වර්තමාන
සමාජයේ මාක්ස්වාදීන්, හේතුවාදීන් සහ සමාජවාදීන් බහුලය. විශේෂයෙන්ම මොවුන්
තරුණ පරම්පරාව තුළ එමට දැක ගත හැකිය. ආගම අබිං සේ සලකන මොවුන් තරම් දන්නා
පිරිසක් තවත් නැතැයි සිතා සිටිති. අරක්කු බෝතලය සාක්කුවේ ඔබා ගෙන සිගරට්ටුව
කටේ ඔබා ගෙන කටින් සමාජවාදය දොඩවන්නන් ඕනෑ තරම් සිටි. මුහුණු පොතේද මෙවැනි
කයිවාරු කාරයින් කොතෙකුත් ඇත. කරන්නට
පුළුවන් දෙයක් නැත. නමුත් මුහුණු පොතේ පුරසාරම් දොඩවමින් සිටිති. විශ්ව
විද්‍යාල තුලද මෙවැනි පිරිස් බිහිවී සිටීම සැබවින්ම කණගාටුවට කරුණකි. එනම්
රටේ බුද්ධිමත් පරපුරෙන් බොහොමයක් මෙම කයිවාරු කාරයන්ට හසු වී ඇත. ඔවුනට
ආගමක් නැත. ඔවුනට ජාතියක්ද නැත. නමුත් සෑම උපදින සත්වයෙකුටම වලංගු ලෙඩවීම,
මහලු වීම, මරණය වැනි දැ ඔවුනටද වලංගුය. මාක්ස්වාදීන්, හේතුවාදීන් හෝ
සමාජවාදීන් සුදු කොඩි පෙනෙන තුරු කයිවාරු ගසති. සුදු කොඩි පෙනෙන්නට ගත් විට
මෙතෙක් අබිං වූ ආගම හදිසියේම මතක් වෙයි. ඉන්පසු පන්සල් සොයාගෙන යයි.
බුදුමැදුරේ පෙරලි පෙරලි වදියි. හැම පෝයකටම සිල් ගනියි. එවිට ඔවුන්ට
මාක්ස්වාදීන්, හේතුවාදීන් සහ සමාජවාදීන් යනු සිහිය විකල් වූ පිරිසක්ය.
අඬහැරය - 2013/06/28
අඬහැරය - 2013/06/28
No comments:
Post a Comment