16 සියවසේ උග්ගල් අලුත්නුවර ඓතිහාසික පුවත් සම්බන්ධ විමතියක් ඇතිවීම වලකා
ලීම පිණිස සීතාවක රාජසිංහයන් පිළිබඳ නිවැරදි ඓතිහාසික පුවත් වැදගත්
පසුබිමක් සපයයි.
6 වන පරාක්‍රමබාහු සමයේ(ක්‍රි.ව.1412-1467)දිවයින එක්සේසත් වෙමින් තවත් ස්වර්ණමය යුගයක් රටට උදාවිය. රාජධානියේ කේන්ද්‍රස්ථානය හෙවත් අගනුවර වූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ය. එහෙත් එම දීප්තිය පරාක්‍රමබාහු රජතුමාගෙන් අනතුරුව මතුවූ අවුල් වියවුල් නිසා තවදුරටත් නොපැවතිනි. රාජධානිය කොටස්තුනකට බෙදී ගියේය. කෝට්ටේ, යාපනය, උඩරට, වශයෙන් කොටස්තුනක් බවට පත් වූ අතර තවදුරටත් අග්‍ර රාජධානිය සේ කෝට්ටේ සැලකුවත් සෙසු අය ද ස්වාධීනවීමට යත්න දැරීම නිසා එය නාමික එකක් පමණක් විය.
16 සියවස යනු දිවයින පරාධීන වීමේ දොරටුව විවර කළ සියවසයි. 1505 පමණ පෘතුගීසි ආගමනය සිදුවිය. එදා සිට වසර දහස් ගණනක් තිස්සේ තිබූ නිදහස් නිවහල් රාජ්‍යය විනාශ මුඛයට යාමේ ක්‍රියාදාමය ඇරඹිනි. 1521 දී කෝට්ටේ රජමාලිගය බිහිසුණු මංකොල්ලයකට ලක් විය. “විජයබා කොල්ලය” නමින් ඉතිහාසයේ ප්‍රකට මේ සිද්ධියේදී සවැනි විජයබාහු රජතුමා වෙඩිතබා මරා දැමිණි. එම ආරංචිය පැතිරගියේ මායාදුන්නේ කුමරු විසින් කරන ලද්දක් වශයෙන් වුවත් එය අසත්‍ය පුවතක් විය. පෘතුගීසීන්ගේ ද අනුග්‍රහය ද ඇතිව මේ පුවත පැතිර යැවීම පෘතුගීසි විරෝධියකු වූ මායාදුන්නේ කෙරේ මහජන කලකිරීමක් ඇති කිරීමට ගත් උත්සාහයක් බව පෙනේ.
මෙයින් පසුව කෝට්ටේ තවදුරටත් බෙදී ගොස් බුවනෙකබාවන්ට කෝට්ටේ අග්‍රරාජධානිය ආශ්‍රිත කොටසද, රයිගම කේන්ද්‍ර කරගත් ප්‍රදේශය පරරාජසිංහම් හෙවත් රයිගම්බණ්ඩාරටද, සීතාවක ගම කේන්ද්‍රකරගත් ප්‍රදේශය මායාදුන්නේට ද හිමි වනු දැකියහැකිය.
පෘතුගීසීන් තමන් කෝට්ටේ රාජධානියේ ආරක්ෂකයන් සේ අඟවා රජුගෙන් කප්පන් ගනිමින් කටයුතු කරන්ට වීම ඉන් පසුව දක්නට ලැබෙන කාලයයි. එහෙත් පෘතුගීසීන්ගේ ක්‍රියාකලාපය මගින් සැබෑවට සිදුවන්ට වූයේ ගම්බිම් කොල්ලකමින් සාමාන්‍ය වැසියා පීඩනයට පත්කිරීමත් බුදුදහම කේද්‍ර කරගත් මෙරට සංස්කෘතියට මහා විනයක් බවට පත් වීමත් පමණි. එහෙයින් පෘතුගීසීන් පිළිබඳව ජනතාව තුළ ඇති වූයේ දැඩි විරෝධයකි. කලකිරීමකි.“ගෙරිමස් කන පරංගි”ලෙස මෙරට වැසියන් ඔවුන්ව පිළිකුලෙන් හැඳින් වූ නම විය.
එමෙන්ම පෘතුගීසීන් පළවා හරින්නට සමත්වන්නේ මායාදුන්නේ බව වැසියන් අතර වැඩි පිරිසකගේ පිළිගැනීම විය. පසුව ඇතිවන සිද්ධි දාමයන් විමසන විට පැහැදිලිව පෙනී යන්නේ එවකට කෝට්ටේ සිටි තවත් රණශූරයකු වූ වීදියබණ්ඩාරයන් හා මායාදුන්නේ ද එකතු වූයේ නම් පෘතුගීසීන් දිවයිනෙන් පළවා හැරීම ඉතා පහසුවෙන් කළහැකිව තිබුණු බව ය. එහෙත් එය එසේ නොවීය. මායාදුන්නේ සිය දියණියක වීදිය බණඩාරයන්ට බිසවක් ලෙස පාවා දුන්න ද බල ලෝභය නිසා වීදියබණ්ඩාරයන් අවංක සහයෝගයක් නොදුනි. එහෙයින් එම වෑයම අසාර්ථක විය. පසු අවස්ථාවක බුවනෙකබාවන් ද වෙඩි වැදීමෙන් මරණයට පත්විය. එය ද මායාදුන්නේ රජුගේ ක්‍රියාවක් බව අඟවන්නට උත්සාහ කිරීම පෘතුගීසීන් ගේ කූටඋපක්‍රමය විය.
පෘතුගීසීන් මුලදීම අනුගමනය කළ උපායමාර්ගයක් වූයේ තමාට පක්ෂ කරගත නොහැකි රජවරුන් වන මායාදුන්නේ රාජසිංහ වැනි අය පීතෘඝාතකයන් හෝ මිනී මරුවන් ලෙස ප්‍රචාරය කිරීම හෝ එවැනි ප්‍රචාරයන්ට අනුබල දීම විය. සවැනි විජයබා රජු වෙඩිතබා මරාදැමීම මායාදුන්නේ ගේ ගිණුමට බැරකරන්ට උත්සාහ කිරීම එහි අවස්ථාවක් විය. අනතුරුව බුවනෙකබා රජුට වෙඩිවැදී මරණයට පත්වීම ද මායාදුන්නේගේ වැඩක් බව ඇඟවීමට ඔවුහු වෑයම් කළහ. පසු අවස්ථාවක පළමු රාජසිංහයන් ද පීතෘ ඝාතකයකු සේ පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයට ද ඔවුන්ගේ අනුබලය නොඅඩුව ලැබිණි. අනෙක් උපාය වූයේ මෙරට රජ පවුල්වල භේධ ඇති කිරීමත් යන්තම් හෝ සිත් රිදුන කුමරකුමරියන්ට හා මුදලිවරුන් වැනි ප්‍රභූන්ට අනුග්‍රහ දක්වන මුවාවෙන් රැකවරණය සපයන්ටත් උදව් කරන්ටත් සිටින්නේ තමන් බව ඇඟවීම හා කටයුතු කිරීම විය. එවැනි අවස්ථාවන් මේ කාලය තුළ දක්නට හැකි සුලභ සිද්ධීන් වෙයි.

No comments:
Post a Comment