මුලු ලෝකයේම සිටින සියලුම මනුෂ්‍යයන් පෙරදිග හා බටහිර යන ගෝලීය ලක්ෂණ
අනුවත් ශ්‍රී ලාංකික, ඉන්දීය, බ්‍රිතාන්‍ය, ඇමෙරිකා, අප්‍රිකා, අරාබි යනාදී
ඒ ඒ රටවාසීන් වශයෙනුත් රටවල් අභ්‍යන්තරයේ වෙසෙන මනුෂ්‍යයන්, ජාති, ආගම්,
කුල, ගෝත්‍ර අනුවත් සිය ගණනින් ප්‍රභේදවලට වර්ගීකරණය වී ඇතත් මේ සියලුම
දෙනාට පොදුවූ ගති ගුණ හා සිතුම් පැතුම් ඇත.
ජාති, කුල, ගෝත්‍ර අනුව මිනිසා උසස් හා පහත් ලෙස වර්ගීකරණය කිරීමට සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී දේශනාකොට ඇත. උපතින් යමෙකු බ්‍රාහ්මණ යකු හෝ වසලයකු නොවන බවත් ක්‍රියාවන්ට අනුව ඔහුගේ උසස්කම හෝ පහත්කම ඇතිවන බව විස්තරාත්මකව දේශනාකොට ඇති සූත්රයකි වසල සූත්‍රය.
පෙළ දහමට අනුව මනුස්ස උස්සන්නතා මනුස්සා යනුවෙන් උසස් තත්ත්වයන්ට පත් කළ හැකි මනසක් ඇති සත්වයා මනුෂ්‍යයා වන බවත් මිනිසුන් අතර පවතින මානසික ගති නිමිති අනුව සංසාර ප්රවාහයට අසුව සිටීම හෝ ඉන් නිදහස් වී විමුක්ති සුවයට පත්වන බැව් ඉගැන්වේ.
කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන ත්රෙලෝකයන් තුළ වෙසෙන සත්ත්වයන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා වන ත්රෙලෝකානාථ වූ බුද්ධත්වයට පත්වනුයේද උසස්ම තත්ත්වයට පිරිසිදු කළාවූද දියුණු කළාවූද මිනිස් සිතක්මය. එසේම අවීචි ආදී මහා නරකයන්ට පතිත වන්නේද අතිශය කිලිටිකර ගත් අපිරිසිදු සිත් ඇත්තෝමය.
මිනිසුන් තුළින් විද්‍යමාන වන ගති ලක්ෂණ අනුව බුදුරජාණන් වහන්සේ මුලු මානව සංහතියම වර්ගීකරණය කර ඇති අතර මෙම බෙදීම විශ්ව ගුණෝපේත සර්වකාලීන ලක්ෂණ අනුව කර ඇතිනිසා එය සෑම රටකම, සෑම ජාතියකම, සෑම ආගමකටම පොදු පංච ගති ලක්ෂණ වේ.

නිරයං අග්ගිකඛන්ධංච පෙතලොකංච අන්‍ධකං
තිරච්ඡාන වන සං ඛණ්ඩං - මංසඛණඩංච මානුසිං
විමානං දිබ්බලොකම්හි - නිමිත්තා පංච දිස්සරේ
මෙහිදී ගති වශයෙන් සත්ත්වයන් උපදින කොටස් පහට පංච ගති යෑයි කියති. ඒ අනුව මනුෂ්‍යයාගේ සිතුම් පැතුම්වලට අනුව ඇතිවන ක්‍රියා පිළිවෙත්වලට අනුකූලව මනුෂ්‍ය වර්ග පහක් හඳුන්වා ඇත.
1. මනුෂ්‍ය නේරයියික
2. මනුෂ්‍ය ප්‍රේත
3. මනුෂ්‍ය තිරශ්චාන
4. මනුෂ්‍ය මනුෂ්‍ය
5. මනුෂ්‍ය දේව යනුවෙනි.
ඉහත ගති ලක්ෂණ පහට අනුව ඔබ තුළ ඇත්තේ මිනිසකු වශයෙන් උපත ලබා උසස් තත්ත්වයට පත්වන මනසක්ද නැතිනම් පහත් තලයට වැටෙන මනසක්ද යන්න තේරුම්ගෙන පහත් ගති පවතී නම් ඒවා බැහැර කර වටිනා මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්න උනන්දු වන්න. එසේ නොවුනහොත් ඉතා වටිනා දුර්ලභ වූ මනුෂ්‍යත්වය තේරුම් නොගත් අයකු වී දුගතිගාමියකු බවට පත්වීම නොවැලැක්විය හැක.
මෙකී බුද්ධ දේශනාව නොදන්නා ඇතැම් අය අපාය දිව්‍ය ලෝක නිසා වෙනම ලෝක නැති බවත් අපායත් දිව්‍ය ලෝකයත් ඇත්තේ මෙහිම බවත් දුක් විඳින හා සැප විඳින මනුෂ්‍යයන් උදාහරණයට ගනිමින් කතාකරන අවස්ථා ඇත. බුද්ධ දේශනාවන් හරිහැටි තේරුම් නොගෙන එවැනි මිත්‍යා දෘෂ්ටීන්ට හසු නොවී බුද්ධදේශනාවන්ට අනුව සිතා බලා අවබෝධ කර ගත යුතුය.
1. මනුෂ්‍ය නේරයියික
නේරයියික යනු නිරිසතුන් හෙවත් අපායේ සිටින සතුන්ය. එම නිරිසත්වයන් මෙත් සිතින් හා කයින් දැවෙමින් කිසිම සැනසීමක් නැති ජීවිත ගත කරන මිනිසුන් ඕනෑම රටක, සමාජයක දැකගත හැකිය. පස්පව්, දසඅකුසල් කරන අයවලුන්ගේ සැබෑ මානසික ස්වරූපය එයයි. මිනිසුන් මරණ,සතුන් මරණ, ස්ත්‍රී දූෂණ, හොර මැරකම් කරන, බොරු කේලම් කියන අයට එම වැරැදිවලට දඬුවම් අපහාස විඳින්නට වෙයි.
හොර රහසේ එවැනි දේවල් කළත් තම හිත තමා කළ දේවල් දනී. එම නිසා එවැනි වැරැදි වැඩකර අසුවූ අය දඬුවම් විඳින විට මා තුළත් එවැනි ගති ඇති නිසා මටද මෙවැනි දඬුවම් අපහාස, නින්දා විඳින්නට සිදුවිය හැකියි ආදී වශයෙන් සිත තුළ බිය, සැක ජනිත වී දැවෙන, තැවෙන ගති ඇතිවෙයි. මරණ දඬුවම බරපතල වැඩ ඇතිව හිර ගෙවල්වල තපින්නට සිදුවූවිට අඹුදරුවන්, ඥති හිතවත් අයගෙන් වෙන්වී පශ්චාත් තාප ගින්නෙන් දැවෙමින් සිටීමට සිදුවෙයි. මෙවැනි මිනිසුන් මනුෂ්‍ය රූපයෙන් සිටියත් ඔවුන්ගේ සිත කය දෙකම නිරයේදුක්විඳින අපා සතෙකු මෙන් දැවෙන්නෝ වෙති. එවන් අය මරණයෙන් පසුවද පුනර්භවයක් ලබනුයේ එම චිත්තයේ ගති පැවතුම් වලට අනුකූල වන්නාවූ අපාය භූමියක් තුළමය.
2. මනුෂ්‍ය ප්‍රේත
ප්‍රේතයන් යනු කුස පිරෙන්නට ආහාර නොලබන පිපාසයට දිය බිඳක්වත් බීමට අපහසු එනිසාම කෑමට, බීමට ඉතාමත් ගිජුවූ භූතාත්මයෝය. මිනිසුන් අතරද එවැනි කැමට බීමට ගිජුවූ වෙනත් කිසිම දෙයක් ගැන නොසිතන අය සිටී. එවන් අය වත් පොහොසත්කම් ඇති තැනක උපත ලැබුවත් දුප්පත් තැනක උපත ලැබුවත් ජීවිතය ගත කරනුයේ ප්‍රේතයන් විලසිනි. පොහොසත් නැත්වල උපත ලබන කෑමට බීමට ගිජුවූ අය උරුමයෙන් තමාට හිමිවූ දේපල කා බී විනාශ කරගෙන මහමඟට ඇද වැටී ප්‍රේතයන් බඳුවූ අවාසනාවන්ත ජීවිත ගත කරයි. දුප්පත් තැන්වල උපදින අය එදිනෙදා උපයාගන්නා සෑම දේම කෑමට, බීමට ගනිමින් හැමදාම දුක්ඛිත ජීවිත ගත කරයි. හෙටත් අනාගතයක් ගැන කල්පනා නොකරයි. අවසානයේ මංමාවත්වල හිඟාකන ජීවිත ගත කරයි. මෙවැනි අය සෑම ගමකම, රටකම සිටිනු දැකගත හැකිය. එවන් අය මරණයෙන් පසු ඔවුන් සිත් තුළ පැවැති ගති නිමිතවලට අනුකූල වන ප්‍රේත යෝනියක පුනර්භවයක් ලබාගනී.
3. මනුෂ්‍ය තිරශ්චාන
මනුෂ්‍ය තිරශ්චාන යනු තිරිසනුන් හා සමාන ගතිගුණ ඇති අයයි. මෙවැනි අයට සමාජය විසින්ම ඔවුන්ගේ චර්යාවන්ට අනුව ඒ ඒ සතුන්ගේ නම් පටබඳිනු ලබයි. එවැනි චරිත ඕනෑම ගමක, රටක සැමදාම සිටිති. කපටිකම් කරන කෛරාටික අයට නරියා, හිවලා කියාද සැර පරුෂ අයට නයා, පොළඟා වැනි සර්පයන්ගේ නම්ද ප්‍රතිපත්තියක් නැති අයට වවුලා, දෙපත් නයා කියාද සෑම දෙයකින්ම ලිස්සා යන අයට ලූලා කියාද, බොරු බේගල් කියන අයට දිව දෙකට බෙදී ඇති කබරයා කියාද, ලැජ්ජා භයනැති වැඩ කරන අයට බල්ලා කියාද, කල්පනා නොකර වැඩ කරන අයට බූරුවා, ගොනා කියාද, අපිරිසිදු අයට ඌරා කියාද මේ ආදී වශයෙන් නා නා විධ සතුන්ගේ නම් පට බැඳෙන්නේ ඔවුන්ගේ ගති පැවතුම් නිසාමය. අජ වෘත හෝ ගෝ වෘත, සුනඛ වෘත වැනි වෘත අනුගමනය කළ පරිබ්‍රාජක කොටසක් බුද්ධ කාලයේ ඉන්දියාවේ සිටි අතර බුදුරජාණන් වහන්සේ එවැනි වෘත රකින අය පවා මරණයෙන් පසු ඒ ඒ සත්ත්ව යෝනිවල පුනර්ජන්මය ලබන බැව් වදාළේය.
තිරිසනා යනු මිනිසුන් මෙන් උසස් තත්ත්වයන්ට පත් කළ හැකි සිතක් නැති සතුන්ය. මිනිසකුව ඉපදුනත් පූර්ව ජන්ම ගති අනුව සමරන විටක තිරිසන් ගති මතුවන අවස්ථා ඇතිවේ. වරක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන්දීමට පැමිණි මිනිසුන් පස් දෙනකු පස් ආකාර ඉරියව් පල කරමින් සිටි අයුරු නිරීක්ෂණය කළ ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳව කරුණු විමසා සිටියේය. මෙහිදී එක් අයකු ගසක අත්තක් සොලවමින්ද, තවත් අයකු පාදයෙන් බිම හාරමින්ද අනෙකකු නිදාගෙනද තවත් අයකු උඩබලා ගෙනද, එක් අයකු හොඳින් ධර්ම දේශනාවට සවන්දී ගෙනද සිටියේය. ගසේ අතු සොලවමින් සිටි අය පෙර ආත්මවලදී වඳුරකුව ඉපදී සිටි අයෙකි. බිම හාරමින් සිටියේ ගැඩවිලි පණුවකුව සිට මිනිසත් බව ලැබූවෙකි. නිදාගෙන සිටියේ සර්පයකු වී සිට මිනිසත් බව ලැබූවෙකි. උඩ අහස දෙස බලාගෙන සිටියේ නැකැත් කරුවෙක් වී සිටි අයෙකි. හොඳින් බණ අසමින් සිටියේ මිනිසකුව ඉපිද සිට මිනිසත්කම මනස දියුණුවට පත් කර ගනිමින් සිටි අයෙකු බැව් ද බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ පූර්ව ජන්ම ගති බැව්ද වදාළේය. ජන්මයට වඩා පුරුද්ද ලොකුයි යන කියමනට අනුව හොඳ පුරුදු ඇතිකර ගනිමින් තිරිසන් ගතිගුණ වෙනස් කරගත යුතුය. එසේ නොවුනහොත් වටිනා මනුෂ්‍යත්වය නැවතත් තිරිසන් ගතියට යටවී තිරිසන් සතෙකු වී පුනර්භවයක් ලැබෙන්නේය.
4. මනුෂ්‍ය මනුස්ස
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයකු වන්නේ තමාගේ මනස පිරිසිදුව තබාගනිමින් ප්රඥව දියුණු කර ගන්නා අයමය. ප්‍රඥ නාරානං රතනං යනුවෙන් මිනිසාට ඇති වටිනාම වස්තුව නම් ප්‍රඥවයි. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි යන්න පසක් කරමින් තම මවට, පියාට අඹු දරුවන්ට ඥති මිත්‍රයන්ට මෙන්ම ගම් නියම්ගම් වැසියනට මෙන්ම රටට ලෝකයට කරදරයක් නොවන යහපත පිණිසම කටයුතු කිරීම උසස් මනසක් ඇති මිනිසාගේ මිනිස් ගතිය වේ. ශ්‍රද්ධාව මෙන්ම බුද්ධියද ඇති එවන් මනුෂ්‍යා සිත දිනෙන් දින උසස් තලයන්ට පත්කර ගනී. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වූ එවන් අය සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් ආදී ලෝකෝත්තර තලයන් දක්වා සිත උසස් කර ගනී.
5. මනුෂ්‍ය දේව
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම චරියාවන් අනුව ජීවිතය ගත කරමින් සියලු සත්වයන්ගේ යහපත සලසන්නා වූ ද, ඒ වෙනුවෙන් තම ශ්‍රමය, ධනය, බලය, දැනුම කැප කරන මිනිසුන් අතර දේවත්වයෙන් ගරු බුහුමන් ලබයි.
එවන් උදාර ගතිතුණවලින් පිරුණු මිනිසුන් සෑම රටකම සෑම සමාජයකම පාහේ බිහිව ඇත. එවන් අය මරණයෙන් පසුවද දේවත්වයෙන් පුදනු ලබන අතර සැබවින්ම ඔවුන් මරණයෙන් මතු සුගතිවලට පුනර්ජන්මය ලබන්නෝ වෙති.
ඉහත දැක්වූ මනුෂ්‍ය කොට්ඨාස පහක් අතුරින් වර්ග තුනක්ම රූපයෙක් මිනිසුන් උවත් සැබවින්ම ඔවුන් තුළ මිනිස් ගුණ ධර්ම හෝ මිනිස් සුවඳ නැත. කොටස් 02 ක් පමණක් ඒ උතුම් මිනිසත්කම පවතී. අතිශය දුර්ලභවූ මිනිසත් බව ලැබ ඉන් නියම ඵල ප්‍රයෝජන නොදන්නාකම නිසා ලබා නොගතහොත් නැවත කල්පාන්තර ගණනාවක් දුගතිවල විඳවන්නට වන බැව් අවබෝධ වෙත්වා!
කොබ්බෑවල මනදාස වීරසිංහ
උපුටා ගැනීම - බුදුමග
දිවයින පුවත්පත (2013/07/22)

සෑම බෞද්ධයකුම සිතට ගෙන තමන් හදුනාගෙන එම තත්ත්වයන්ට වැඩ කළයුතු බව මෙම බුද්ධ දේශනාව අනුව තේරුම් ගියා. මෙම ධර්ම කරුණු කාරණා ගෙන හැර දැක්වීම ගැන ඔබතුමාට බොහෝම පින්සිදුවේවා!!!.......... සාධු.......සාධු...............සාධු .......................
ReplyDeleteතෙරුවන් සරණයි
Delete