මේ මිහිතලය තුළ ත්‍රස්තවාදීන් කියා කට්ටියක් දකින්න නැහැ. ඔවුන් ත්‍රස්තවාදී කටයුතු
කළ මිනිස්සු. ඒ නිසා ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්න බැහැ. එය ඔවුන්ගේ අංගයක්
පමණයි. මේ විදිහට මිනිසෙකුගේ කිසියම් දුර්වලකමක් මුල්කොට, ඔවුන් ත්‍රස්තවාදීන්,
මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, සොරුන් කියා කණ්ඩායම්වලට වෙන්කර දැක්වීම සුදුසු නැහැ.
හිරගෙදර මා පුද්ගලයන් මිස මිනීමරුවන් දකින්නේ නැහැ ඒත් මා හිරගෙදරකට ගියාම මගේ
උපක්‍රමය වන්නේ, මම ඔවුන් පුද්ගලයන් මිස අපරාධකරුවන් විදිහට නොදැකීමයි. මා කවදාවත්
පුද්ගලයකු දිහා “මේ මිනීමරුවා” කියන සිතින් බලන්නේ නැහැ.
ඔහු මට තවත් පුද්ගලයෙකු
පමණයි. මිනීමැරුමක් කළ පුද්ගලයෙක් පමණයි. ඒ විදිහට කළාම ඔබ පුළුල් චිත්‍රය දකින්න
පුළුවන්. එවිට මා ඉදිරියේ සිටින පුද්ගලයාට මට ගෞරව කරන්න පුළුවන් වෙනවා. අනික්
පුද්ගලයන් ඔවුන්ට බයෙන් සිටියත්, මට ඔවුන් දිහා ගෞරවයෙන් බලන්න පුළුවන්.
ඕස්ට්‍රේලියාවේ කැනිංවේල්හි දරුණු සිරකරුවන් සිටින සිරගෙයකට මා ගිය වේලාවේ දරුණු
සිරකරුවන්, සමලිංගික අපරාධකරුවන්ගෙන් ආරක්‍ෂාවීමට මට පෑනක් වැනි පුංචි මෙවලමක්
දුන්නා. මා සිරගෙදර සැරිසරමින් සිටියදී එවැනි උපද්‍රවයක් මට සිදුවෙන්ට ගියොත් එම
මෙවලමේ, බොත්තම් තදකරන ලෙසත්, එවිට අනතුරු හඟවන සංඥා ක්‍රියාකාරිවී, සිරගෙදර
නිලධාරීන්ට මා බේරා ගැනීමට හැකි වන බවත් මට උපදෙස් දුන්නා.
මේ මෙවලම තද රහසක් ලෙස
තබාගත යුතු බවත් ඒ ගැන කිසිසේත් සිරකරුවන්ට දැනගැනීමට ඉඩ නොසලසන ලෙසත් මට
වැඩිදුරටත් උපදෙස් දුන්නා. බෝල්පොයිට් පෑනක් වැනි මේ පුංචි ආරක්‍ෂිත මෙවලමක් රැගෙන,
මා සිරකරුවන් සඳහා පැවැත්වූ පංතියට සහභාගි වූ සැනෙන් ඔවුන් මගෙන් මුලින්ම ඇසූ
ප්‍රශ්නය, “ඔබටත් ඒ උපකරණය ලැබුනද?” යන්නයි.
ඔවුන් සිරකරුවන් වුණත් සුවිශේෂී
බුද්ධිමත් පිරිසක්. “ඔබ ඒ උපකරණය ක්‍රියාකරවන්න පෙර මට ඔබේ ඇඟට පැන ඔබට උපද්‍රවයක්
කරන්න පුළුවන්. ඒත් මම ඔබට එවැනි උපද්‍රවයක් කරන්නේ නැහැ. වෙන කෙනෙකුට එවැනි
උපද්‍රවයක් කරන්න ඉඩ සලස්සන්නෙත් නැහැ. ඒකට හේතුව අපි ඔබට කැමැති නිසයි. මෙහි
පැමිණියට ස්තුතියි” කියා එක් හැඩිදැඩි සිරකරුවෙක් කිව්වා.
මගේ ආරක්‍ෂක මෙවලම වුණේ එයයි. මා ඔවුන්ට ලබාදුන් සේවයයි. ඒ සිරගෙදර ඉතාම ආරක්‍ෂිත
තත්ත්වයේ සිටි පුද්ගලයා වෙන කවුරුවත් නොවෙයි මමයි. මට කිසියම් උවදුරක් සිදුවෙන්නට
ගියොත් සිරකරුවන් මා රැක ගන්නවා නිසැකයි. ඒකට හේතුව මා ඔවුන්ට යමක් දුන් නිසා,
ඔවුන් මා රැක ගැනීමයි.
අනුන්ට සේවය කිරීම කොතරම් කදිම දෙයක් ද කියා ඔබට පේනවා ඇති. එවිට ඔබ සැමවිටම
ආරක්‍ෂිතයි. මා නිරතුරුව විදේශ රටවලට යන නමුත් කිසිවිටක එවැනි ගමන් වලදී මා
සෞඛ්‍යාරක්ෂණයක්ද රැගෙන යන්නේ නැහැ. මා අසනීප වුණාම ඔවුන් මා රැකබලා ගන්නා බව මම
දන්නවා. මේක ඇත්තම සිද්්ධියක්. ඊයේ රෑ මම එක් වරක් කැස්සා පමණයි, එක් අයෙක් කැස්සට
දෙන බෙහෙත් ද අරගෙන ආවා.
එක්කෙනෙක් නොවෙයි දෙන්නෙක්ම ප්‍රතිජීවක ඖෂධ, කැස්සට දෙන
බෙහෙත් අරගෙන මා ළඟට ආවා. මේ විදිහට තමයි මිනිසුන් කරුණාවන්ත වෙන්නේ, ඔවුන් මා
රැකබලා ගන්නවා. මේ විදිහට ඔබ අනුන් වෙනුවෙන් සේවය කළ විට ඒවා ඔබට ආපසු ලැබෙනවා.
මොකක් හරි ආධ්‍යාත්මික බලයකින් නොව, මිනිසුන් විසින්ම ඔබ රැක බලා ගන්නවා. ඔබ රැකබලා
ගන්න අපමණ මිනිස්සු සැදි පැහැදි සිටිනවා.
No comments:
Post a Comment