වෙසක්
සහ පොසොන් පෝය යනු බෞද්ධයන්ට ඉතා සුවිශේෂී වූ පොහෝ දෙකකි. නමුත් වර්තමානයේ
මෙම පොහෝ දිනයන් දෙස විමසීමකින් බැලූ විට දක්නට ඇත්තේ සැබවින්ම කණගාටු
තත්වයකි. බොහෝ දෙනා වෙසක් පොසොන් යන්නෙහි අරුතවත් නොදැන කටයුතු කරන බවක්
පෙනෙන්නට තිබේ. අද වෙසක් පොසොන් යනු සැණකෙළි පවත්වන දින දෙකකි. කූට
අන්දමින් මුදල් ගරන දිනයන් දෙකකි. වෙසක් පොසොන් දිනයන්හි අරුත වටහා ගෙන ප්‍රතිපත්ති පුජාවේ යෙදෙන්නේ ඉතාම සුළුතරයකි. බහුතරය පිස්සු නටති.
අද වෙසක් කලාප වල දක්නට ඇත්තේ හොල්මන් මන්දිර, ළමා විනෝද ක්‍රීඩා,
ඔලුබක්කන් නැටීම වැනි ආගමික දිනයකට කිසිදු ගැලපීමක් නැති හර සුන් දේය.බොහෝ
දෙනා මෙය ව්‍යාපාරයක් කරගෙන සිටිති. බහුතරයක් වෙසක් පොසොන් යනු කුමක්දැයි
දන්නේද නැත. ඔවුනට අනුව එම දිනයන් ජොලි කිරීමට වෙන් කල දිනයන්ය. දන්සැල්
අවසන් වූ තැන කසිප්පු පාටිය. වෙසක් බලන්න යන්නේද බී ගෙනය. පෝයකටවත් පන්සල්
නොයන පුද්ගලයින් සැදී පැහැදී හොල්මන් මන්දිර වල පෝලිමේ සිටිති. මේ අනුව බලන
කල නොබෝ දිනකදී වෙසක් පොසොන් දිනයන්හිදී සංගීත සංදර්ශන ද පවත්වනු
නොඅනුමානය. අප රටේ බෞද්ධයන් 61% සිටී යැයි 2011 ජන සංගණන වාර්තාවේ සඳහන්ව
ඇත. 61% බෞද්ධයන් සිටින රටක මෙවැනි පහත් ක්‍රියා වෙසක් පොසොන් වැනි උතුම්
දිනක සිදු විය හැකිද? වත්මන් සමාජය දෙස බැලූ විට අපට පෙනී යන්නේ 61% තබා 5%
ක් වත් බෞද්ධයන් නැති බවය. නමුත් නාමමාත්‍රික නැතහොත් ලේබල් බෞද්ධයන් නම්
ඕනෑවටත් වඩා සිටිති.
යම් දිනයක සම්බුද්ධ ශාසනය වැනසෙන්නේ ඔවුන් අතින් බවද අප සිහි තබා ගත යුතුය.
අඬහැරය - 2013/07/07
යම් දිනයක සම්බුද්ධ ශාසනය වැනසෙන්නේ ඔවුන් අතින් බවද අප සිහි තබා ගත යුතුය.
අඬහැරය - 2013/07/07
No comments:
Post a Comment