකයා විසිනි. මුලදී උග්‍ර භෞතික වාදියෙකු වූ මොහු මෝහනය හා පුනරුප්පත්ති පර්යේෂණ සඳහා යොමු වී ඇත්තේ අහම්බෙනි. කෙසේ හෝ පසුව මේ පිළිබඳ ඔහුගේ වැඩි කැමැත්තක් ඇති වී ඇති අතර විවිධ පුද්ගලයන් මෝහනයට පත් කරමින් පුනරුප්පත්තිය පිළිබඳ විශාල පර්යේෂණ සංඛ්‍යාවක් ඔහු විසින් සිදුකරනු ලැබ ඇත. මෙම පර්යේෂණ නිසා භෞතිකවාදය මත පදනම් වූ දේවවාදි ආගම් වලින් ඔහු සහ ඔහුගේ පර්යේෂණ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කර ඇත.

ඔහුගේ මෙම පර්යේෂණ අතර වඩාත් ජනපි‍්‍රයත්වයට මෙන්ම මතවාද වලටද තුඩුදුන් පර්යේෂණය වූයේ ‘බ්‍රයිඩේ මර්ෆි’ පිළිබඳ පර්යේෂණය යි. මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ 1952 වර්ෂයේදී ය.මෙසේ මෝරි බෙර්නස්ටයින් විසින් මෝහනයට පත්කරන ලද විස්තර ලබාගෙන ඇත්තේ රූත් මිල්ස් සිමන්ස් නම් ලේඛිකාව මගිනි.ඇගේ පෙර ආත්මයේ නම බ්‍රයිඩේ මර්ෆි ය.ඇය අයර්ලන්තයේ උපත ලැබූ තැනැත්තියකි. මෙම පරියේෂණයේ දී ඇය හෙළිකරන තොරතුරු බ්‍රයිඩේ මර්ෆි ලෙස ඇය අයර්ලන්තයේ උපත ලබා ගත කළ ජීවිතයේ තොරතුරු ය.

Wednesday, May 8, 2013

බුදු සසුනට ප්‍රමුඛස්ථානය

සියළු ආගම්වලට සමානව සැළකීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට මෑතක දී අගමැතිතුමා ප්‍රකාශ කළේය.  එම ප්‍රකාශය ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් දැඩිව විවේචනය කරන ලදී.  උන්වහන්සේගේ විවේචනය විවේචන කිරීමට දැන් සමහරු පෙළැඹී ඇත.  ඔවුන් පවසන්නේ හෙළ උරුමය ආගම් භේදයක් අවුස්සා නැති ප්‍රශ්නයක් ඇති කිරීමට වෙර දරණා බවයි.  දිගු කාලීන යුද්ධයකින් බැට කා සාමයේ සුව විඳින ජාතියකට ගැටුම් තිත්ත වී ඇති බව සැබෑවකි.  නමුත් ගැටුම් ඇති කිරීමට වෙර දරන්නේ හෙළ උරුමයවත් ආගමික නායකයින්වත් නොවේ. අගමැතිතුමන්ය. 

ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ජාත්‍යන්තර ප්‍රමිතින්ගෙන් සාධාරණීකරණය වුණු කරුණක් අගමැතිතුමන් අභියෝගයට ලක්කර ඇත.  කිසිම සුළු ආගමික කණ්ඩායමක් බුදු සසුනට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කරන මෙන් එතුමන්ගෙන් ඉල්ලූ බවට වාර්තා වී නැත.  එබැවින් දුර දිග නොබලා සිතට නැගෙන සිතුවිලි වදන් බවට පෙරැලීමෙන් ආගමික ගැටුමක් නිර්මාණය කර ඇත්තේ අගමැතිතුමන්ය.  එතුමන්ගේ එම ප්‍රකාශය වැරදි වන්නේ ඇයිදැයි අපි දැන් විමසමු.

කීර්තියට වඩා මනුෂ්‍යත්වය උතුම්ය

කෙවින් කාටර්(Kevin Carter) යනු ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පියෙක් සහ මාධ්‍යවේදියෙක්. මොහු වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ මොහු අතින් ඡායාරූපයට නැගුනු ලොව කැලඹූ අවස්ථාවක් නිසා..

සුඩානය මෙලොව ඇති දිළිදුම රටවල් වලින් එකක්. කන්නට ගහක කොලයක්වත්, බොන්නට දිය පොදක්වත් සොයාගන්නට අපහසු රටක්. පහළින් ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුඩාන දරුවෙකු කැමට යමක් ලබාගැනීමට ඉතා දුර පිහිටි අහාර සැපයුම් මධ්‍යස්ථානයකට යන අතර වාරයේ මහන්සිය නිසා ගිමන් හරින අවස්ථාවක්.තව නොබෝ වෙලාවකින් මරණයට ලගා වන මෙම දරුවා ආහාරයට ගැනීමට නිතර ඔහු ලග ගැවසෙමින් සිටි ගිජුළිහිනියෙකුද මෙහි පසෙකින් සටහන් වෙලා තියෙන්නෙ අහම්බයකින් නොවේ.

ඖෂධ මාෆියාවට එරෙහිවූ සටන්කාමියා මහාචාර්ය සේනක බිබිලේ

“අපේ මිහිතලය අලංකාර කිරීම සඳහාත්, මිනිසාට ආඩම්බර විය හැකි ක්‍රම හා විධි සංවිධානය කිරීම සඳහාත් වෙහෙසෙන මිනිස්සු වීරයෝය.” මැක්සිම් ගෝර්කිගේ “අම්මා” පොතේ තැනක එසේ සඳහනක් ඇත. වීරයන් වන මිනිසුන් අපට ඉතිර කර ගිය දෑ බොහෝය. එසේ යමක් ඉතිරි කර යන්නට ඔවුන් තෝරාගත් මාර්ග බොහෝ විට අති දුෂ්කරය. මේ නිසා ඔවුන්ගේ ජීවිත බොහෝ විට අවධානමට පවා ලක් කරන්නට සිදු වූ අතර මින් වැඩි දෙනාට මේ නිසාම අකාලයේ සමුගෙන යන්නටද සිදුවිය. මේ තවත් එවැනි මානුෂීය ගුණාංගයන්ගෙන් පිරුනු අයෙකුගේ කතාවයි.

මුළු ලෝකයම ප්‍රශ්න මාලාවකට ඇදගෙන යාමට තරම් භයානක ජාවාරම් තුනක් ලෝකයම වෙලාගෙන ඇත. අවි ආයුධ, මත්ද්‍රව්‍ය හා ඖෂධ මේ ජාවාරම් තුනයි. මේවා විටෙක මානුෂීය මුහුණුවරකින් වාගේම ත්‍රස්තවාදී මුහුණුවරකින්ද අප හමුවේ පෙනී සිටියි. අනෙක් ඒවා කෙසේ වෙතත් මිනිසකු සුවපත් කරන ඖෂධ ජාවාරමක් ලෙස ඇත්තටම පවතිනවාද යන්න ගැන විටෙක ඔබ සැක සිතනවාද විය හැකිය. පෙර සඳහන් කරන ලද ජාවාරම් අතුරෙන් භයානකම ජාවාරම එයයි. තම ජාවාරමට එරෙහි වන හා එහි සැබෑ තතු ලෝකයට හෙළිකරන්නට උත්සාහ දරන අයකු ලෝකයේ කොහේ සිටියත් අභිරස් ලෙස මරා දමන්නට තරම් එම ජාවාරම් කරුවන් බිහිසුනුය. මහාචාර්ය සේනක බිබිලේ එසේ මෙම ජාවාරම්කරුවන් බිලිගත් වටිනා මනුෂ්‍යයෙකි.

Tuesday, May 7, 2013

පාසල් පෙළ පොතට ආගම් තහංචිය

පාසල් පෙළ පොත්වල සඳහන් ඇතැම් කරුණුවලින් තම ආගමට හානියක්‌ සිදුවන බවට කතෝලික පූජකවරුන් අධ්‍යාපන උපදේශක සභාවට දැනුම් දුන් බවත්, එවැනි කරුණු ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් පුවත්පත්වල පළ විය. පාසල් පොත්වල පමණක්‌ නොව කුමන අන්දමේ ප්‍රකාශනයක වුව ද, කිසියම් ආගමකට හානියක්‌ වන කරුණු තිබේ නම්, ඒවා ඉවත් කරවීමේ අයිතිය එම ආගම පිළිපදින පිරිසට තිබේ. ඒ අතර එක්‌ ආගමක ඉගැන්වෙන මූලධර්ම හා මතවාද වෙනත් ආගමක සඳහන් ඉගැන්වීම්වලට පටහැනිවීම හෝ විවේචන වීම බොහෝ විට දක්‌නට ඇත. විශේෂයෙන් නිර්මාණවාදය, ආත්මවාදය වැනි සංකල්ප බුදු දහම මගින් ප්‍රතික්‌ෂේප කර තිබීම බොහෝ ආගම්වලට තද පහරකි.

ලෝකයේ පවත්නා පිළිගත් ආගම් අතරින් බුදුදහම සුවිශේෂ අනන්‍යතාවයක්‌ ගොඩනඟාගෙන තිබෙන්නේ එවැනි සිද්ධාන්ත පදනම් කරගනිමිනි. ලෝකය පිළිබඳ සර්වබලධාරී බලවේගයක පැවැත්ම හා ආත්මවාදය බුදුරදුන් විසින් ප්‍රතික්‌ෂේප කරන ලද්දේ ක්‍රිස්‌තියානි හා ඉස්‌ලාම් ආගම් බිහිවෙන්නට සියවස්‌ ගණනකට පෙරාතුවය. එමගින් කිසියම් ආගමකට පහරක්‌ වදින බවට ඉස්‌මතු කෙරෙන චෝදනා පදනම් කරගෙන බෞද්ධ දරුවන්ට බුදුදහමේ හරය කියාදීමෙන් වැළකී සිටින්නට නොහැක. එසේම පානදුරාවාදය යනු අපේ රටේ ආගමික ඉතිහාසය සමඟ බැඳුන විශේෂ සිදුවීමකි. එය බුදුදහමේ සත්‍යතාව හෙළිදරව් කෙරුණ අවස්‌ථාවකි. එහිදී මතුවුණ කාරණා අතර තිබෙන්නේ බුදුදහමේ සාරයයි. එම නිසා පානදුරාවාදය ගැන ඉගැන්වීම නතර කරන්නට අයිතියක්‌ රජයට නොමැත. රජය එවැනි දෙයකට සැරසෙයි නම්. බෞද්ධයන් එයට විරුද්ධවනු ඇත. නමුත් පාසල් පොතක කතෝලික ආගමික ප්‍රජාව ජීවත්වන ප්‍රදේශ "ඌරු තීරය" යනුවෙන් නම් කිරීමෙන් ඔවුන්ට නිග්‍රහයක්‌ සිදුවන බව සත්‍යයකි. එවැනි දේවල් පාසල් පොත්වලින් ඉවත්කිරීමට බෞද්ධයන්ගේ සහයෝගය නිසැකවම ලැබෙනු ඇත.

සිංහල ජාතියේ මළගම පතන සෞඛ්‍ය සේවය

දරුවන් යනු අමිල වූ සම්පතකි.ජාතියකට පරපුරකට දරු සම්පත තරම් වටිනා අන් කිසිවක් තිබිය නොහැකිය.රටක අනාගතය ජාතියක ප්‍රාර්ථනය වන්නේ දරුවන් වන අතර ලෝකයේ සෑම රටක් මෙන්ම ජාතියක් ම මෙකී කරුණ විෂයෙහි ප්‍රධානත්වය දෙති.බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ දරුවන් යනු මිනිසාට තිඛෙන එකම සම්පත බවය.ජෙසුස් වහන්සේ දේශනා කරන්නේ ස්වර්ග රාජ්‍යය දරුවන් ගේ බවය.එනිසා කවරම රටක් වුවද සිය පොහොසත් බව දරුවන් ලැබීමේ ශක්‍යතාවයට අනුවද මනිනු ලැබේ.ලෝකයේ සියළු ජාතීන් ආගම් උසස් කර සලකන ප්‍රධානත්වය දෙන මේ කාරණය සිංහල ජාතියට පමණක් අදාල නොවේ.මෙය සියලු ලාංකිකයනටම අදාල වන්නක් ද නොවේ.මුස්ලිම් ජනයා කිසිවිටකත් සිය ජාතියේ දරුවන් බිහිවීම සඳහා වල කපන්නේ නැත.බාධා කරන්නේ හෝ නීති පනවන්නේ නැත.දෙමල ජනයාද එසේමය.තම ජාතියේ දරුවන් කෙතෙක් බිහි වුවද ඔවුනට එය මහා සම්පතකි.එහෙත් සිංහල ජාතියේ තත්වය මෙයට වඩා අතිශයින් ශෝචනීයය.තමන්ගේ ජාතියේ දරුවන් බිහිවනවාට සිංහල ජාතියේ වගකිව යුත්තන් කැමති නැත.ඔවුන් කැමති වන්නේ සිංහල පවුලක එක් දරුවෙක් සිටිනු දකින්නටය.එක් දරුවා බැගින් බිහිකර සිංහල ජාතිය කවදා හෝ විනාශ වී යනු දකින්නට ඔවුන් කැමතිය.එ මක් නිසාද යන්න ට පිළිතුරු නැත.එහෙත් සත්‍යය එයයි.

රැකගමු නිදහස්‌ අධ්‍යාපනය

පොල් සම්බෝල සමග බත් ආහාරයට ගෙන පන්පැදුරේ නිදාගෙන නීතිඥයකු, දේශපාලනඥයකු හා ජාතික නිදහස්‌ සටනේ සාමාජිකයකු වු ආචාර්ය ක්‍රිස්‌ටෝපර් විලියම් විජෙකොන් කන්නන්ගර මැතිතුමාණෝ ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෝය.

ඉංග්‍රීසි අධ්‍යාපනය තුළින් තම අධ්‍යාපනය සම්පූර්ණ කළ එතුමා 1907 ක්‍රේම්බ්‍රි- ජ්‍යෙෂ්ඨ විභාගයෙන් අංක ගණිතය හා උසස්‌ ගණිතය යන විෂයන් දෙකෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සියලු අපේක්‌ෂකයන් අභිබවා මුල් තැන දිනාගත් අතරම වසරේ දක්‌ෂතම ශිෂ්‍යයා ද විය.

දුප්පතකු වශයෙන් ඉපිද රටට, ජාතියට, නිදහස්‌ අධ්‍යාපනය තුළින් ආලෝකය ලබා දුන් ඒ විශිෂ්ටම උගතා තම ජීවිතයේ අවසාන කාලය ගතකළේ රජය විසින් ලබාදුන් සහනාධාරයෙනි. නිදහස්‌ අධ්‍යාපනයේ පියා දුප්පතකු වශයෙන්ම මිය යාමෙන් රටේ වත්මන් දේශපාලන පන්තියට ආදර්ශය සපයා ඇත්තේ දේශපාලනය තමාට හෝ තම පවුලේ අනාගතය වෙනුවෙන් හරිහම්බ කර ගන්නා ව්‍යාපාරයක්‌ නොවන බව තමන් විසින් ම ක්‍රියාවෙන්ම ඔප්පුකරලමිනි.

ලෝකයේ පිළිගත් උගතකු වු එතුමාණෝ සැබැවින්ම රටට, දැයට ආදරය කළ අතර පොදු ජනතාවගේ දේපළ වලට හෝ පොදු සම්පත් වලට මෙන්ම මිල මුදල් වලට අනිසි ලෙස ආදරය නොකළ අතර සැබැවින්ම රටේ අනාගත පරපුරට මහත්සේ ආදරය කළහ.

Monday, May 6, 2013

අරන්තලාවේ සිදු වූ අමානුෂික භික්ෂු ඝාතනය

1987 ජුනි මස 02 වැනිදා මහා වාපී විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් තවත් භික්‌ෂුන් පිරිසක්‌ පිරිවරා ගෙන අම්පාරෙන් පිටත් වූයේ අලුයම 5.00 ට පමණය.

භික්‌ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝ කීපදෙනෙක්‌ද ඒ ගමනට එක්‌වී සිටියහ. දවසේ හිරු නැගෙන්නටත් ප්‍රථම උන්වහන්සේලා ලංගම බසයක නැගී මේ වැඩම වූයේ සත සිත නිවාතවා සනහන සද්ධර්ම චාරිකාවක්‌ සඳහාය.

ඈත කඳුහෙල් හා ගිරි සිඛර අතරින් ළහිරු මඬලේ අරුණුවන් රැස්‌ මහපොළොව සිප ගනිද්දී මේ භික්‌ෂූන් වහන්සේලා රැගත් බස්‌රිය හෙමින් හෙමින් ගමනාන්තය අරමුණුකරගෙන පෙරට ඇදුණේය. ගිහි පැවිදි 4 දෙනකු සිටි එම බසයට ඒ අයුරින් එන්නට ලැබුණේ අරන්තලාව නුවරගල 28 වැනි සැතපුම් කණුව තෙක්‌ පමණි.

28 වැනි සැතපුම් කණුව ආසන්නයට බසය ළංවෙත්ම එක්‌වරම සිදුවූයේ කවුරුත් හීනෙකින්වත් නොසිතූ දෙයකි. සොඳුරු දවසකට හිරු පායා තිබුණ ද වැහි බීරිමක්‌ මෙන් වූ වටපිටාවේ අඳුරු පරිසරය පළකර තිබූ පාළු මූසල ස්‌වභාවය කාටත් කියාපෑවේ මහ විපතක පෙරනිමිත්තක්‌ වැන්න. වේලාව උදැසන 7.30 ඉක්‌මවා තිබුණේ නැත පාර හරහා දමා තිබුණේ ලොකු ලී කොටයකි.

ගව ඝාතනය නතර කළ නොහැකි ද?

‘සසර’යනු මහා දුක් කන්දරාවකි. මේ බව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී දේශනාකර ඇත. ‘‘අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි නපඤ්ඤායති’’ සසර යනු ඉමක් කොනක් නොපෙනෙන මහා ප‍්‍රවාහයකි. අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා කෙළවරක් දැකිය නොහැකි මේ මහා සංසාරේ මාත් ඔබත් ගමන් කළ බව බුදුරාජාණන් වහන්සේ දේශනා කළහ. සත්ත්වයන් ඉබාගාතේ කිසිදු පිළිසරණක් නොමැතිව සංසාර ප‍්‍රවාහයට හසුව පාවී යන ජීවිතවලට සදාකාලික සැනසීමක් එක් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ එසේ කළේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ පාරමීදම් බලයෙනි.

එසේ නම් දැන් සසරේ ඉමක් නොපෙනුණත් කොනක් නැතැයි කියා පසුතැවිලි වන්නට අවශ්‍ය නැත. ලාබ, අලාභ, අයස, යස, නින්දා, ප‍්‍රශංසා, සැප, දුක් කියන්නා වූ අටලෝදහමට නිරන්තර හසුව ගත කරන මේ ජීවිතයට සදා සැනසිල්ලක් ඇති බව අපට පැහැදිලිය. ඒ උතුම් වූ පිළිසරණ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේට නිරන්තර ආමිස පූජාවෙන් හා විශේෂයෙන් ප‍්‍රතිපත්ති පූජාවෙන් පිදුම් කළ යුතුය.

අපේ අවුරුද්ද හා අපේ දැනුම

අද අපට තවත් අවුරුද්දක්‌ උදාවෙයි. ඒ අපේ, එනම් සිංහලයන්ගේ අවුරුද්ද ය. එයට සිංහල හා දෙමළ අවුරුද්ද යෑයි කියන්නෝ පඬියෝ ය. එය දෙමළ අවුරුද්දක්‌ නම් අද තමිල්නාඩුවේ ද අවුරුද්ද විය යුතු ය. එහෙත් එය එසේ නො වේ. අද අවුරුද්ද පවත්වන්නේ ප්‍රධාන වශයෙන් ම ථෙරවාදී බෞද්ධ රටවල ය. අදට යෙදී ඇති හින්දු අවුරුද්දක්‌, අවුරුදු උත්සවයක්‌ නැත. අද යාපනයේ දෙමළ ජනයා යම්තමින් හෝ අවුරුදු උත්සවය පවත්වන්නේ සිංහලයන්ගේ ආභාසයෙනි. දෙමළ ජනයාගෙන් යම් ප්‍රමාණයක්‌ පෘතුගීසීන් මෙරටට පැමිණෙන සමයේ යාපනයේ බහුතරය වූ සිංහලයන්ගෙන් පැවත එන්නෝ ය. ඒ සිංහලයන් දෙමළ බවට පත්වූයේ ලන්දේසීන් තම දුම්කොළ වගාවට කෝරමණ්‌ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙන ඒමෙන් පසුව ය. එහෙත් ඔවුහු දෙමළ සමාජයේ සුළුතරය බවට පත්වූවා පමණක්‌ නොව ඊනියා අඩු කුලයේ ජනතාව බවට ද පත්වූහ. 

අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා දෙමළ ජනයාට ඔවුන්ගෙන් ආභාසයක්‌ විණි යෑයි සිතීම අපහසු ය. වෙල්ලාලයන් අඩු කුලයේ අයගේ අවුරුද්දක්‌ පවත්වාවි යෑයි සිතිය නො හැකි ය. ඒ කුමක්‌ වුවත් අද පවත්වන හින්දු අලුත් අවුරුද්දක්‌ ලෝකයේ කොහේවත් නැත. මෙය බෞද්ධ, මෙරට දී නම් සිංහල බෞද්ධ උත්සවයකි. අග්නිදිග ආසියාවට අද පැවැත්වෙන අවුරුදු උත්සවය සිංහල බෞද්ධ සංස්‌කෘතිකාංග සමග ඔවුන්ට ගලා යන්නට ඇත. එය බලහත්කාරයකින් සිදුවූවක්‌ නොවන බව ද පැහැදිලි ය. අප වර්තමානයෙහි ජනවාරි පළමුවැනිදා බටහිරයන්ගේ අවුරුද්ද පවත්වන්නේ අප මත එය බලයෙන් පටවා ඇති බැවිනි. පඬියන්ට නොතේරුණත් අපේ සංස්‌කෘතියෙහි හා යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි වෙනසට එය කදිම උදාහරණයකි.

ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

අද ලංකාවේ “පොෂ්” පැලැන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ පොෂ් පැලැන්තිය ද අබිබවා යන තරමට පොෂ් ය. කෙටියෙන් කිව්වොත් “පොෂේ පොෂ්ය”. අන්තර්ජාලය තුල ඔබට පොෂේ පොෂ්ලා අප්‍රමාණව සොයා ගත හැක. ලාංකික පොෂ්ලා වර්ග දෙකක්යැයි සමහරු කියති. එනම් “රියල් පොෂ්” සහ “වෙන්ට පොෂ්” යනුවෙනි. මෙහි වෙන්ට පොෂ් යනුවෙන් හඳුන්වන්නේ, උප්පත්තියෙන් ඇට මිදුළු තුලට කාන්දු නොකරන ලද “පොෂක්” ඇඟේ පතේ එල්ලා ගැනීමට, අළුයම සිට මධ්‍යම රාත්‍රිය තෙක් අම්බානක ට්‍රයි එකක් දෙන අයට ය.

නමුත් මට පුද්ගලිකව හැඟෙන දෙය නම්, පොෂ් ආර උපන් හැටි ගවේෂණය කර බලන විට අප රට තුළ සිටින්නේ සමස්තයක් ලෙස බලන කල “වෙන්ට පොෂ්” ලා පමණක්ම බවය. මොකදැයි කිව්වොත් අද ඔය “චීයා මෙයා කන්ට්‍රි සයිඩ් මඩි ඇන්ඩ් ඩස්ටි” කියන අයගේ අප්පලා, මහප්පලාත් හොඳට කර වටක් හැලි කුඹුරු වල මඩේ බැස ගොවිතැන් කල, අහිංසක සාධාරණ මිනිසුන් වීම නිසාය. ලංකාව දූපතකි. එනිසා මේකලාගේ පරම්පරාවල මුල් ඇත්තේද, අද ඔවුන් “ගොඩයන්” යැයි කියන අපේ මුල් ඇති තැන්වලම තමාය. උන්ගේ පරම්පරා බී ඇත්තේත්, මුලින් සිංහල තන කිරිත්, පසුව සිංහල පොලවේ තණ කන කිරි අම්මලාගේ කිරිත්මය. නැතුව මුන්ට “මෝල්ටඩ් මිල්ක්” පොවන්නට ඒරොප්පෙන් වික්ටෝරියා කිරි බුරුල්ල දික් කළේ නැත. දික් කළා යැයි මුන් සිතාගෙන සිටීම වෙනම කාරණයකි.

සිංහල බෞද්ධ සහෝදරයිනි

සිංහ ලේ ඇති උතුම් ආර්යවංශයට අයිති ආර්යවර්තයේ ජන පදයකින් නික්මුන නිර්භීත සිංහල ජනකායකින් පැවතෙන්නා වූ පරම්පරා හැත්තෑවක් සිංහනාද කරමින් සිටි සූර සිංහලයන්ට වාස භූමිය වූ මෙම තම්බපන්නිද්වීපය නොහොත් සිංහලද්වීප වාසි සිංහලයිනි,

අපගේ උතුම් ආගම දවසින් දවස පහත බසින්නේය. අප උතුම් ජාතිය දවසින් දවස පිරිහීමට යන්නේ ය. පූර්වකාලික සිංහලයන් විසින් නොකළා වූ පව් වර්තමාන සිංහලයන් විසින් කරනු ලැබේ. සතුන් මැරීම, හොරකම, පරස්ත්‍රී සේවනය, බොරුකීම, සුරාපානය පෙර සිටි සිංහලයෝ නොකළෝය..

පරදේශ වලින් මෙහි පැමිණි අනාය¸ම්ලෙච්ඡ ද්‍රවිඪ යොනක මිථ්‍යාදෘෂ්ටි පාපීන් සේවනය භජනය පයුරුපාසනය කිරීමට පටන් ගත් තැන් පටන් උතුම් සිංහල ජාතිය පිරිහීමට පටන් ගත්තේ ය.

දැනට අප ඉතාම පහත් ගතියකට පැමිණි සිටින බව ප්‍රත්‍යක්‍ෂයි. ලෝකයේ අනිකුදු සියලුම ජාතීන් දියුණුවෙන මේ කාලයේ අප පමණක් පිරිහීමට යන්නේ මන්ද?

Saturday, May 4, 2013

තලංගම නාගිත නමින් පැවිදි වූ මොහොමඞ් සෆ්රාෂ් ආබ්දීන්

යථාර්ථවාදී ආගමක් වන බුදු දහම මිහිපිට උපන් සෑම පුද්ගලයෙකුගේ ම හිත සුව පිණිස පවතින ආගමකි. ජාති, කුල, මල භේද නො සලකන බුදු දහම නිදහස් නිවහල් චින්තනයට මූලිකත්වය දෙමින් නිවනට මඟ සාදයි. කිසිදු බලපෑමකින් තොර ව ස්ව චින්තනයට ප‍්‍රමුඛත්වය දෙන බුදු දහමේ කිසිදු ඉගැන්වීමක අන්‍යාගමිකයකු පැවිදි දිවියට ඇතුළත් වීම අකැප දෙයක් යනුවෙන් සඳහන් නො වේ. තථාගතයන් වහන්සේට සමකාලීන වෙනත් ශාස්තෘවරුන් සිය අනුගාමිකයන්ට අධික නීති පනවද්දී තථාගතයාණන් වහන්සේ පුද්ගල මානසික හිංසනයන්ට තුඩු දෙන කිසිදු නීතියක් සිය අනුගාමිකයන්ට නො පැන වූහ.

බුදු දහම වනාහී ඕනෑ ම තරාතිරමක පුද්ගලයකුට පැවිදි වීමේ මූලික අයිතිය නො පිරිහෙළා ලබාදීමට කටයුතු කළ ආගමකි. රජ පෙළපතේ ධනවතුන්ට සේම ඉතාමත් දිළිඳු සුනීත, සෝපාක වැනි දරුවන්ට පවා මහණ දම් පිරීමට ඉඩහසර වෙන්වූයේ ඒ නිසා ය. ජාති කුල මල භේද බුදු දහම තුළ නො තිබිය යුතු බව ද වරෙක බුදු හිමියන් දේශනා කළේ එය පුද්ගල පිරිහීමට තුඩු දෙන හේතුවක් නිසා ය.

සීගිරියේ කැටපත් පවුරින් හෙළිවන පුරාණ ලක්දිවෙහි කාන්තා සාක්ෂරතාවය

කැටපත් පවුරට ලියා ඇති කවි වලින් හඳුනාගෙන ඇති පරිදි ස්ත්‍රින් සත්දෙනෙකු කවි ලියා ඇත. ඔවුන් නම් වශයෙන් ගත් කල පහත පරිදි වේ.

දේවා හෙවත් මහමත අඹු - 152 කවිය
දයාල් බතී - 122 කවිය
නාල් - 543 කවිය
සෙත් බතී - 400 කවිය
ණිදලු මිහිදී අඹු - 41 කවිය
සෙවි කලී - 247 කවිය
සෙලු අඹු - 681 කවිය

අතීත ලංකාවේ ස්ත්‍රිය උගත් හා නිදහස් භූමිකාවක් රඟදැක්වූ බවට ළඳුන් විසින්ම ලියූ මේ ගී කදිම සාක්ශියකි..

“ගෙරි මස්කන පරංගි” පළවා හැරීමට කැපව සිටි සීතාවක රාජධානිය

16 සියවසේ උග්ගල් අලුත්නුවර ඓතිහාසික පුවත් සම්බන්ධ විමතියක් ඇතිවීම වලකා ලීම පිණිස සීතාවක රාජසිංහයන් පිළිබඳ නිවැරදි ඓතිහාසික පුවත් වැදගත් පසුබිමක් සපයයි.

6 වන පරාක්‍රමබාහු සමයේ(ක්‍රි.ව.1412-1467)දිවයින එක්සේසත් වෙමින් තවත් ස්වර්ණමය යුගයක් රටට උදාවිය. රාජධානියේ කේන්ද්‍රස්ථානය හෙවත් අගනුවර වූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ය. එහෙත් එම දීප්තිය පරාක්‍රමබාහු රජතුමාගෙන් අනතුරුව මතුවූ අවුල් වියවුල් නිසා තවදුරටත් නොපැවතිනි. රාජධානිය කොටස්තුනකට බෙදී ගියේය. කෝට්ටේ, යාපනය, උඩරට, වශයෙන් කොටස්තුනක් බවට පත් වූ අතර තවදුරටත් අග්‍ර රාජධානිය සේ කෝට්ටේ සැලකුවත් සෙසු අය ද ස්වාධීනවීමට යත්න දැරීම නිසා එය නාමික එකක් පමණක් විය.

බඹ ලොව කැලඹුණු දවසක්

මහා බලවතකු වූ බක බ්‍රහ්මයාගේ දැඩි ආත්මවාදය බිඳහෙළමින් බුදු රජාණන් වහන්සේ බඹලොවදී පෑ ප්‍රාතිහාර්යය මේ ලිපියෙන් විස්තර වේ.

කසුන් ගුණරත්න

සුන්දර උක්කට්ඨා නගරයේ ‘සුභග’ නම් වූ මහා වනයක් විය. එහි සුවිසල් සල් ගසක් මුල වැඩ සිටි බුදු රජාණන් වහන්සේ, බ්‍රහ්ම ලෝක වාසී ‘බක’ බ්‍රහ්මයාට බරපතළ වැරැදි වැටහීමක් ඇති වූ බව සිය පර සිත් දන්නා නුවණින් දැනගත්හ.

වහා ම ක්‍රියාත්මක වු උන් වහන්සේ එකෙණෙහි ම මිනිස් ලොවින් අතුරුදන් ව බඹ ලොව පහළ වූ හ.

බුදු රජාණන් වහන්සේ දුටු බක බ්‍රහ්මයා උන් වහන්සේ සාදරයෙන් පිළිගත්තේ ය.

“නිදුකාණෙනි, වඩිනු මැනැවි. යහපත් ගමනක් ම වේවා! මේ බ්‍රහ්ම ආත්මය සදාකාලික යි; ස්ථිර යි; සැම දෙයින් ම සම්පූර්ණ යි; චුත නොවන, නූපදින, නොදිරන, නොමැරෙන ස්වභාවයෙන් යුක්ත යි. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකයෙන් තොර නිවනක් තවත් නැහැ. දුකින් නිදහස් වූ එක ම තැන මේ බ්‍රහ්ම ලෝකය යි.”

බක බ්‍රහ්මයා තම බ්‍රහ්ම පදවිය පිළිබඳ පුරසාරම් දෙසී ය.

Related Posts Plugin for WordPress, Blogger...