Blogger Widgets

Monday, May 6, 2013

සිංහල බෞද්ධ සහෝදරයිනි

සිංහ ලේ ඇති උතුම් ආර්යවංශයට අයිති ආර්යවර්තයේ ජන පදයකින් නික්මුන නිර්භීත සිංහල ජනකායකින් පැවතෙන්නා වූ පරම්පරා හැත්තෑවක් සිංහනාද කරමින් සිටි සූර සිංහලයන්ට වාස භූමිය වූ මෙම තම්බපන්නිද්වීපය නොහොත් සිංහලද්වීප වාසි සිංහලයිනි,

අපගේ උතුම් ආගම දවසින් දවස පහත බසින්නේය. අප උතුම් ජාතිය දවසින් දවස පිරිහීමට යන්නේ ය. පූර්වකාලික සිංහලයන් විසින් නොකළා වූ පව් වර්තමාන සිංහලයන් විසින් කරනු ලැබේ. සතුන් මැරීම, හොරකම, පරස්ත්‍රී සේවනය, බොරුකීම, සුරාපානය පෙර සිටි සිංහලයෝ නොකළෝය..

පරදේශ වලින් මෙහි පැමිණි අනාය¸ම්ලෙච්ඡ ද්‍රවිඪ යොනක මිථ්‍යාදෘෂ්ටි පාපීන් සේවනය භජනය පයුරුපාසනය කිරීමට පටන් ගත් තැන් පටන් උතුම් සිංහල ජාතිය පිරිහීමට පටන් ගත්තේ ය.

දැනට අප ඉතාම පහත් ගතියකට පැමිණි සිටින බව ප්‍රත්‍යක්‍ෂයි. ලෝකයේ අනිකුදු සියලුම ජාතීන් දියුණුවෙන මේ කාලයේ අප පමණක් පිරිහීමට යන්නේ මන්ද?


පරාර්ථකාමී

ලංකාවේ සිටින අනික් පරදේශික ම්ලෙච්ඡ ද්‍රවිඩ ජනතාව අපේ අභිමුඛයේ දී ක්‍රමයෙන් විපුලභාවයට පැමිණි සිටින බව නොපෙනේ ද?

අපේ දියුණුවට වැඩ කරන පරාර්ථකාමි අනුකම්පා හිත් ඇති ගුරුවරුන් ද දුර්ලභයි.

ජනහිතකාරි දයාසම්පන්න අපේ ජාතියටද අපේ රටට ද හිතැති ජනප්‍රධානයන්වත් ධන සම්පත් ඇති නිර්ලෝභි ත්‍යාගවතුන්වත් අප අතර නැති බැවින් සිංහල මහා ජනකාය පිරිහෙන්නේ ය.

අපේ ශිල්ප කර්මාන්ත විද්‍යාශාස්ත්‍රාදිය අන්තර්ධානවීමට හේතු පැමිණ තිබේ.

ගිහි පැවිදි

සිංහලයිනි, විසකුරු සර්පයන් වටකර සිටින අපේ ගැලවීම ගැන කල්පනා කරනු මැනවි.

සිංහලයිනි, මත්පැන් බොන්ට පුරුදු කරන මිථ්‍යාදෘෂ්ටීන් ගෙන් සහ කිසි දයාවක් අනුකම්පාවක් නැති පාරදේශික මන්ත්‍රීන් ගෙනුත් බේරෙන්නට උපා යොදනු.

අප ජාතිය නැති වීමට බීම හේතු වී තිබේ. ඉන් නිසා මේ පරජාතිකයන් විසින් ගෙනත් අප ගෙවල් ළඟ පුරවන මත්පැන් බොන්ට එපා.

මරක්කලයන් දිහා බලනු. උන් බොනවාද? දෙවතාවුන් සරණ යන දෙමළ වර්ගයා දිහා බලනු. උන් ඌරුමස්, හරක් මස් කනවාද?

ඉංගී‍්‍රසීන් දිසාව බලනු. උන් කොපමණ වීර්ය කොට ධන සපයන වාද? තේ, රබර් වැවීම උන් අතට වී තිබේ.

වෙළඳාම මරක්කල දෙමළ ජාතීන් අතට ගොස් තිබේ. අප නැති කරන මත්පැන් වෙළඳාම පමණක් සිංහලයන් විසින් කරනු ලබන්නේ මන්ද?

ජාතිවාද නිකායවාද දෙක නිසා අපේ ගිහි පැවිදි දෙකොටස අතර කිසි සමගිකමක්වත් මෛත්‍රීයක් වත් නැත.

ඉන් නිසා අප්‍රමාදව අප සියලු දෙනාම සීලයෙහි පිහිටා අපේ ජාතිය, අපේ උතුම් ආගම දියුණු කිරීමට වීර්ය කටයුතුයි.

හරක්මස්, ඌරුමස් කෑම අත්හැර මත්පැන් පානය අත්හැර මෛත්‍රිය වර්ධනය කරමින් සමගිය වර්ධනය කරමින් අපේ දූ පුතුන්ට ශාස්ත්‍ර ශිල්ප ඉගැන්වීමට අනර්ථයේ වියදම් කරන ධනය වියදම් කලයුතුයි.

සිංහල ජාතියට ජයවේවා!

බුද්ධාගම වැජඹේවා!

(සි. බෞ. 1911/8/5)

උපුටා ගැනීම - ආලෝකෝ උදපාදී (2013/05/02)
http://www.dinamina.lk/2013/01/02/_art.asp?fn=a1301022

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...