දරුවන් යනු අමිල වූ සම්පතකි.ජාතියකට පරපුරකට දරු
සම්පත තරම් වටිනා අන් කිසිවක් තිබිය නොහැකිය.රටක අනාගතය ජාතියක ප්‍රාර්ථනය
වන්නේ දරුවන් වන අතර ලෝකයේ සෑම රටක් මෙන්ම ජාතියක්
ම මෙකී කරුණ විෂයෙහි ප්‍රධානත්වය දෙති.බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ
දරුවන් යනු මිනිසාට තිඛෙන එකම සම්පත බවය.ජෙසුස් වහන්සේ දේශනා කරන්නේ ස්වර්ග
රාජ්‍යය දරුවන් ගේ බවය.එනිසා කවරම රටක් වුවද සිය පොහොසත් බව දරුවන් ලැබීමේ
ශක්‍යතාවයට අනුවද මනිනු ලැබේ.ලෝකයේ සියළු ජාතීන් ආගම් උසස් කර සලකන
ප්‍රධානත්වය දෙන මේ කාරණය සිංහල ජාතියට පමණක් අදාල නොවේ.මෙය සියලු
ලාංකිකයනටම අදාල වන්නක් ද නොවේ.මුස්ලිම් ජනයා කිසිවිටකත් සිය ජාතියේ දරුවන්
බිහිවීම සඳහා වල කපන්නේ නැත.බාධා කරන්නේ හෝ නීති පනවන්නේ නැත.දෙමල ජනයාද
එසේමය.තම ජාතියේ දරුවන් කෙතෙක් බිහි වුවද ඔවුනට එය මහා සම්පතකි.එහෙත් සිංහල
ජාතියේ තත්වය මෙයට වඩා අතිශයින් ශෝචනීයය.තමන්ගේ ජාතියේ දරුවන් බිහිවනවාට
සිංහල ජාතියේ වගකිව යුත්තන් කැමති නැත.ඔවුන් කැමති වන්නේ සිංහල පවුලක එක්
දරුවෙක් සිටිනු දකින්නටය.එක් දරුවා බැගින් බිහිකර සිංහල ජාතිය කවදා හෝ
විනාශ වී යනු දකින්නට ඔවුන් කැමතිය.එ මක් නිසාද යන්න ට පිළිතුරු නැත.එහෙත්
සත්‍යය එයයි.
දරණාගම කුසලධම්ම හිමියෝ දරුවන් තිදෙනකුට වැඩි, නැති බැරි සිංහල බෞද්ධ පවුල්වලට මාසිකව රු.5000ක් සහ කිරි ගවයෙක් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අරඹා තිබේ. සිංහල මව්වරුනට දරුවන් බිහිකරන්නට ආරාධනාවක් පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවරින් ලැබුණි.දකුණු ලකෙන් ජාතියේ පිනට පහල වූ පරවාහැර චන්දරතන නාහිමියන් සිංහල ජාතියට සිදුවෙමින් යන විනාශය පැහැදිලිව දුටු බුද්ධ පුත්රැයාණන් වහන්සේ නමකි. අන් ජාතීන්ට හිරිහැර කිරීම වෙනුවට අපේ පරපුර රකින්නට උන්වහන්සේ විශේෂ මෙහෙවරක් සූදානම් කළහ. දරුවන් පස්දෙනෙක් බිහිකරන පවුල් වලට විශේෂ ආධාර කරන්නට උන්වහන්සේ තීරණය කළහ.
පසුගිය ලංකාවෙහි දුෂ්කර පලාත්වල අසරණ පවුල් වෙත සිංහල ජාතියේ උන්නතිය සොයා තරුණ මහත්මියක් මෙම පණිවිඩය රැගෙන දූත මෙහෙවරක නිරත වූයේ ඒ අනුවය. නගරවල සිටින දරුවන් දහයක් හදන්නට හැකි ධනපති මිනිසුන්ට දරුවන් ගේ වටිනාකමක් නැත.ඔවුන් ගේ ශරීරයන් සොයන්නේ හුදු තෘප්තිය පමණකි. නගර බද පවුලක දරුවන් දෙදෙනෙක් සොයා ගත හැක්කේ ඉතා අපහසුවෙන්. ධනයම අරමුණු කරගත් මෙම අයට දරුවන් තනන්ට බැරිනම් දරුවන් හදන අයට උපකාර කිරීම කළ හැකි නම් එය මහත් පින්කමකි. ජාතික මෙහෙවරකි.
දරණාගම කුසලධම්ම හිමියෝ දරුවන් තිදෙනකුට වැඩි, නැති බැරි සිංහල බෞද්ධ පවුල්වලට මාසිකව රු.5000ක් සහ කිරි ගවයෙක් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අරඹා තිබේ. සිංහල මව්වරුනට දරුවන් බිහිකරන්නට ආරාධනාවක් පසුගිය දා ප්‍රංශයේ පැරිස් නුවරින් ලැබුණි.දකුණු ලකෙන් ජාතියේ පිනට පහල වූ පරවාහැර චන්දරතන නාහිමියන් සිංහල ජාතියට සිදුවෙමින් යන විනාශය පැහැදිලිව දුටු බුද්ධ පුත්රැයාණන් වහන්සේ නමකි. අන් ජාතීන්ට හිරිහැර කිරීම වෙනුවට අපේ පරපුර රකින්නට උන්වහන්සේ විශේෂ මෙහෙවරක් සූදානම් කළහ. දරුවන් පස්දෙනෙක් බිහිකරන පවුල් වලට විශේෂ ආධාර කරන්නට උන්වහන්සේ තීරණය කළහ.
පසුගිය ලංකාවෙහි දුෂ්කර පලාත්වල අසරණ පවුල් වෙත සිංහල ජාතියේ උන්නතිය සොයා තරුණ මහත්මියක් මෙම පණිවිඩය රැගෙන දූත මෙහෙවරක නිරත වූයේ ඒ අනුවය. නගරවල සිටින දරුවන් දහයක් හදන්නට හැකි ධනපති මිනිසුන්ට දරුවන් ගේ වටිනාකමක් නැත.ඔවුන් ගේ ශරීරයන් සොයන්නේ හුදු තෘප්තිය පමණකි. නගර බද පවුලක දරුවන් දෙදෙනෙක් සොයා ගත හැක්කේ ඉතා අපහසුවෙන්. ධනයම අරමුණු කරගත් මෙම අයට දරුවන් තනන්ට බැරිනම් දරුවන් හදන අයට උපකාර කිරීම කළ හැකි නම් එය මහත් පින්කමකි. ජාතික මෙහෙවරකි.
මෙම කරුණ සඳහා මව්වරුන් පියවරුන් දැනුවත් කරමින් ගමින් ගමට ගිය ඇයට දැනගන්නට ලැබුණෙ හද කම්පා කරවන පුවතකි.මේ ගම්මානවල සිටින අහිංසක මිනිසුන් දරුවන් ලබන්නට කැමතිය. ගහේ ගෙඩි ගහට බර නොවන බව කියන්නා සේ දරුවන් වෙනුවෙන් සිය වරක් වුව විලි රුදාව වේදනාව විඳින්නට මේ මව්වරුන් කැමතිය.එහෙත් මේ කුස තුල සිටින දරුගැබ ඔසවාගෙන ඇය රෝහලට යා යුතුය .මාතෘ සායනයට යා යුතුය .එහිද ඇයට විඳින්නකට සිදුවන අපහාස අහන කිසිදු මවක් යලි දරුවන් ලබන්නට කැමති වන්නේ නම් එය පුදුමයකි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදුවන මෙම දරු කප්පාදුවට රෝහලේ ඒ අංශය භාරව සිටින හෙදියෝ ද ඉතා කැමතිය.
ගර්භනී මාතාවන් සම්බන්ධ සායන වලදී තුන්වැනි දරුවා ලබන්නට යන මවට විඳින්නට සිදුවන්නේ විලිරුදාවට වඩා දුකකි. හෙදියෝ හැකි තරම් මව අපහසුතාවන් වලට ලක් කරයි. ලිංගිකත්වය හුවා දක්වමින් අපහාස කරයි. ලොව සිටින සියල්ලෝම බිහි වී තිබෙන්නේ ලිංගිකත්වය නිසාය. මේ සේවය කරන හෙදියන් ද ඔවුනගේ දෙමව්පිය සම්භොගයෙන් හටගත් අය වෙති. එසේ නම් අනෙකෙකුගේ කාර්ය මේ අයුරින් අපහසුතාවයට ලක් කරන්නේ මන් ද. කටයුත්ත කෙසේ වෙතත් එහි ප්‍රතිඵලය වන්නේ ලොව උත්තරීතර පදවිය වූ මාතෘත්වය නොවේද. මහජනයාගේ දේපල මුදල් වලින් අධ්‍යාපනය ලබා ඒ අයට කාරුණික සේවයක් ලබා දෙනු වෙනුවට මෙසේ තිරිසන් අයුරින් අපහාස කිරීම කෙතරම් හෙදියකට නොහොබිනා බාල වර්ගයේ වැඩක්ද?
මෙම කරුණ පිළිබඳව තව දුරටත් සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ මෙම අනුදැනුම හෙදියන් ට ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බවය. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපත් පාලනය සඳහා හෙදියන් උපදෙස් ලැබී තිබේ. කෙසේ හෝ දෙවැනි දරු උපතින් පසුව තෙවැන්නෙක් බිහි වීම හැකි තරම් දුරට වලක්වා ගන්නටය. අම්මලා වදන්නට කැමති නම් තාත්තලා කන්නට දෙන්නට කැමති නම් සෞඛ්‍ය අමාත්‍යංශය ට මොන අමාරුවක් දැයි අපට සිතෙයි. කාර් තරග වලට පිරිවර ජනතාවට පිටරට රවුම් ගැසීමට වාහන ගණනාවක් තබා ගනිමින් පිරිවර ජනයා පෝෂණය කිරීමට මෙන්ම අනවශ්‍ය වියදම් වලට රජයට සල්ලි තිබෙයි. දරුවන් වෙනුවෙන් වියදම් කරන්නට මුදල් නැති නිසා නොව ඒවාද ගසා කන්නට අවශ්‍ය නිසා නිර්ලජ්ජිත දරු කප්පාදුවක් හොර රහසේම සිදු කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හරහා රජය මේ නපුංසකභාවය ඇති කරන්නට උත්සහ කරන්නේ ඔවුන් ජනතාවට කන්නට දෙන නිසා ද?
යුද්ධය අවසාන වී දැන් වසර ගණනාවක් ඉක්ම ගොස් ඇත. එදා රජය ප්‍රකාශ කලේ යුද්ධය නිසා ජාතික ආර්ථිකයෙන් බිලියන ගණනක් යුද්ධයට වෙන් කර තිබෙන නිසා පටි තද කරගන්නා ලෙසය. එහෙත් අද එදාටද වඩා ආහාර වල මිල ගණන් අධීකය..සාමාන්‍ය මිනිසෙකුට ජීවත්වීම හිතා ගන්නට ත් බැරිය. අති විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරමින් අසරණ මිනිසුන් අන්තිම සතයටම හූරා කන පාලකයෝ එලි පිටම සමහර දූෂණ වංචා යට ගසති. ඒ පිළිබඳව කතා කරන්නට බොහෝ දේ තිබුණත් මේ ලිපිය ඒ සඳහා නොවේ. දරුවන් ලැබීම වලක්වන්නට රජයට සෞඛ්‍ය අමාත්‍යංශයට ඇති අසනීපය පිළිබඳවය. එයද හොර රහසේය අනෙක් අතට ඉතාමත් අපහාසාත්මක ලෙසය. නීච නින්දිත ලෙසය. එහෙත් මේ සියළු තෙනෙහිලි කම් සිංහල ජාතියට පමණය මුස්ලිම් ජාතීහු කිසි විටකත් මුස්ලිම් දරුවන් බිහි වීම වලක්වන්නේ නැත. හින්දු අයද එසේමය. එහෙත් තමනගේ වල කපා ගන්නට ආත්මාර්ථකාමී සිංහලයන් ට නම් විශාල අවශ්‍යතාවයක් තිබේ. මෙහිදී දැනෙන ශෝකය වන්නේ එය සිදුවන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව වීම නිසාය.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි,නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක ඇමති තුම,ගරු ලේකම් නිහාල් ජයතිලක මහතාණෙනි, ඔබතුමන් මේ ගැන නොදන්නවා විය නොහැකිය. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගෞරවණීයත්වය කෙලෙසකන මෙවැනි ප්රකාශනයන් පිළිබඳ සමාජ කතිකාවතක් නිර්මාණය වීම රජයකට පවා එතරම් සුභදායක නොවේ.අවසානයේ අන් අයගේ පවු වලටද කර ගැසීමට රජයට සිදු වනු ඇත. සමහර රටවල් වල උපත් පාලනයට පාර්ලිමේන්තු හරහා නීති රීති සම්පාදනය කර තිබේ. එය රහසක් හෝ අපහාසාත්මක නියෝගයක් නොවේ. එසේත් නැතිනම් නින්දාවක් නොවේ. සියළූ රට වැසියාටම පොදු නීතියකි. එහෙත් මෙහිදී සිදුවන්නේ බාල වර්ගයේ නොහෝබිනා අපහාසයන් තුළින් මව්වරුන් ට දරුවන් බිහි කිරීම එපා කරවන තත්වයකි. එයද සිංහල ජාතියට පමණක් ය. වෙනත් ජාතියක හෙදියක් තම ජාතියේම මවක් වෙත මේ පහත් කටයුත්ත සිදුකරන්නේ නැත. මෙය ඉතාම පැහැදිලි මානව අයිතිවාසිකම් කඩ කිරීමකි. දරුවන් ලබන්නට දෙදෙනෙකුට ඇති අයිතිය විනාශ කිරීමකි. බලහත්කාරකමකි. කිසිවිටක රෝහලක සිදු විය යුත්තක් නොවේ. සෞඛ්‍ය සේවය මීට වඩා ගෞරවණීය සේවයක් විය යුතුය. එනිසා ඇමති තුමනි. ජාතිය විනාශ කර දැමීමේ මහා පාපකර්මයට ජාතික අපරාධයට හවුල් නොවී ලංකාවේ මව් පියවරුන්ට වන මේ බලපෑම මින් පසු සිදුනොවන්නට වග බලා ගන්න.
විදෙස් රටක සෞඛ්‍ය සේවකයන් හා අපේ සෞඛ්‍ය සේවය දෙස බලන විට ඇත්තේ පුදුමාකාර වෙනසකි. ඔවුහු තමන් වෙත පැමිණෙන රෝගියා සලකන්නේ ගෞරවනීය සේවා දායකයෙක් ලෙසය. අපේ වෛද්‍යවරුන් හා හෙදියන් සලකන්නේ තමන්ගෙන් වැඩක් කරගන්නට ආ අසරණයින් හෝ ණය කාරයින් ලෙසය. එනිසාම දන්නා සියළු රැස්පොට් රෝගියාට පෙන්වන්නට ඔවුහු පසුබට නොවෙති.මේ සියලු වෛද්‍යවරු හෙදියන් ආදීන් අධ්‍යාපනය ලැබූයේ අසරන ජනතාවගෙන් අය කරගත් බදු මුදල් වලින් බව ඔවුන් කිසිදා නොසිතති .කිරි පැකැට්ටුවෙන් සීනි කිලෝවෙන් අය කළ බදු මුදල් වල කුලී වැඩකරුවා ගේද කලු ගල් කඩන්නාගේද රුපියල දෙක තිබෙන බව මේ අය සිතන්නේ ද නැත. තවත් මවකට දක්වන අකාරුණිකත්වය දෙස බලන විට ඔවුන් ජනතාවට කරන සේවය කුමක් දැයි සිතේ.මෙම ලියුම් කරු විසින් කරන මෙම ප්‍රකාශයෙහි සත්‍ය අසත්‍යතාවය ඔබටම දැකගත හැක. සහෘදය මදක් නිවසින් එලියට බහින්න. මව්වරුන් කිහිප දෙනෙක් හමුවන්න ඒ අය හමු වී කතා කරන්න. අසන්න .එවිට ඔබට මේ කියන කරුණෙහි සත්යවය වැටහෙනු ඇත. ලෝකයට ම මුර ගා මව් පදවියේ ශෙෂ්ඨත්වය අප පැවසුවද එකී ශෙෂ්ඨත්වය රෝහලේ ගැබිණි වාට්ටුවේ දී මාතෘ සායනයේ දී නිර්ධය උපහාසයට හා විවේචනයට ලක් වන බව ඔබ නොදන්නවා විය. හැකිය එනිසා ඔබම මගට බැස විමසා ඔබම දැනගන්න අසත්‍ය ය නම් බැහැර කරන්න. සත්‍යය නම් නිහඩව නොසිටින්න.මේ ගැන හඩක් නගන්නට පුර වැසියෙක් ලෙස ඔබට අයිතියක් තිබේ. මිනිසෙක් ලෙස යුතුකමක් තිබේ. එවිට මවකගේ කුසින් බිහි වූ ඔබ තවත් මවකගේ ගරුත්වය සුරකිනු ඇත. තවත් දරුවෙකුට මෙලොවට බිහි වන්නට අවස්ථාව සලසනු ඇත.
මුලාශ්‍ර - https://www.facebook.com/hmlcj/posts/521913421164397
සංස්කරණය කරන ලදී.
No comments:
Post a Comment