Blogger Widgets

Wednesday, May 8, 2013

කීර්තියට වඩා මනුෂ්‍යත්වය උතුම්ය

කෙවින් කාටර්(Kevin Carter) යනු ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පියෙක් සහ මාධ්‍යවේදියෙක්. මොහු වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ මොහු අතින් ඡායාරූපයට නැගුනු ලොව කැලඹූ අවස්ථාවක් නිසා..

සුඩානය මෙලොව ඇති දිළිදුම රටවල් වලින් එකක්. කන්නට ගහක කොලයක්වත්, බොන්නට දිය පොදක්වත් සොයාගන්නට අපහසු රටක්. පහළින් ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුඩාන දරුවෙකු කැමට යමක් ලබාගැනීමට ඉතා දුර පිහිටි අහාර සැපයුම් මධ්‍යස්ථානයකට යන අතර වාරයේ මහන්සිය නිසා ගිමන් හරින අවස්ථාවක්.තව නොබෝ වෙලාවකින් මරණයට ලගා වන මෙම දරුවා ආහාරයට ගැනීමට නිතර ඔහු ලග ගැවසෙමින් සිටි ගිජුළිහිනියෙකුද මෙහි පසෙකින් සටහන් වෙලා තියෙන්නෙ අහම්බයකින් නොවේ.



තමන්ගෙ කැමරා කාචයට හසුකර ගැනීමට හොද අවස්ථාවක් සොයමින් සිටි කෙවින් කාටර්ට මෙම අවස්ථාව කැමරාවේ සටහන් කර ගැනීමට විනාඩි 20ක් පමන ගතවුනා.


මෙම ඡායාරූපය එම වසරේ පුලිට්සර් ත්‍යාගය (The Pulitzer Prize - U.S. award for achievements in newspaper and online journalism, literature and musical composition) දිනා ගැනීමට සමත් උවත් මෙහිදී කෙවින් කාටර් ගේ මනුශ්‍යත්වය ප්‍රශ්න කිරීමකට ලක් උනා. The New York Times පුවත්පත විසින් මෙම ඡායාරූපය සහ කතාව ප්‍රසිද්ධියට පත් කල පසු ජනතාවද කැලඹීමට ලක්වුනා. කෙසේ වෙතත් ඡායාරූපය ගැනීමෙන් පසු කෙවින් කාටර් ලමයාට උදවු කල බවත් ලමයා ආහාර සැපයුම් මධ්‍යස්ථානයට ගිය බවත් පුවත්පත පසුව ප්‍රකාශ කරා. නමුත් එම ලමයා සොයා සුඩානයට ගිය කන්ඩායමකට ඔහුව සොයාගැනීමට හැකිවී නැහැ.


පසුව මෙම සිද්ධියෙන් සහ තමන්ගේ අනෙකුත් අත්දැකීම් වලින් දුකට සහ වේදනාවට පත්ව, මාද්‍යවේදියෙක් ලෙස තමන් අතින් වරදක් සිදුවූ බව පසක් කරගෙන කෙවින් කාටර් එම වසරේදීම සියදිවි හානි කර ගන්නවා.

සමහර විටෙක තමා ලමයා දුටු මොහොත සහ ඔහුට වතුර උගුරකින් හෝ උපකාර කිරීම පමා කර විනාඩි 20ක් ඡායාරූපයක් වෙනුවෙන් ගතකිරීම ඔහුගේ හිතට වද දෙන්නට ඇති.


මොහොතක් සිතන්න.............


තමන්ගේ උන්නතිය, ගෞරවය , කීර්තිය උදෙසා මෙසේ හැසිරෙන ජනමාද්‍යවේදීන් , පුද්ගලයන් අප අතරත් සිටිනවා නොවේද ? මනුශ්‍යත්වය , අනුකම්පාව , පරාර්ථකාමීත්වය මනුශ්‍ය සිත් වලින් කෙමෙන් කෙමෙන් ඈත් වෙනවා නොවේද ?


අඬහැරය - 2013/02/11

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...